විස්කි ගැන මේ දේවල් ඔබ දන්නවාද?

01. සෞඛ්‍යට ඇති ප්‍රතිලාභ
* අනෙකුත් ඇල්කොහොල් ආශ්‍රිත පානයන් මෙන් නොව විස්කි පානය කිරීමෙන් සිරුරේ බර වැඩි වීමක් සිදු නොවන අතර අධික තරබාරු පුද්ගලයන් ස‍දහා වඩාත් සුදුසුම පානයක් ලෙස විස්කි හදුන්වනු ලැබේ
* හදවතේ ක්‍රියාකාරිත්වය වැඩිකර හෘදයාබාධ ඇතිවීම 50% වැළැක්වීමේ හැකියාවක් විස්කි වලට පවතිනවා.
* සියළුම ඇල්කොහොල් ආශ්‍රිත පානයන් මෙන්ම විස්කි තුළින් සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ දැමීමට බලපෑමක් ඇති කරයි.
* තුවාල වැනි සිරුරේ මතුපිට ස්ථාන වලට විස්කි වත් කිරීමෙන් ඒවාට විෂබීජ ආසාදන ඇතිවීම වැළකේ.

 

02. ගිනස් වාර්තාවකට හිමිකම් කියන විස්කි බෝතලය
1851 -1858 වසරවල් අතර කාලයකදී නිෂ්පාදනය කරන ලදැයි සැලකෙන මෙම මිලි ලීටර් 400 විස්කි බෝතලය දැනට පැරණිම විස්කි බෝතලය ලෙස ගිනස් වාර්ථා වලට හිමිකම් කියයි. අයර්ලන්ත ජාතික පවුලක පාරම්පරික උරුමයක් ලෙස පැවතුනු මෙය කිසිවෙකුවත් විවෘත කර පානය කර නැත. ලන්ඩන් නගරයේ වෙන්දේසියකදී මෙම වසර 150කටත් වඩා පැරණි බෝතලය සදහා යුරෝ 14850ක ලන්සුවක් ඉදිරිපත් වී ඇත.

03. ක්‍රි.පූ 2000ටත් වඩා එහා ඉතිහාසයක්..
බැබිලෝනියානු ශිෂ්ඨාචාරය දක්වා ඉතිහාසයක් විස්කි වලට පවතිනවා. එතෙක් ධාන්‍ය වලින් පමණක් නිර්මාණය කරන ලද විස්කි සදහා ඇල්කොහොල් මිශ්‍රකලා යැයි සාක්ෂි හමුවන්නේ 13 වන සියවසේ ඉතාලියේදීය.

 

04. ජීවිතය පටන්ගන්නේ 40න්
සාමාන්‍යයෙන් විස්කි නිෂ්පාදනය කරන විට එහි ඇල්කොහොල් ප්‍රතිශතය 40% ඉක්මවනවා. පැරණි ව්‍යවහාරයේ පැවති ‘ජීවිතය පටන්ගන්නෙ අවුරුදු 40 පසුවූ පසුවයි ‘ යන්න විස්කි නිෂ්පාදනයට හේතුකාරකයක් වූ බවට ඉතිහාසයේ සදහන්වේ.

 

05. තත්පරයකට යුරෝ 135ක ආදායමක්...
ලෝක වෙළදපොලේ ප්‍රධානම සහ අනර්ඝතම විස්කි සපයන්නා වන්නේ ස්කොට්ලන්තයයි. එරට විසින් නිපදවන විස්කි අපනයනය කිරීමෙන් තත්පරයකට යුරෝ 135ක ආදායමක් උපයන බව ආර්ථික වාර්ථා සටහන් කර සිටී.

 

06. විස්කි හදන්නෙ මොනවගෙන්ද?
විස්කි නිෂ්පාදනය කිරීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වලින් ප්‍රධාන තැනක් හිමි වන්නේ බාර්ලි, ඉරිගු, රයි හා තිරිගු වලටයි. ඒවා සල්ෆර් ඉවත් කරන ලද තඹ නළ ඔස්සේ අතීතයේ පෙරා ගත්තත් අද වන විට ඒ සදහා සුදු යකඩ නළ යොදා ගන්නවා. මෙසේ පෙරන ලද විස්කි වලට වැඩි වටිනාකමක් ලබා ගත හැක්කේ ඒවා බෝතල් කිරීමට පෙර වැඩි කාලයක් පීප්පයක් තුල ගබඩා කර තිබීමෙනුයි. මෙසේ වැඩි කාලයක් ගතවන විස්කි වලට ඉහළ මිලක් සහ වැඩි ඉල්ලුමක් වෙළදපොලේ පවතින බව දැකගත හැකිය.


කෙසේ වුවද විස්කි  ඇල්කොහොල් පවුලේ පානයක් නිසා එයට ඇබ්බැහි වීම එච්චර සුවදායක නැහැ.  ශරීඑයට යහපත් ප්‍රතිලාභ ලබා ගැනීමට විස්කි සීමාසහිත ප්‍රමාණයක් සතියකට වරක් ගැනීමේ ගැටළුවක් නැති අතර දිනපතා ගැනීමෙන් ඇබ්බැහී වීමක් ඇති වී ශරීරයට විස්කි නැතිවම බැරි වන්නට පුළුවන. එම නිසා හැකිතාක් අඩුවෙන් ඇල්කොහොල් පානය කරන ලෙස වෛද්‍යවරුන් අවවාද කරනු ලැබේ.

Related articles

 

© 2015 srilife.lk