ඔයා ෆොටෝ වලට කැතයිද? ෆොටෝ වලට ලස්සනට පෙනී ඉන්න රහස මෙන්න

අපි කොච්චර ඡයාරූප ගත්තත් ඒ ඡායාරූප ලස්සන නෑ කියලා අපි හැමෝටම හිතෙනවා. ඔයා හිතලා බලන්න Facebook එකට ඡායාරූපයක් දාන්න ගියොත් සුදුසු එකක් තෝරගන්නේ ඡායාරූප කියක් අතරින්ද කියලා. ඒක අපි බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක්. මේ ගැටළුවට වැඩිපුරම මුහුණ දෙන්නේ කාන්තාවන්.

එත් සමහර අය ඡායාරූප වල දී ගොඩක් ලස්සනයි. ඔවුන් ඡායාරූපවලට ඉතා සැහැල්ලුව පෙනී සිටිනවා. ඔවුන් ඒ විදහට ඡායරූපවල දී ලස්සනට ඉන්න අපි නොදන්න රහසක් තියනවද?

Jodee Ball නම් ඡායාරූපශිල්පියා ලස්සන ඡයාරූපයක් ලබාගන්න හැකිවෙන අපි මෙතෙක් සැලකිල්ට ලක් නොකල සරල රහස් 6ක් හෙලිකලා. ඔහු කියන විදිහට ඡයාරූපයක් ලැබගැනීමට පෙර,

1. පළමුවෙන්ම කල යුත්තේ වෙහෙසක් නොගෙන හරිම සැහැල්ලු ඉරියව්වකට පැමිණිමයි.

2. ඔබේ සිරුර කැමරාවෙන් අංශක 75ක් පමණ ඉවතට හැරවීම සිදුකරන්න

3. ඔබේ අත් දෙක පහත දැමීම හෝ අත් තබා ගැනිම පිළිබද සැලකිලිමත් වන්න.

4. ඔබේ උරහිස පහල දමන්න

5. ඔබේ දනහිස් මදක් නමන්න.

6. අවසාන වශයෙන් ඔබේ හිස මදක් හරවා ඡයාරූපයට පෙනී සිටින්න

දැන් ඉතිං ඔයත් photogenic


සැහැල්ලු ඉරියව්වකට පැමිණෙන්න


ශරීරය අංශක 75ක් පමණ කැමරාවෙන් ඉවතට හරවන්න


ඔබේ අත් පිළිබද සැකිලිමත් වෙන්න


උරහිස මදක් පහල දමන්න


දනහිස් මදක් නමන්න


හිස තරමක් පැත්තකට හරවන්න


Jodee ක්‍රම හයට අමතරව ඡායාරූපයක් ලබා ගැනීමට පෙර ඔබේ මුහුණු නැවුම්ව තබා ගැනීමත්, මුහුණෙන් හැගීම් ඉදිරිපත් කිරීමත් සිදුකරන්න. ඒ වගේම ඔබේ ඇදුමත්, වටපිටාවත්, ඡයාරූපයට ලැබෙන ආලෝකයත් ඡායරූපයේ සුන්දරත්වයට ලොකු බලපෑමක් සිදු කරනවා. ශරීරය සෘජුව පවත්වා නොගෙන නම්‍යශීලිව තබා ගන්න පුළුවන් නම් ඡායරූපය ගොඩක් ලස්සන කරගන්න පුළුවන්

 

Related articles

 

© 2015 srilife.lk