චීස් කන හැමෝම මේ ගැනත් දැනගන්න

Cheese යන වචනය ඉංග්‍රීසි භාෂාවට එක් වන්නේ ලතින් බසින් Caseas යන වචනය හරහාය. චීස් වල ඇති කිරි වල ‍ප්‍රෝටීන් ලතින් බසින් හදුන්වන්නේ එලෙසයි. චීස් ස්පාඥ්ඥ භාෂාවෙන් Queso ලෙසත් , ලන්දේසි භාෂාවෙන් Kaso ලෙසත්, Kase යනුවෙන් ජර්මන් භාෂාවෙනුත්, Queijo යුනවෙන් පෘතුගීසි බසින් හැදින්වේ.

ක්‍රි.පූ 8000 දක්වා ඈත ඉතිහාසයක් චීස් වලට ඇත. චීස් නිෂ්පාදනයට මුලින්ම යොමු වූ බවට සැලකෙන්නේ යූරෝපය, මැදපෙරදිග හා මධ්‍යම ආසියානු රටවල්ය. ක්‍රි.පූ 2000 ඉදිකළ ඉපැරණි ඊජීප්තු පිරමීඩයකත් හරකුන්ගේ කිරිදෙවීම සටහන් කළ සිතුවම් හමුවී ඇත. එම කිරී දීර්ඝ කාලීනව ගබඩා කර ගැනීමට යොදා ගත් ක්‍රමවේදයන් ඔස්සේ චීස් නිෂ්පාදනය ඇරඹී ඇති බවට සැලකේ. 

චීස් නිපදවීමට එළදෙනුන්ගේ , බැටළුවන්ගේ සහ එළුවන්ගේ කිරි වැඩි වශයෙන් යොදාගනු ලැබේ. එහෙත් ලොව අනර්ඝතම සහ අධික වටිනාකමකින් යුක්ත චීස් නිපදවෙන්නේ ගෝන කිරි වලිනි. සාමාන්‍යයෙන් ගෝන කිරි වලින් නිෂ්පාදිත චීස් 1KG සදහා ඇ.ඩොලර් 1000ක පමණ වෙළද වටිනාකමක් ඇත. 

ඇමරිකා එක්සත් ජනපදය ලොව චීස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන අතර ග්‍රීසිය සහ ප්‍රංශය ලෝකයේ වැඩිපුරම චීස් පරිභෝජනය කරන රටවල්ය. ග්‍රීසියේ එක් පුද්ගලයෙක් වසරකට චීස් කිලෝ ග්රෑම් 27.3ක් පරිභෝජනය කරන අතර එම අගය ප්‍රංශයේ කිලෝ ග්රෑම් 24කි. (2003 වාර්ථා අනුව)

Related articles

 

© 2015 srilife.lk