selfie අරන් අන්තර්ජාලයේ ජනප්‍රිය වූ අපූරු පූස් පැටියා

selfie ඡායාරූප කියන්නේ මේ දවස් වල ලෝකයේ ගොඩක් ජනප්‍රිය කලාවක් කීවොත් නිවැරදියි. මේ විදියට ගන්න selfie  ඡායාරූප මිලියන ගණනක් දිනකට සමාජ ජාල වෙබ් අඩවි වලට එකතු වෙනවා. මිනිසුන් මේ විදියට selfie ගන්න අතරේ තවත් එක් සුවිශේෂී කෙනෙක් මේ විදයට ඡායාරූප අරන් එයාගේ Instagram ගිණුමට දාල තියෙනවා. මෙයා කොතරම් ජනප්‍රිය උනාද කියනවානම් දැන් අන්තර්ජාලයේ මෙයාව follow කරන මිනිස්සු 40000ක් විතර ඉන්නවා.

එයාගේ නම තමයි Manny, ඇත්තටම කියනවා නම් මෙයා පූසෙක්. 


මැනී ගොඩක් ආසයි GoPro කැමරා වලට, මෙයා කැමරාවක් දැක්ක ගමන් එයාගේ අත් දෙක කැමරාව ළඟට ලං කරලා අල්ලගන්නවා. මේ නිසා ලස්සන selfie ඡායාරූප ගන්න එයාට හැකි වෙලා තියෙනවා.


ගොඩක් ලස්සනට එළිමහනේ ගත්ත Manny ගේ ඡායාරූප වල එයා සෙල්ලම් කරන අතර ගත්ත ඡායාරූප වගේම එයාගේ බලු යාළුවෝ එකක් ගත්තු ඡායාරූපත් ඔයාලට බලන්න පුළුවන්.






 


source : lovemeow

Related articles

 

© 2015 srilife.lk