2014 වසරේ ඡයාරූපගත කරන ලද විශිෂ්ට ඡායාරූප එකතුවක්

 

Sinabung ගිනිකන්දෙන් විහිදෙන විශාල අළු වලාවක් දෙස බලා සිටින ඉන්දුනීසියානු ගැමි කාන්තාව. 2013 සැප්තැම්බර් මස සිට ක්‍රියාකාරී වු මෙම ගිනිකන්ද පෙබරවාරි මාසයේ පුපුරා යාම හේතුවෙන් ජීවිත 15 පමණ අහිමි වු අතර නිවාස 1000 වැඩි ප්‍රමාණයක් විනාශ විය.


ඇරිසෝනා හි පීනික්ස් නගරයේ සැදෑ අහසේ හමා ගිය දූවිලි කුණාටුව. 39 හැවිරිදි Mike Olbinksi විසින් ඡායාරූප ගතකර ඇත.


කැනඩාවේ Ontario හි මාර්ගයක ගමන් කිරීමට සූදානම් Shockwave රථය. ලෝකයේ වේගවත්ම ට්‍රක් රථය වන මෙය ජෙට් ඉන්ජින් තුනකින් සමන්විතය. මෙයට පැයට සැතපුම් 400ක වේගයකට ලගාවිය හැකි වන අතර සැතපුම් කාලක් තත්පර 6.5කින් පසුකල හැක.


වර්ණවත් කුඩ වලින් අංකාර වු ඉතාලියේ ඇල්ප්ස් කදුවැටිය අසල වෙරළ තීරය. 44 හැවිරිදි Bernhard Lang විසින් මීටර් 500ක් ඉහල සිට හෙලිකොප්ටරයක් අධාරයේන මෙය ඡායාරූප ගතකර ඇත.


ජිම්නාස්ටික් ක්‍රීඩිකා Jen Bricker කැලිෆෝනියාවේ ලොස් ඇනජලීස් හි Santa Monica වෙරළ තීරයේ දී.  Jen ජාන විකෘතිතාවයක් නිසා උපතින්ම පාද අහිමි විය. නමුත් එම ආබාධ තත්වය තිබියදීත් Dominique Moceanu නම් ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාව යටතේ ජිම්නාස්ටික් ක්‍රිඩාව පුහුණු වු Jen ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත්විය. එහෙත් පසුව තම පුහුණුකරු වු Dominique තමාගේම සොහොයුරිය බවත්, පාද අහිමි වීම නිසා කුඩාකලම ඇය වෙනත් තැනක හදාවඩා ගැනීමට දී ඇති බවත් හෙළිවිය.


ස්පාඤ්ඤයේ  Tarragona හි පැවති 25 වන castells තරගයේ දි මිනිසුන් 30 දෙනෙක් එක් වී නිර්මාණය කල මිනිස් කුලුණ


ඩුබායි හි Burj Khalifa ගොඩනැගිල්ලේ ඉහල කුලුණ මත සිට විශේෂ කැමරාවකින් ලබාගත් selfie ඡායාරූපයකි. මෙය මීටර් 830ක් ඉහල සිට ලබාගෙන ඇති මේ කැමරාව පාලනය කර ඇත්තේ Apple iphone app එකක් හරහාය.


දකුණු ඉන්දියාවේ ජීවත් වන අවුරුදු අටක් වයසැති Kaleem අසාමාන්‍ය ලෙස වර්ධනය වු තමාගේ අත් දෙක පෙන්වමින්. ඔහුගේ එක් අතක් කිලෝ අටක් පමණ බරින් යුතු වන අතර අත්ලේ මුල සිට මැදගිල්ලේ කෙලවර තෙක් දිග අගල් 13ක් වේ.‍


පන්ජාබයේ Patiala නගරයේ Avtar Singh පැලද සිටින සාම්ප්‍රදායික 'pagdi' නම් පංජාබ් ජටාව. මෙය බරින් රාත්තල් 100ක් පමණ වන අතර මෙය දිග හැරියවිට මීටර් 645 පමණ වනවා. අවරුදු 16ක සිටඔහු මෙය දිනකට පැය 6ක් පැලද සිටිනවා. එහෙත් මෙම ජටාව නිසා ඔහුට කාර් එකකට ගොඩවීම, දොරකින් එහා මෙහා ගමන් කිරීම අපහසු කාර්යයක් වී ඇති බවයි පැවසෙන්නේ.


එංගලන්තයේ Brompton Ralph නම් ගම්මානයේ කැලයක් ආසන්නයේ සවස්කාලයේ කැමරාවට හසු වු සුන්දර ඡායාරූපයකි.


Kansas හි ඇතිවු විශාල සුලි කුණාටුවක්. මෙය කැරකෙමින් හිම සහ වර්ෂාව පතිත කරමින් හමා යන ඉතා විනාශකාරී කුණුටුවකි. මෙවැනි සුළි කුණාටු ඕනෑම තැනක ඇතිවිය හැකි අතර ශුෂ්ක කලාපවල බහුලව ඇති වේ.


වියට්නාමයේ Quang Binh ප්‍රදේශයේ Hang Son Doong ගුහාව දොරටුව අසල සිට ගත් ඡායාරූපයකි. මෙම ගුහාව මීටර් 200 උසින් හා මීටර් 150ක් පළලින් යුක්ත වන අතර එහි දිග කිලෝමීටර 5කි. මෙය ලොව දිගම ස්වභාවික ගුහාවයි. මෙය ඔස්ට්‍රේලියාවේ John Spies විසින් ඡායාරූප ගතකර ඇත‍.



Sint Maarten හි Maho වෙරළ තීරය අසලම පිහිටි Princess Juliana ගුවන් තොටුපලට ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවේ මුහුදේ කිමිදෙමින් සිටින කාන්තාවක් හා ඇයට සමීප අහසේ ගමන්කරන ගුවන් යානය ඡායාරූපයක සටහන් වී ඇති ආකාරය‍


Source:dailymail.co.uk

Related articles

 

© 2015 srilife.lk