ඔයාලත් Selfie ගන්නව නම් මේ ටිකත් කියවලා බලන්න

 

Selfie කියන වචනය ඉංග්‍රීසි භාෂාවට එකතු වෙන්නේ 2013 වසරේ දී ය. 2013 අගෝස්තු මාසයේ Oxford ශබ්දකෝෂයට එකතුවන මේ වචනය 2013 වසරේ වචනය (Word of the Year) ලෙසද  Oxford  විසින් නම් කරනවා.


ලෝකයේ පළමු Selfie එක ලෙස සැලකෙන්නේ 1839 දී Robert Cornelius නම් ඡායරූප ශිල්පියා විසින් ලබාගත් ඡායරූපයයි. 


කරන ලද සොයා බැලීමකින් Selfie යන වචනය මුල්වරට භාවිතා කර ඇත්තේ 2002 සැප්තැම්බර් 13 වන දිනයි. ඒ අවුරුදු 21ක ඕස්ට්‍රේලියානු තරුණයෙක් විසින් ය. ඔහු බීමත්ව සිටියදී සිදුවුන අනතුරකින් ඔහුගේ මුහුණට හානි වී තිබෙනවා. ඔහු හානි වු මුණේ ඡාරූපයක් හා ඔහුට සිදුවුන අනතුර පිලිබද අන්තර්ජායේ පල කිරීමේ දී මුල්වරට Selfie යන වචනය භාවිතාකර තිබනවා.

"Um, drunk at a mates 21st, I tripped ofer [sic] and landed lip first (with front teeth coming a very close second) on a set of steps. I had a hole about 1cm long right through my bottom lip. And sorry about the focus, it was a selfie.''


1880 දී Selfie ඡයාරූපයක්  ලබා ගැනිමට හැකි self-timers සහිත කැමරා මුල්වරට නිපදවනවා. 1900 දී  නිපදවන Kodak Brownie box කැමරාව self-timers තාක්ෂණය වැඩි දියුණු කර නිපදවන ලද්දක්.


ජනප්‍රිය සාමාජජාල වෙබ් අඩිවි අතරින් මුල්වරට selfie එකක් පලකරන්නනේ Flickr වෙබ් අඩිවියේ ය. ඒ 2004 වසරේදී ය.


2012 Time සගරාව නම් කල හොදම buzzwords 10 අතරට Selfie වචනය ද ඇතුලත් වුණා.


2012 වර්ෂයේ සිට Selfie යන වචනය භාවිතා කිරීම 17000% වැඩි වි තිබෙනවා.


Samsung ආයතනයේ සොයාගැනීමකට අනුව selfie ඡායරූප ලබා ගන්නන් අතරින් 30% ක්ම වයස 18-24 අතරේ පසුවන අයයි.


සුප්‍රකට පුද්ගලයන් අතරින් 2013 වර්ෂයේ වැඩිම Selfie ප්‍රමාණයක් Twitter වෙත එක්කර ඇත්තේ Miley Cyrus ය. ඇය  Selfie 121 පලකර ඇති අතර ඇයට දෙවැනි වන්නේ Selfie 62 පලකල Tyra Banks ය.


Instagram වෙත එක්කර ඇති posts මිලියන 57කම selfie අන්තර්ගත වෙනවා. 


සාමාන්‍යෙයන් කාන්තාවන් පිරිමින්ට වඩා Selfie ලබාගන්නවා. එහෙත් වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන්ට වඩා වයස අවුරුදු 30 වැඩි පිරිමන් Selfie ලබාගන්නා බව සොයාගෙන තිබෙනවා.


Selfie ඡායාරූප  වඩාත් ප්‍රචලිතව  ඇත්තේ ඕස්ට්‍රේලියාවේය. ඉන් පසු ඇමරිකාව හා කැනඩාවේ ප්‍රචලිතව පවතිනවා. සමික්ෂණයකට අනුව වයස 18-35 අතර පසුවන ඕස්ට්‍රේලියානු කාන්තාවන් තුන්දෙනෙක්ගෙන් දෙදෙනෙක්ම Selfie ඡායාරූප  ලබා ගන්නවා.


2014 ඔස්කාර් සම්මාන උළලේ දී Ellen Degeneres විසින් ලබාගත් Selfie එක මෙතෙක් ලබා ගත් ජනප්‍රියම Selfie එක ලෙස සැලකෙනවා. එම ඡායාරූපයට මිලියන 3.4 ක retweets හා මිලියන 2ක twitter භාවිතා කරන්නන්ගේ කැමැත්ත පල වී තිබුණා.


2014 Selfie Stick  සදහා ඉතා ඉහල ඉල්ලුමක් පැවති වර්ෂයක් . ඒ අතරින් iPhone selfie stick සදහා වැඩි ඉල්ලුමක් පැවති බවයි සදහන් වෙන්නේ.


 

Related articles

 

© 2015 srilife.lk