ඔබ කොතරම් මහන්සි වුනත් සාර්ථකත්වයට පත් නොවන්නේ ඇයි? හේතුව දැනගන්න

අපිට හැම දෙයක්ම ආකර්ෂණය වන්නේ අපේ මානසික රිද්මයට ගැලපෙන අයුරිනි. කවදාවත්ම විනාකිරි බෝතලයකට මී මැස්සන් ඇදෙන්නේ නැහැ. මී මැස්සන් ඇදෙන්නේ පැණි බෝතලයකට. බාහිර පරිසරයෙන් ආකර්ෂණය වන දේවල් වලට අභ්‍යන්තර පරිසරය සෘජු ලෙසම බලපානවා. අපේ ඉලක්කය ඇත්තේ බාහිර පරිසරයේ යි. අභන්තර පරිසරය ලෙස සලකන්නේ අපේ මනසේ  ස්වභාවයයි. බොහෝ දෙනෙකුට සිදුවන වරද වන්නේ ඉලක්ක, බලාපොරෙත්තු ඇති කර ගත්තත් ඊට ගැලපෙන මානසික තත්වය ඇති කර නොගැනීමයි. ඉලක්කයට ගැලපෙන ලෙස තම මානසික මට්ටම පවත්වා ගැනීම ප්‍රධාන කාරණයයි. තම ඉලක්ක ජයග්‍රහණය කිරීමට වෙහෙසීම දෙවන කාරණයයි.


එකම දෙය කරමින් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරෙත්තුව කවදාවත් ම ඉෂ්ඨ නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.

ලෝකයේ සාර්ථක වු සියලු දෙනා කියනවානම් අපි මෙහෙමයි වැඩ කලේ. ඔයාලත් මේ විදිහට වැඩ කරන්න කියලා අපි විවිධ ක්‍රම අත්හදා බලමින් කාලය, ශ්‍රමය,ධනය නාස්ති කරනවාට වඩා සාර්ථකත්වයට බලපාන ඒ කරුණු ඉගෙන ගෙන සාර්ථක වු සියලු දෙනා ගමන් ගත් මාර්ගයේ ගමන් කරන්නේ නැත්තේ ඇයි? අපි අපේ ඉලක්කයන් කරා ගමන් කරනවානම් ඒ ඉලක්කයට අවශ්‍ය පරිදි වෙනස්විය යුතුයි. එම වෙනස පිලිගත යුතුයි. එහිදී එන අපහසුතා දරාගත යුතුයි.

පක්ෂි ලෝකයේ සුවිශේෂී හැසිරීම් රටාවක් තියන පක්ෂීයෙකු ලෙස රාජාලියා (Eagle) හඳුනවන්න පුලුවන්. සමාන්‍යයෙන් රාජාලියෙක් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා. නමුත් වයස අවුරුදු 40ක් වෙන විට මේ පක්ෂියාගේ හොට වකුටු වීම නිසා අහාර ගන්න බැරුව යනවා. නියපොතු දික් වී වකුටු වීම නිසා ගොදුරු අල්ලාගන්න අපහසු වෙනවා. මේ පක්ෂීන් ට වහාම තීරණයකට එලඹෙන්න සිදුවෙනවා.

ඔවුන් එක්කෝ මරණයට පත්විය යුතුයි. එහෙම නැත්තම් දැඩි වේදනාකාරී ක්‍රියාදාමයක් ඔස්සේ ජීවිතයේ අලුත් වෙනසක් දැකිය යුතුයි. මෙම පක්ෂීන් එම වේදනාකාරී ක්‍රියාවලිය ඔස්සේ නැවුම් වෙනසක් ලබාගන්නා අරමුණෙන් කඳු මුදුනකට ගමන් කර දින 150 ක් පමණ ගත කරනවා. මේ කාලය තුලදී රාජාලියා වකුටු වු හොටෙන් ගල්වලට කොටන්න ගන්නවා. එය ඉතා දැඩි වේදනාකාරී අත්දැකීමක්. නමුත් හොට කැඩී ඉවත් වෙන තුරු උන් දිගටම කොටනවා. එහෙම හොට කැඩිලා ඉවත් වුනාට පස්සේ නව හොටක් ඇදෙනකම් ඔවුන් බලාගෙන ඉන්නවා. මේ විදිහට වක් වු නියපොතුත් කඩලා දානවා. ඝණ වූ පියාපතුත් ගලවලා දානවා.

දින 150ක මේ වේදනාකාරී ක්‍රියාවෙන් පසුව අලුත් රාජාලියෙක් වගේ පියාඹන්න ගන්නවා. තව අවුරුදු 30 ක් ජීවත් වෙන්න අවශ්‍ය තත්වය හදා ගන්නවා.


ඔබ ඔබගේ ඉලක්කය ජයග්‍රහණය කිරීමට වෙනස් වෙන්න සූදානම් ද? එම වෙනස් වීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇතිකරගන්න සූදානම් ද? රාජාලියෙක් වගේ ඉලක්කය හඹා යන්න සූදානම් ද? එහෙනම් ඔබ “මම‘‘ කියලා හඳුන්වා ගන්නා විශ්ව ඒකකය අලුත් වේවි. ඔබට අලුත් “මම“ දකින්න ලැබේවි. ඔබ තුල ජීවත් වෙන ඔබේ ඉලක්කයට ගැලපෙන ඒ අලුත් “මම“ සොයා ගන්න. එම චරිතය ඔබේ ශරීරයට අවශෝෂණය කරගන්න.

කවදාවත් නොලබපු දෙයක් ලැබීමට කවදාවත් නොකල දෙයක් කල යුතුයි

ජීවිතයේ අපි ලැබීමට කැමති දේවල් තියනවා. මේ දේවල් ජයගැනීමට කැමැත්තක් ඇත්තේ ඒ සෑම ජයග්‍රහණයක් පිටුපසම තියෙන පොදු සාධකයක් නිසයි. අපි මොනදේ කුමන අයුරකින් ජයගත්තත් එහි අවසානය හිතේ ඇතිවන අප්‍රමාණ සතුටයි. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන දෙයක් ජයගන්න අපි අපොහොසත් වුනොත් හිතේ ඇතිවෙන කණගාටුව, දුක, අපේක්ෂා භංගත්වය සහ හීනමානය වැනි අපි කැමති නැති මානසික තත්වයන් අත්දකින්න වෙනවා.

බෙහෝ අවස්ථා වලදී අපි ජීවිතයට  අලුතින් ලඟා කරගන්න හදන්නේ අපේ ජීවිතයේ මේ වනවිට නැති දෙයක් හෝ තිබිලා අහිමි උන දෙයක්. කොහොම උනත් යම් දෙයක් අපි ලඟ මේ මොහොතේ නැත්තේ එය අපි ලඟ තියෙන්නට සුදුසු නැති නිසා. හැබැයි මෙහි සැබෑ ස්වරූපය වන්නේ එය අපි ලඟ තිබීමට සුදුසු නැති මානසික මට්ටමක අපි සිටීමයි. මේ කාරණය ටිකක් සවිස්තරව බැලුවොත් යම් දෙයක් අපිට ලබාගැනීමට නම් අපි ඊට සාපේක්‍ෂ මානසික තත්වයකින් සූදානම් විය යුතුයි. එය විශ්ව න්‍යායක්. අපේ මානසික තත්වය අපේ ඉලක්කය සමඟ සමපාත නොවන තාක්කල් අපිට අපේ ඉලක්කය ජගයන්න බැහැ. (අපි නොලබපු දෙයක් ලබාගැනීමට යනවානම් අපිට නොතිබුනු මානසික තත්වයක් අපි ලඟා කරගත යුතුයි).

අපේ ඉලක්කයට සාපේක්‍ෂ මානසික මට්ටම ගොඩනාඟා ගැනීම සඳහා අපි මෙතෙක් නොකල දෙයක් කල යුතු වෙනවා. එනම් අපගේ මනස ඉලක්කය කෙරෙහි ධනාත්මක අයුරින් නැවත සංවිධානය කල යුතුයි. එය මෙතෙක් නොකර සිටීම අපි අපේ ඉලක්ක මඟහරවා ගැනීමට හෝ අසාර්ථක වීමට බලපාන ප්‍රධාන හේතුවක් වී ඇත. බොහෝ මිනිසුන් උත්සාහ කරන තරමටම ප්‍රතිඵල නොලැබීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙයයි.

ඇතැම් විට කොතරම් උත්සාහ කලත් අපි අපේක්‍ෂිත ජයග්‍රහණයන් නොලැබෙන්න පුලුවන්. එහෙමත් නැත්තම් අපේ ඉලක්කයට අපි ගමන් කරන්නේ ඉතා හෙමින් වෙන්න පුලුවන්. මේ තත්වයට ලබා දිය යුතු ප්‍රධාන විසඳුම වන්නේ ඉලක්කයට සාපේක්ෂ මානසික මට්ටමක් ගොඩනඟා ගැනීමයි.

අපි යමක් කරද්දී නිතර නිතර අසාර්ථක උනොත් හෝ සාර්ථක වීමට දිගු කාලයක් යන්නේ නම් හෝ එසේ දිගුකාලයක් ගියත් අපේක්‍ෂිත මට්ටමට පැමිණේනනේ නැත්නම් එම තත්වය අපේ යටි මනසේ නව වැඩසටහනක් බවට පත්වී පරාජිත අවස්ථාවන් නැවත නැවත ලැබෙන තත්වයන් ඇතිවෙන්න පුලුවන්. මේ තත්වය වලක්වා ගැනීමට හොඳම ක්‍රමය වන්නේ අපේක්‍ෂිත ඉලක්ක කරා ගමන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමට ප්‍රථම මානසික මට්ටම ඉලක්කයට සාපේක්‍ෂව වර්ධනය කර ගැනීමයි.

ඉලක්ක ජය ගැනිමේ ප්‍රධාන රහස ඉලක්කයට ගැලපෙන මානසික මට්ටමක් වර්ධනය කර පවත්වා ගැනීමයි.


ලංකා රසංජන

කෙනෙකු දුප්පත් කරවන නරක පුරුදු 7ක්. අනිවාර්යෙන් 1ක් හරි ඔබ ලගත් තියෙනවා

Related articles

 

© 2015 srilife.lk