මෙන්න තත්පර 60 න් චාර්ජ් වෙන මැජික් බැට්රියක්

 

Stanford විශ්වවිද්‍යාලෙය් රසායන විද්‍යා මහාචාර්යවරෙයක් වන Hongjie Dai හා ඔහුගේ පරීක්ෂණ කණ්ඩායම විසින් නවතම ආකාරයේ බැට්රියක් නිපදවා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඉතා අඩු කාලයකින් බැට්රිය චාර්ජ් කරන්න පුළුවන් වීමයි. ඒ නිසාම මෙය ඔවුන් නම්කර තිබෙන්නේ ultra-fast rechargeable aluminum-ion battery ලෙසයි. ඔවුන් පවසන්නේ මේ බැට්රිය සම්පූර්ණයෙන් චාර්ජ් කිරීම සදහා ගතවන්නේ තත්පර 60ක් පමණ කාලයක් බවයි. පැය ගණන් ජංගම දුරකථන හා ලැප්ටොප් චාර්ජ් කිරීමට වැයකරන බොහෝ අයට නම් මේ තරම් සුභ ආරංචියක්  තවත් නැතුව ඇති.


දැනට භාවිතා වන lithium-ion බැටරියට වාඩා කල්පැවැත්මෙන්ද වැඩි මේ නව බැට්රිය වාර 7500 දක්වා නැවත චාර්ජ් කරන්න පුළුවන්. නමුත් lithium-ion බැටරියක් චාර්ජ් කල හැක්කේ වාර 1000ක් පමණයි. ඒ වගේම මේ බැට්රිය, lithium-ion බැට්රිය මෙන් පිපිරීමේ හා ගිණි ගැනීමේ අවදානමෙන්ද තොර ඉතා ආරක්ෂාකාරී එකක්.

පරීක්ෂකයින් පවසන්නේ දැනට භාවිතයේ පවතින lithium-ion බැටරියට වඩා මෙම බැටරිය සදහා යන පිරිවැයද ඉතා අඩු බවයි. ඇල්මිනියම් ලෝහය ලිතියම් ලෝහයට වඩා මිලෙන් අඩුවීම මෙයට හේතුවයි.


මෙම බැටරියේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි නම්‍යශීලීභාවයයි. ඇල්මිනියම් ලෝහය වටා නම්‍යශීලී විශේෂ ගම් වර්ගයක් ආලේප කර තිබිම නිසා මෙය ඕනෑම අයුරකින් නැමීම සිදුකල හැකි අතර මේ නිසා මෙම බැට්රිය නම්‍යශීලී විද්‍යුත් උපකරණ සදහාද භාවිතා කිරීමට හැකිවනවා.

පසුගිය දශකය පුරාම විද්‍යාඥයින්  මේ ආකාරයේ බැට්රියක් නිපදවීම පිළිබද පරීක්ෂණ කලත් ඔවුන් මේ තරම් සාර්ථක වුයේ නෑ. Hongjie Dai  පවසන්නේ ඔවුන් අහම්බයෙන් graphite නම් ද්‍රව්‍ය යොදාගෙන කල පරීක්ෂණ වලින් මේ අළුත් සොයාගැනීම සදහා මග පෑදුණු බවයි.

නමුත් මේ බැට්රියට දැනට නිපදවිය හැක්කේ වෝල්ට් 2ක විදුලියක් පමණයි. බැටරියේ ධාරිතාව වැඩිකර ගතහොත් නිසැකිවම ඉදිරියේ දී lithium-ion බැටරිය වෙනුවට මේ නව මැජික් බැටරිය ලොවපුරා භාවිතයට පැමිණීම නිසැකයි.

Related articles

 

© 2015 srilife.lk