ඔබ බැලිය යුතුම සතුන්ගේ දුර්ලභ ඡායාරූප එකුතවක්

 

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය ආසන්නයේ මුහුදෙහි මෝරෙකු ප්ලාස්ටික් වලින් සෑදූ ඇමකට පහර දෙන ආකාරය. සංචාරක බෝට්ටු පිටුපස මෙවැනි ප්ලාස්ටික් ඇමක් ඇදගෙන යන්නේ මෝරුන් ඉහලට ගෙන්වා ගැනීමේ උපායක් ලෙසිනි.


නොර්වේ, Svalbard ප්‍රදේශයේ බෝට්ටුවක් මත පා යුවල තබාගෙන සිටින හිම වලසෙක්. කළු නාසයේ සහ සුදු ලොම් වල ගෑවී ඇති ලේ සලකුණු වලට හේතුව දින තුනක් තිස්සේ ඌ ගත් දීර්ග ආහාර වේල නිසාවෙනි. 


කැලිෆෝනියාවේ Monterey බොක්ක ආසන්න නොගැඹුරු මුහුදේදී humpback තල්මසෙක් anchovy මසුන් මුඛයේ පුරවාගෙන ජලයෙන් ඉහලට මතු වෙද්දී anchovy  මසුන් ම දඩයම් කිරීමට දිය මතුපිට සිටි pelican කුරුල්ලෙක් හසුවන ආකාරය.


ෆ්ලොරීඩා හිදී ලෙමන් මෝරෙකුට ඉතාම ආසන්නව සිට ගත් ඡායාරූපයක්. 41 හැවිරිදි John Chapa ඩොලර් 100ක ගාස්තුවකට නිර්භීත සංචාරකයින්, මෝරුන්ට ආහාරදීම සදහා ආසන්නයටම රැගෙන ගොස් මෙසේ ඡායාරූපගත කරයි.


Doug Seus තම සුරතලුන් 4 දෙනාගෙන් එකෙකු වන Bart 2 නම් වලසාගේ මුඛය තුලට මුහුණ දමා ගෙන සිටිමින්. Doug සහ ඔහුගේ බිරිද තම ගොවිපලේ සුරතලයට මෙම වළසුන් වසර 40ක් තිස්සේ ඇති කරන අතර Bart 2 මේ වන විට HBO රූපවාහිනියේ Game of Thrones තුලින් ලොව ජනප්‍රියව සිටිනවා. Bart 2 ජනප්‍රිය හොලිවුඩ් තරු වන Brad Pitt, Jennifer Anniston සහ Eddie Murphy සමග වීඩියෝ පට සදහාද පෙනී සිට තිබෙනවා.


දකුණු අප්‍රිකාවේ ශාන්ත ජොන් වරාය අසල 2013 ජූනි 24 Steven Benjamin විසින් ගන්නා ලද මෙම ඡායාරූපය ජලයෙන් ඉහලට පනින humpback තල්මසුගේය. මෙම ඡායාරූපයෙන් humpback තල්මසුන්ගේ විශ්මයජනක ශක්තිය හා ජවය මනාව පෙන්නුම් කරයි. දකුණු අප්‍රිකාවේ සිට මොසැම්බික් සහ මැඩගස්කර් මුහුදු තීරය දක්වා උණු දිය සොයාගෙන යන තල්පසුන් 1000ක ගේ පමණ රංචුවක් අධ්‍යයනය කරමින් සිටියදි මෙම ඡායාරූපය ගෙන ඇත.


දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් බටහිර ප්‍රදේශයේ කැමරාව අසලටම පැමිණි caracal lynx වර්ගයේ බළල් කුලයට අයත් සත්වයෙක්. ගොවි බිමක අටවා තිබූ උගුලකට අසුවී සිට එයින් ගලවා මුදා හැරිය පසු මෙලෙස කැමරාව අසලට පැමිණ ඇත.  මෙම සතුන් විශාල ලෙස ගොවිබිම් හිමියන් විසින් මරා දමනු ලබයි.


දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවේ දී ගන්නා ලද කෙලිදෙලෙන් පසුවන බැබුන්ගේ ඡායාරූපය. මෙම බැබුන් වදුරන් සංචාරකයන් අතර ඉතා ජනප්‍රියයි.


වයස අවුරුදු 5ක් වන මේ Sampson නම් සයිබීරියන් කොටියා Carl Bovard ගේ සුරතලෙකි. Sampson රාත්තල් 700ක් පමණ බරින් යුක්තවන අතර දෙපයින් සිටගත් විට අඩි 9.5ක් උසින් යුක්තය. Florida හි ඔහුගේ ගෙවත්තෙහි තවත් බොහෝ සතුන් ජීවත් වන අතර එය සංචාරකයින්ටද විවෘතව තිබෙනවා.


Game of Thrones නාට්‍ය මාලාවේ චරිත ලෙස වෙස් ගන්වා සිටින බල්ලන් තිදෙනා. කුඩා කල සිටම මෙම බල්ලන් හිමිකරුවන් විසින් විවිධ නාට්‍ය හා චිත්‍රපට චරිත ලෙස වෙස්ගන්වා තිබෙනවා.


රාත්තල් 21ක් බරින් යුතු අගල් 40ක් පමණ උස Andrew ගේ විශාල බළල් සුරතලා.


මේ ඉන්නේ බ්‍රිතාන්‍යයේ ලොකුම බල්ලා. මාස 18ක් වයසැති අඩි 7ක් උස මෙම බල්ලා ගේ නම Freddy.


 

 

 

Related articles

 

© 2015 srilife.lk