Windows සහ Android දෙකෙන්ම වැඩ කරන අළුත්ම ස්මාර්ට් ෆොන් එක

Dual SIM ජංගම දුරකථන ලෝකයට හදුන්වා දෙමින් සන්නිවේදන තාක්ෂණයේ මහා විප්ලවයක් කල චීනුන් විසින් නැවතත් එවැනි විප්ලවීය ජංගම දුරකථනයක් ඔක්තෝබර් 10 වෙනිදා වෙළදපලට හදුන්වා දිමට සැරසෙනවා. Elephone Vowney කියන මේ ජංගම දුරකථනයේ එන අළුත්ම තාක්ෂණය හදුන්වන්නේ dual-boot කියලයි. මේ ජංගම දුරකථනයෙන් මෙහයුම් පද්ධති දෙකක් සමග වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ Windows 10 Mobile සහ Android 5.0 Lollipop කියන මෙහෙයුම් පද්ධති දෙකෙන් ඔබේ කැමත්ත අනුව ඕනෑම එකකින්  වැඩ කරගෙන යන්න පුළුවන්.



මෙය අගල් 5.5 ක LCD display එකින් යුක්ත වන අතර Intel  quad-core ප්‍රොසෙසරයක් සහ 3GB RAM එකකින් ද යුක්තයි. 64GB මතක ධාරිතාවක් මෙම ජංගම දුරකථනය සතු වන අතර 64GB දක්වා microSD card යෙදීමෙන් මතක ධාරිතාව වැඩිකර ගන්න පුළුවන්. මෙහි Android මෙහයුම් පද්ධතියෙන් පමණක් එන තවත් මාදිලියක් සැප්තැම්බර් 30 වෙළදපලට නිකුත්වීමට නියමිතයි.

මෙම ජංගම දුරකථනය megapixel 20.7ක පසුපස කැමරවකින් හා megapixel 8ක ඉදිරිපස කැමරාවකින් සමන්විත වන අතර 3G, GPRS/ EDGE, GPS/ A-GPS, Bluetooth, Wi-Fi සහ Micro-USB වැනි අනිකුත් ජංගම දුරකථනවල ලබාගන්න පුළුවන් පහසුකම් සියල්ලෙන්ම සමන්විතයි. dual-SIM දුරකථනයක් වන මෙය කළු සහ සුදු වර්ණ වලින් රු. 42000ක් පමණ මුදලකට ලගදීම ඔබටත් මිලදී ගන්න පුළුවන් වේවි.


source:betanews

Related articles

 

© 2015 srilife.lk