Android smart phone එකේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්නේ මෙහෙමයි

 

10. Power saver mode එක on කරන්න

ඔබේ දුරකථනයේ Power saver mode එක තියනව නම් එය ක්‍රියාත්මක කරන්න. එයින් low battery අවස්ථාවේ බැටරියේ ආයු කාලය වැඩිකර ගන්න පුළුවන්


09. අදුරු පැහැති wallpaper එකක් යොදන්න

ඔබේ දුරකථනයේ Display එක AMOLED එක් එකක් නම්, මේසේ අදුරු පැහැති wallpaper එකක් යෙදීමෙන් බැට්රියේ ආයුකාලය වැඩිකර ගන්න පුළුවන්. එහෙම වෙන්නේ  මෙවැනි Display වල වර්ණයෙන් වැඩි  pixels පමණක් අලෝකමත් කරන බැවිනි. ඔබ අදුරු හෝ කළු පැහැති wallpaper භාවිතා කලොත් එම කොටස්  ආලෝකමත් කිරීමට අවශ්‍යවන බැටරි ප්‍රමණය අඩුය.


08. Auto-sync අක්‍රීය කරන්න

‍‍facebook, twiter, Gmail වැනි App සදහා Auto-sync මගින් සෑම මිනිත්තු 15කට වරක් update කිරීමට උවමනා නැති නම් එය අක්‍රීය කරන්න. මේ සදහා manual-sync භාවිතා කර බැටරයේ ආයු කාලය වැඩිකර ගන්න.


07. Vibration off කරන්න

Vibrate වීම සදහා ring විමට වඩා වැඩි බලයක් අවශ්‍යවනවා. Vibrate on Touch off කිරීමෙන් ද ඔබේ බැටරියේ බලය විශාල ලෙස ඉතිරකර ගත හැකිවනවා. මෙමගින් ඔබගේ කථා කාලය විනාඩි 10ක් දක්වා වැඩිකර ගනීමට හැකිවන බවයි පැවසෙන්නේ.


06. අනවශ්‍ය widgets  ඉවත් කරන්න

ඔබේ දුරකථනයේ ඇති widgets සදහා ද සැලකිය යුතු බලයක් අවශ්‍යවනවා. ඒ නිසා ඔබ දිනපතාම භවිතා කරන widgets හැර අනෙක් ඒවා ඉවත් කිරීමෙන් ඔබගේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න.


05. Gesture සහ voice activated ක්‍රියාවිරහිත කරන්න

Eye tracking, voice control, voice activation, air- gesture ආදිය සැලකිය යුතු බලයක් භාවිතා කරන බැවින් ඒවා ක්‍රියාවිරහිත කිරීමෙන් බැටරියේ බලය ඉතිරි කරගැනීමට හැකිවනවා.


04. Wi-Fi,Bluetooth,NFC, ක්‍රියාවිරහිත කරන්න.

Wi-Fi, Bluetooth, NFC, Mobile data ඔබ භාවිතා නොකරන හැම විටම ක්‍රියාවිරහිත කරන්න. එමගින් ඔබේ දුරකථනයේ බැටරි බලය සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි වේ.


03. GPS off  කරතබන්න.

GPS ඔබට දවස පුරාම අවශ්‍ය වන්නක් නොවේ. GPS මගින් ස්ථාන හදුනාගැනීම සදහා කරන සංකීර්ණ කර්යය සදහා විශාල බැටරි බලයක් යෙදවිමට සිදුවනවා. එමනිසා එය භාවිතා කරන විට පමණක් ක්‍රියාත්මක කිරීමෙන් ඔබගේ බැටරි ආයු කාලය මෙන්ම ඔබගේ පෞද්ගලිකත්වය ද ආරක්ෂා කර ගැනිමට පුළුවන් වනවා.


02. වැඩි බලයක් උරා ගන්නා Apps හදුනාගෙන ඉවත් කරන්න.

ඔබ minimize කර හෝ suspend වී ඇති App සදහා තවමත් බැටරි බලය යෙදවෙනවා වෙන්නට පුළුවන්. Android battery monitor වෙත ගොස් ඔබගේ බැටරියේ බලය පාවිච්චියට ගන්නා Apps ඔබට බලාගන්න පුළුවන්. දැන් ඔබට අනවශ්‍ය Apps තිබේනම් close හෝ uninstall කර බැටරියේ බලය ඉතිරිකර ගන්න.


01. Screen brightness හා Screen time out එක අඩු කරන්න

ඔබේ බැටරි බලය රැකගත හැකි පහසුම හා ප්‍රතිඵල දායකම ක්‍රමය මෙයයි. Smart phone එකක් තම බැටරි බලයෙන් 40%ක්  පමණ display එක සදහා යොදවනවා. Brightness 50% වඩා අඩුවෙන් තබන්න පුළුවන් නම් බැටරි ආයු කාලය විශාල ලෙස වැඩිකර ගන්න පුළුවන්. Screen time out එක සදහා අඩු කාලයක් යෙදීමෙනුත් බලය ඉතිරි කරගන්න පුළුවන්.


 

 

Related articles

 

© 2015 srilife.lk