ඔබත් ලැජ්ජා කාරයෙක්ද? මෙනන් ලැජ්ජාව නැති කරග්නාන විදිය

ඔබත් ලැජ්ජා කාරයෙක්ද? ලැජ්ජාව, කුලෑටිකම, සබකෝලය ආදී විවිධ පද වලින් හැඳින්වුවද මෙම තතවයෙන් පෙළෙන්නන්ගේ පොදු ලක්ෂණයක් වන්නේ තමා තුළ යම් අඩුපාඩුවක් ඇතැයි යන විශ්වාසයක එල්බී සෘණාත්මක ලෙස සිතීමයි.

ලජ්ජාව පිළිබඳව විශේෂඥයකු වන කැනඩාවේ ආචාර්ය ජෝන් බෝකර් එය විග්‍රහ කරන්නේ මෙහෙමයි. ලැජ්ජාශීලීත්වය යනු සිනාවට ලක්වේය යන බිය අධික වී සමාජයමය අවස්ථාවන් මගහැර යාමේ ප්‍රවනතවයයි. ලැජ්ජාව මානසික රෝගයක් නොවේ එය පෞර්ෂයේ දෝෂයකි. ඊට විවිධ මුහුණුවර තිබේ. එහෙත් ලජ්ජාව ප්‍රමාණය ඉක්මවා යන විට ‘සමාජ භීතිය ‘ නම් මානසික රෝගය බවට පත්විය හැකිය. මීට ගොදුරු වන අය ගෙයින් මිදුලට නොබැස දොරගුලු ලාගෙන සිටියි. එයින් මිදීමට නම් මනෝ වෛද්‍ය වරයෙකු වෙත ගොස් ඖෂධ හෝ චාර්යා විද්‍යාත්මක ප්‍රතිකාර ගැනීමට සිදුවෙයි.

අපි කවුරුන් තුලත් ලැජ්ජාව ටිකක් හෝ තිබෙනවා. රැස්වීමකදී, අළුත් රැකියාවකට හෝ ස්ථානයකට යාමේදී එය ඉස්මතු වෙනවා. එහෙත් වාඩාත් ලැජ්ජාව ඇති අයට සාදයකට සහභාගී වීම, දුරකථනයකට කථා කිරීම, නිවසින් පිට තැනකදී  යම් අවස්ථාවක තම මතය ප්‍රකාශ කිරීම, කඩයකින් මිලදී ගත් බඩු නැවත මාරු කරගැනීම වැනි කටයුතු ඉතාමත් අපහසු දේවල් සේ දැනෙයි. ලැජ්ජාවෙන් පෙළෙන ඇතැම් අය  කථා කිරීමේදී කිසිවිටකත් අනෙකාගේ දෑස දෙස නොබලයි.

ලැජ්ජාව කියන්නේ හරියට කෝෂයක් වගේ දෙයක් යැයි ආචාර්ය ජෝන් පවසනවා. එය තුළ ආරක්ෂාකාරී බවක්, උණුසුම් බවක්, සන්සුන් බවක් ලැජ්ජාශීලී පකෙනාට දැනෙනවා. ඒත් ඒ වාගේම එහි හුදකලා බවක්ද තියෙනවා. කැනඩාවේ මැක්මාස්ටර් සරසවියේ මනෝ විද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය ලුයිස් ස්කැම්ඩිට් පවසන්නේ ලැජ්ජාව හා බැඳි ජාන එකක් නොව කිහිපයක්ම පවතින බවයි. මෙම විද්වතුන් පවසන අන්දමට ළදරුවන් අතරද ලැජ්ජාශීලි අය හඳුනා ගන්න පුළුවන්. ඔවුන් අමුත්තන් දුටු විට, නුපුරුදු ස්ථානයකට ගිය විට හඩන්නට පටන් ගන්නාවා ඒ අවස්ථාවේ සමාජශීලි ළදරුවන්ට වඩා ඔවුන්ගේ දකුණු ඉදිරි මොලයේ ක්‍රියාකාරීත්වය ඉහල යන බවයි ඔවුන් පවසනනේ. වැඩෙන විට ළදරුවන්ගේ මෙම තත්වය ඉවත්ව යන අතර 15% පමණ පිරිසක් මේ ලැජ්ජාවෙන් මිදෙන්න අපොහොසත් වෙනවා.

අද ලෝකයේ පවතින විද්‍යුත් තැපෑල, ATM යන්ත්‍ර වැනි නව තාක්ෂණය නිසා මිනිසුන් අතර මුහුණට මුහුණලා කථා කිරීමේ අවස්ථා විශාල වශයෙන් පහළ බසින නිසා මිනිසුන්ට සමාජශීලීව කටයුතු කිරීමේ අවස්ථා බොහෝ අහිමි වෙනවා. මේ හේතුවත් ලැජ්ජාව වර්ධනය වීමට හොඳ  හේතුවක් වෙනවා.

ඔබටත් මෙවැනි ලැජ්ජාවක් තිබෙනවා නම් මෙයින් මිදෙන්න මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට ප්‍රථම ඔබටම මේ සඳහා ගත හැකි පියවර කිහිපයක්ම තිබෙනවා. ඒ සඳහා පළමුවෙන්ම තමා තුල ලැජ්ජාව හට ගන්නා අවස්ථා හඳුනාගන්න ඕනි. හැම කෙනෙක්ම එකම දෙයින් ලැජ්ජාවට පත්වෙන්නේ නැහැ. සමහර අය ප්‍රධානීන් හමුවීම, රැස්වීම වලට සහභාගී වීම වගේ දේවල් වලට ලැජ්ජාවක් දක්වනවා. තවත් අය නන්නාදුනන කෙනෙකුට කථා කිරීමට ලැජ්ජා වෙනවා. මේ වගේ ඔබට ලැජ්ජාව ඇතිවෙන්නේ කුමන අවස්ථාවේද කියල හඳුනා ගන්න.

ඔබ ලැජ්ජාවෙන අවස්ථාව හඳුනාගත්තට පස්සේ, ඔබ තුල සිදුවන වෙනස් කම් මොනවාද කියල හොයල බලන්න. ඔබව සිනාවට ලක්වෙයි කියලා හිතෙනවද? එහෙමත් නැතිනම් තදින් දාඩිය දැමීම, හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගැනීම වගේ ශාරික වෙනස් කම් ඇතිවෙනවද කියලා බලන්න. එවන් අවස්ථා වලදී තමන් කරන්නේ කුමක්දැයි හදුනා ගන්න. ඔබ බිම බලාගෙන කථා කරනවාද? කතා නොකරම මුණිවත රකිනවාද? මේ වගේ ඔබ ඒ අවස්ථාවේ හැසිරෙන විදිය හදුනා ගත්තට පස්සේ ලැජ්ජාව බිද දමන්න හරිම ලේසියි.

ඊළග පියවර තමයි මෙවන් අවස්ථාවකදී පැන නගින මේ වගේ සිතුවලි පදනමක් නැති අනුමාන නිසා ඇතිවන බව තරයේ වටහා ගැනීම. ‍ උදාහරණයක් විදියට කාර්යාලයේ සිටින එක් පුද්ගලයෙක් ඔබට කැමති නැතැයි ඔබ සිතන්නේ සමහර විට මුල් දිනයේ ඔහු ඔබට ‘සුභ උදෑසනක්‘ කියා සුබ නොපැතූ නිසා වෙන්න පුළුවන්. ඇත්තටම ඔහු එසේ කළේ ඒ වෙලාවේ ඔහු වෙන කල්පනාවක් ඉන්න නිසා, නැත්තම් ඔහුත් ඔබ වගේම ලැජ්ජාකාරයෙකු නිසා, ඔහු අහංකාර අයෙක් නිසා වෙන්න් පුළුවන්. ඉතිං ඒක ප්‍රශ්නයක්ද? බොහෝ විට කුලෑටි පුද්ගලයන් තමන්ගේ විශ්වාසය හරි යැයි තහවුරු කරගැනීමට තොරතුරු සොයාගත්තත් තමාගේ විශ්වාසය වැරදි යැයි කියන තොරතුරු බැහැර කරනවා.

අපට හැම කෙනෙකුගේම හිත දිනා ගන්න බැහැ. ඔබට ඔබගේ බිරිදගේ හිත දිනා ගන්න බරිනම් ඒක ගැටලුවක් ඒත් කාර්යාලයේ කෙනෙකුගේ හිත දිනා ගන්න බැරි වීම ලොකු ගැටලුවක් නොවෙයි. මේ ආකාරයෙන් හැගීම් වලින් යටවී ඇති යථාර්තය මතු කරගන්න ඕනි.

ඊළගට ගත යුතු පියවර ක්‍රියාත්මක කිරීමට ඔබට හොඳ ආත්ම ශක්තියක් හදා ගන්න වෙනවා. මෙහිදී කරන්නේ ඔබගේ ලැජ්ජාව, බිය නැතිවන තුරුම ඔබ ලැජ්ජාවට පත්වෙන දේ එක්ක ගැටීමයි. ඔබ ලැජ්ජාවෙන අවස්ථාව සහ එහි ලක්ෂණ හදුනාගත් පසු ඒවා නැති කරගැනීමට ඒ සමඟ ගැටෙන්න ඕනි.  ඔබට රැස්වීමක කථාවක් පවත්වන්න නොහැකි නම් ඔබ කල යුත්තේ හැකි තාක් රැස්වීම් වල කතා කොට එම ලැජ්ජාව ටිකෙන් ටික නැති කර ගැනීමයි. ඒක කරන්න මුළින්ම වේදිකාවට නගින්න ඕනි නැහැ යාළුවන් ඉන්න තැනක මුලින්ම කතා කරන්න. ගමේ සමිතියක කතා කරන්න මේ විදියට ටිකෙන් ටික විශාල රැස්වීමක් දක්වාම ඔබේ ලැජ්ජාව නැති කරගන්න පුළුවන්.  මේ පියවර එක්තාර විදියක විවෘත වීමක් එනම් කෝෂයෙන් එලියට පැමිණීමක් පළමුව අමුත්තන් දෙදෙනෙකුට කථා කිරීමෙන් මෙය ආරම්භ කර විශාල රැස්වීම් දක්වාම මෙය වර්ධනය කරගන්න ඔබට පුළුවන්.  මෙහිදී සිදු කරන්නේ ඔබ හිතන තරම් මිනිසුන්ගේ අවධානයක් ඔබ වෙත නොමැති බව සිතට ඒත්තු ගැන්වීමයි. මේ ක්‍රමය නිවැරදිව කරනවාට වඩා වැදගත් වෙන්නේ වැරදීම් තිබියදී හරි නොකඩවා මෙය කිරීම බවයි විද්වත් මතය.

ඇතැම් අවස්ථාවල වෛද්‍ය වරු ලැජ්ජාශීලි බවෙන් මුදවා ගැනීමට මුහුණේ තීන්ත පැල්ලමක් තබාගෙන සෙනග අතර ඇවිදීම, සෙනග ගොඩක් ගැවසෙන ස්ථාන වල නිතර එහා මෙහා යාම වගේ ප්‍රතිකාරත් සිදු කරනවා. මෙවන් පියර ඔස්සේ ලැජ්ජාව පළවා හරින්න පුළුවන්. ඉදහිට ලැජ්ජාව යළි හිස ඔසවන්න් පුළුවන් එය ගණන් ගත යුත්තක් නොවෙයි. හැමෝටම ලැජ්ජාව කියන එක තියෙනවා එයින් ඔබට හෝ අනිත් අයට හානියක් උනොත් විතරයි එය ගැටලුවක් වෙන්නේ.

Related articles

 

© 2015 srilife.lk