මේ සුප්‍රකට වෙළද ලකුණු වල සැගවුණු අර්ථයන් ඔබ දන්නව ද?

 

Baskin Robbins

මේ ලංඡනයේ රෝස පාට කොටස දෙස බලන්න. එහි අංක 31 පැහැදිලිව පෙනෙනවා. මේ ආයතනය සතුව ඇති නිෂ්පාදන විවිධ රසයන් 31කින් යුක්තවනවා.


Formula 1

හොදින් බැලුවොත් F අකුර සහ රතු පාට වේගවත් බව පෙන්වන සලකුණ අතර අංක 1 පැහැදිලිව දකින්න පුළුවන්.


Unilever

Unilever සමාගම විවිධ වර්ගයේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ ලංඡනයේ ඔවුන් නිෂ්පාදනය කරන සියළු නිෂ්පාදන සංකේත මගින් දක්වා තිබෙනවා.


Amazon

මෙහි ඊතලය  A සිට Z දක්වා යොමු වී තිබෙනවා. Amazon හරහා A to Z ඕනෑම දෙයක් මිල දී ගන්න පුළුවන් බවයි එයින් කියවෙන්නේ.


Sun Microsystems  

Sun Microsystems  ලංජනයේ වම් පැත්තෙන් ඇති කොටුවේ ඕනෑම දිශාවකට බැලුවත් Sun යන වචනය කියවන්න පුළුවන්


Coca Cola

මේ ලංජනයේ O අකුර දෙස හොදින් බැලු විට ඩෙන්මාර්ක් කොඩියට සමාන බවක් පෙනෙනවා. සමාගම විසින් ඩෙන්මාර්කයේ Coca Cola අලවිය වැඩි කිරීම සදහා මෙය මාධ්‍ය හරහා ප්‍රචලිත කලත් ඇත්තෙන්ම ලංජනය සදහා ඩෙන්මාර්ක් කොඩිය භාවිතාකර නෑ.


LG

බැලු බැල්මට තද රෝස පාට රවුම් කොටසින් පෙනේනේ ඇසක් වසාගෙන සිටින මුහුණක්ය. තවත් හොදින් බැලුවොත් "L" නහය විදහටත් "G" අකුර මුහුණේ පිටත දැක්වෙන රේඛාව විදයටත් පැහැදිලිව පෙනෙනවා.


Toyota

Toyota සමාගම කියන විදියට මෙහි ඇති එකිනෙක මත වැටී ඇති oval හැඩයන් තුනෙන් පාරිභෝගිකයාගේ හදවතත්, ටොයොටා සමාගමේ හදවතත්, පසුබිමේ ඇති අවකාශයෙන් ටොයොටා හි තාක්ෂණික වැඩිදියුණු කිරිම් හා ඉදිරියේ ඇති අසීමිත අවස්ථාවන් සංකේතවත් කරනවා. වඩා හොදින් oval හැඩයන් දෙස බැලුවොත් තවත් ආකර්ෂණීය දෙයක් ඔබට දකින්න පුළුවන්. ඒතමයි Toyota වචනය එම හැඩවලින් නිර්මාණය කරන්න පුළුවන් වීම.


FedEx

මේ ලාංඡනයේ "E" සහ "X" අකුර අතර හොදින් බැලුවොත් ඊතලයක් දකින්න පුළුවන්. මෙහි නිර්මාණකරු Lindon Leader කියන්නේ එයින් ඉදිරිය, වේගය හා නිවරද්‍යතාවය පෙන්නුම් කරන බවයි. මේ ලංජනය සදහා සම්මාන 40ක් පමණ හිමිව ඇති අතර පසුගිය වසර 35 තුල නිර්මාණය වු හොදම ලාංඡන 8 අතරට ද තෝරාගෙන තිබෙනවා.


Tostitos

මැද්දෙන් ඇති T අකුරු දෙකෙන් යාළුවන් දෙන්නෙක් tostitos chips කමින් සිටින ආකාරයක් පෙන්නුම් කරයි.


NBC

 

මෙහි දැක්වෙන මොණර ලංඡනය ඉතා වර්ණවත් වීමට හේතුවක් තිබෙනවා. NBC ආයතනයේ හිමිකරු 50 දශකයේ දී වර්ණ රූපවාහිනි නිෂ්පාදනය ආරම්භ කලා. මිනිසුන්ට කළු සුදු සහ වර්ණ අතර වෙනස හෙදින් පෙන්නුම් කරීමට ඔහු තම ආයතනයේ ලංඡනය ඉතා වර්ණවත් ලෙස නිර්මාණය කර තිබෙනවා.


Firefox

අවධානයෙන් Firefox ලංඡනය දෙස බලන විට ලෝක ගෝලය වටා එතී සිටින ගිනි දැල්වල පැහැයෙන් යුතු නරියෙකුගේ රූපය ඉතා පැහැදිලිව දකින්නට පුළුවන්


 

Related articles

 

© 2015 srilife.lk