සම ලස්සන කරන හොදම ස්වභාවික ආහාර 10ක්

 

පැපොල්

පැපොල් වල විටමින් A, බීටා කැරොටීන් වගේම  papain නම් එන්සයිමයත් අඩංගු වෙනවා. papain ඉතා හොද ප්‍රතිඔක්සිකාරයක් නිසා සමේ මැරුණු සෛල ඉවත් කරන අතරම නැවත අළුත් සෛල ඇති වීම වේගවත් කරනවා. පැපොල් කෑමට ගැනීමෙන්, බීමට ගැනිමෙන් හෝ සමේ ආලේප කිරීමෙන් සමේ තරුණ බව හා දීප්තිමත් බව වැඩි කරගැනීමට හැකිවනවා.


අලිගැට පේර

අලිගැට පේර වල අඩංගු biotin (විටමින් B7 ) මගින් සමේ සෛල නැවත වර්ධනය වීම වේගවත් කරන අතරම  විටමින්  E  සම ස්වාභාවිකව ආරක්ෂා කරයි. මෙහි අඩංගු මේද අම්ල මගින් සමේ වියලි බව නැති කරයි. අලිගැට පේර ආහාරයට ගැනීමෙන් හෝ සම මත ආලේප කිරීමෙන් දිදුලන තරුණ සමක් ඇති කර ගැනීමට හැකිවේ.


කෙසෙල්

කසෙල් වල විශාල පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු නිසා සමේ තෙතමනය ආරක්ෂා කර සමේ වියළි බව නැති කරයි. මෙහි සමට යෝග්‍ය වන විටමින්  A, B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු නිසා සම රැලි වැටීම, සුදුමැලි වීම, අදුරු පැහැ තැන් සහ පැල්ලම් ඉවත් කර සම සිනිදු කරයි.


ඇපල්

ඇපල් වල malic නම් පළතුරු ඇසිඩ් වර්ගය අඩංගු වෙනවා. මෙය රූපලාවන්‍ය කටයුතු සදහා විශාල ලෙස භාවිතා කරන ඇසිඩ් වර්ගයක්. මෙම malic ඇසිඩ් මගින් සමේ මැරුණු සෛල නැවත වර්ධනය වීම වේගවත් කරයි. ඒ වගේම ඇපල් වල අඩංගු කෙදි මගින් කුරුලෑ ඇති වීම පාලනය කරයි.


ස්ට්‍රොබෙරි

මෙහි  අඩංගු salicylic ඇසිඩ් සමේ සිදුරු තුලට ගමන් කර whiteheads සහ blackheads ඉවත් කර සම හොදින් පිරිසිදු කරන නිසා කුරලෑ ඇති විම වලක්වයි. ස්ට්‍රොබෙරි වල ඇති Ellagic ඇසිඩ් ඉතා හොද ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකර සමේ කොලජන් ඉවත් කරන අතර හිරු කිරණින්ද සම ආරක්ෂා කරයි. දිනපතා ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් දිදුලන සමක් ලබා ගත හැකිවේ.


කිවි

කිවි විටමින් C බහුලව ඇති පළතුරකි. කිවි ග්‍රෑම් 100ක විටමින් C මිලි ග්‍රෑම් 98ක් අඩංගුව ඇත. විටමින් C මගින් සමේ තරුණ බව හා පිවිතුරු බව ඇති කරයි.


ආමන්ඩ්

ආමන්ඩ් විටමින් E ලබාදෙන හොදම ආහාරයකි. ආමන්ඩ් ඇට වෙනත් ආහාරයක් සමග හෝ තනිව අහාරයට ගැනීමෙන් එහි ඇති විටමින් E මගින් සම පෝෂණය කර හිරුගෙන් වන හානි වලින් සම ආරක්ෂා කරයි


ලෙමන්

ලෙමන්  සමේ පැහැය වෙනස් කර සම සුදු පැහැ කරන අතරම කුරුලෑ කැලැල් හා වෙනත් කැලැල් ඉවත් කිරීමට සමත්ය. එමෙන්ම සමේ ඇති සිදුරු තුලට ගමන් කර ඇතුලතින් පිරිසිදු කරයි. ලෙමන් විදුරුවකට මීපැණි එක් කර උදෑසන හිස් බඩ පානය කිරීමෙන් සමේ අදුරු පැහැය හා කැලැල් ඉවත් කර දිදුලන සමක් ලබා ගත හැකිය.


කැරට්

කැරට් වල බීටා කැරොටීන් බහුලව අඩංගු වේ. බීටා කැරොටීන් මගින් සමේ පටක අළුත්වැඩියා කරන අතරම අනවශ්‍ය හිරු කිරණින් සම ආරක්ෂා කරයි. කැරට් පිස කෑමට ගැනීමෙන්, කැරට් අමුවෙන් ආහාරයට ගන්නවාට වඩා වැඩි සමට හිතකර බිටා කැරටීන් ප්‍රමාණයක් ලබා ගත හැකිවේ.


වට්ටක්කා ඇට

වට්ටක්කා ඇට  zinc වලින් පරිපූර්ණය. Zinc සමේ සෛල පටල ආරක්ෂා කිරීමටත්, සමේ කොලජන් ප්‍රමාණය පාලනය කිරීමටත්, සෛල නැවත වර්ධනය වේගවත් කිරීමටත් උපකාරී වේ.


 

Related articles

 

© 2015 srilife.lk