බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ හොදම බලඇණිය වැනසූ අපේ සිංහල රණ විරුවෝ

 

බ්‍රිතාන්‍යය ලක්දිව පහත රට ප්‍රදේශයන් අත්පත් කරගෙන බොහෝ කලක් පාළනය කලත් ඔවුන්ට උඩරට බලය අල්ලා ගැනීමට නොහැකිවූයේ කන්ද උඩරටට පැමිණීමට ඇති දැඩි අපහසු තාවය (ගිරි දුර්ග, වන දුර්ග, ජල දුර්ග) නිසා පමණක් නොව උඩරට හමුදාවේ ප්‍රභලත්වය නිසායි.

එහෙත් 1803 දී පිළිමතළව්වේගේ රජ කම ලබා ගැනීමට ඇති බල තණ්හාව නිසා ඔහු ඉංග්‍රිසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නොර්ත් හට කන්ද උඩරටට ඇතුල් වන මාර්ගය පිළිබද තොරතුරු හෙළි කළා. මෙයින් කෝපයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිමතලව්වේගේ පවුලේ අය ඝාතනය කරනු ලැබුවා.

මේ තොරතුරු වලින් සන්නද්ධ වූ බ්‍රිතාන්‍ය හමුදාව එවකට ඔවුන්ට සිටි ප්‍රභලතම පාබල හමුදාව වන 51ක් වන පාබල රෙජිමේන්තුවේ (King's Own Yorkshire Light Infantry) සෙබළුන් 625ක්,  19 වන පාබල රෙජිමේන්තුව (Alexandra, Princess of Wales's Own Yorkshire Regiment) යන බ්‍රිතාන්‍ය හමුදා බලඇණි සහ මැලේ (මුස්ලිම්) 1වන ශ්‍රී ලංකා රෙජිමේන්තුව, සිංහල 2 වන ශ්‍රී ලංකා රෙජිමේන්තුව, මිශ්‍ර සිංහල, මැලේ(මුස්ලිමි) 3 වන ශ්‍රී ලංකා රෙජිමේන්තුව කොළඹ සහ ත්‍රිකුණාමලය දෙසින් කන්ද උඩරටට ඇතුල් වුණා.

දරුණු සටන් වලින් පසුව 1803 පෙබරවාරි මාසයේ ඉංග්‍රීසීන් මහනුවර නගරයට ඇතුල් වුණත් ඔවුන්ට අත්පත් කර ගැනීමට හැකිවූයේ කිසිම සිංහලයෙකු නොමැතිවූ පාළු නගරයක්. ඒ වන විටත් රජතුමා ඇතුළු රට වැසියන් නගරය අතහැර ගොස් තිබුණා. ඉංග්‍රීසීන් යටත් කරගත් මහනුවර නගරයේ බලකොටුවක් ඉදිරකර මුත්තුසාමි නම් රූකඩ රජෙකු උඩරට රජු ලෙස ඔටනු පැළදුවා.

මේ විදියට මාසයක් පමණ ගත වූණා. ඉංග්‍රීසීන් හමුදාව සිතුවේ සිංහලයින් පරාජයවී පළා ගොස් ඇති බවටයි. ඔවුන් රටේ ඉතිරි කොටස් අල්ලා ගැනීමට පිඹරුපත් හදමිනුයි සිටියේ. ඉන් පසු වැසි සමය එළඹුනා. වැසි සමය සමග නගරය ආරක්ෂාවට යොදා සිටි ඉංග්‍රීසීන්ට විවිධ රෝග වැළදුනා. ඔහුන්ගේ කාල තුවක්කු මඩ නිසා එහා මෙහා කළ නොහැකි තත්වයට පත් වුණා. මේ අතර ඔවුනගේ හමුදා වල සිටි සමහර සිංහල කුලී හේවායන් ජාතියට ඇති ආදරය නිසා රහසේම පලා ගොස් සිංහලයන් සමග එකතු වුණා.

පහර දීමට සුදුසු කාලය මෙය බව වටහාගත් සිංහලයින් රහසේම සංවිධානය වී කිසිවෙකුගේ අණ දීමකින් තොරව එක් දිනක පාන්දර උඩවත්ත කැලේ දෙසින් රහසේම මහනුවර නගරයට කඩා වැදුණා. අංගම් සටන් වල පරතෙරට පැමිණි මේ ගරිල්ලා සටන් කරුවන් බිහිසුණු සටනකින් පසු මහනුවර නගරය අල්ලා ගත්තා. නොසිතූ ලෙස දරුණු ප්‍රහාරයකට ලක් වූ ඉංග්‍රීසි හමුදාව නගරයෙන් පලා ගියා.

පසු බසිමින් සිටි බ්‍රිතාන්‍ය හමුදාව හඹා ගිය සිංහල රණ විරුවන් පිටාර ගලමින් තිබූ මහවැලි ගං ඉවුරේදී සමූල ඝාතනය කළා. සිංහලයින්ගේ තරම ඉංග්‍රිසි ආණ්ඩුකාරයාට කියා දෙන්නට 19 වන රෙජිමේන්තුවේ කෝප්රල් George Barnsley පමණක් ඉතිරි කළ බවයි සදහන් වෙන්නේ.

එවකට ලොව ප්‍රභලම පාබල හමුදා බලඇණිය ලෙස සලකූ 51 වන රෙජිමේන්තුවේ 625ක් සෙබළුන් ඇතුළු තවත් විශාල සෙබළුන් ප්‍රමාණයක් ඉංග්‍රීසීන්ට අහිමි කළ උඩරට පළමු සටන ලෙස සැලකෙන්නේ මෙයයි.  මෙම සටන ඉංග්‍රිසීන් ඒ වන විට ලොව ලැබූ දරුණුතම පාරාජයක් ලෙස සැලකෙනවා.

සිංහලයන්ටම ආවේණික වූ සටන් කලාවක් වන අංගම් සටන් කලාවේ අති දක්ෂ රණ ශූරයින් විසින් රැක ගනු ලැබූ කන්ද උඩරට කිසි විටකත් යුද්ධයකින් අත් පත් කරගත නොහැකි බව මෙයින් ඉංග්‍රීසීන්ට හොදින් වැටහෙන්නට ඇති. ඒ නිසා පසුව සිංහලයින් අතරම සිටි පාවාදෙන්නන් සමග එක්වී කුමන්ත්‍රණයකින් කපටි ලෙස බලය අත්පත් කරගැනීමට ඉංග්‍රිසීන් උපායන් යෙදුවේ මේ නිසාවෙනි. මෙරට යටත් කරගත් පසු මෙරටට ආවේණික අංගම් සටන් කලාව හැදෑරීම තහනම් කිරීමටද, කිසි විටක පරාජය කළ නොහැකි අප රණ වීරුවන් හේතුවක් වන්නට ඇති.

 

Related articles

 

© 2015 srilife.lk