නින්ද යන්නේ නැද්ද? මේ සරල ක්‍රමවේදය විනාඩියකටත් අඩු කාලයකින් සුව නින්දක් ගෙනෙයි.

නින්ද යෑම සදහා විශාල කාලයක් ගත වීම ඇත්තෙන්ම ඉතාමත් කරදරකාරී අත්දැකීමක්. මෙම අත්දැකීමට වසර ගණනාවක් තිස්සේ මුහුණ දෙමින් දැඩි අපහසුතාවන්ට ලක් වු බොහෝ පිරිසක් සිටිනවා. නින්ද යාමේ අපහසුතා ඇති එවැනි පුද්ගලයින්ට ඉතාමත් සතුටුදායක ආරංචියක් ගැන තමයි මේ කියන්න යන්නේ.

නිදා ගත්ත ඇද අහුරන එක තව දුරටත් හොද පුරුද්දක් නෙවෙයි -තව කියවන්න-


ආශ්වාස ප්‍රශ්වාස ක්‍රම, භාවනා ක්‍රම පිළිද විශේෂඥයෙක් වන Dr. Andrew Weil විසින් විනාඩියකටත් අඩුකාලයක් තුල නින්දට වැටීමට හැකිවන ඉතාමත් සරල ක්‍රමයක්  නිර්මාණය කර තිබෙනවා. ඕනෑම තැනක සිට සිදු කිරීමට හැකි මෙම ක්‍රමය වැඩි කාලයක් හෝ මුදලක් වැය වන දෙයක් නොවේ. ඔහු මෙම ක්‍රමය 4-7-8  හුස්ම ගැනීමේ ක්‍රමවේදය ලෙස නම් කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය සරලව  පියවර කීපයකින්

  1. පළමුව සියළුම වාතය වූෂ් හඩක් නංවමින් මුඛය තුලින් පිට කරන්න.

  2. මුඛය වසා, සිතින් 4 ට ගණන් කරමින් නිෂ්ශබ්දව නාසයෙන් හුස්ම ගන්න.

  3. එම හුස්ම සිතින් 7 ට ගණන් කරන තුරු සිරුර තුල තබාගන්න.

  4. ඉන්පසු සිතින් 8 ට ගණන් කරන තුරු වූෂ් හඩ නගමින් මුඛය තුලින් එම හුස්ම පිට කරන්න.

  5. මෙය එක් අශ්වාස ප්‍රශ්වාසකි. මේ ආකාරයෙන් මෙම ක්‍රියාව තුන්වරක් චක්‍රීයව සිදු කරන්න.

උදේම ඇහැරින එක මරණවා වගේ වැඩක්ද? මෙනන්න උදේම ඇහැරින මන්තරේ -තව කියවන්න-

මෙලෙස හුස්ම හෙලීම තුලින්  ඔබේ හදවත ස්පන්දනය වීමේ වේගය අඩු කරන අතර මොළයෙන් ඔබ සංසිදුවාලිය හැකි රසායනක ද්‍රව්‍ය නිදහස් කරීම සිදුකරයි.

පළමු අවස්ථාවේදී යම් අපහසුතාවයක් ඔබට දැනුනත් මෙය කිහිපවිටක් සිදුකරන විට ඉතාමත් සැහැල්ලුවක් ඇතිකරන බව Dr. Andrew පවසනවා. මෙම ක්‍රියාවලියේ දී සැමවිටම හුස්ම නාසයෙන් ගෙන මුඛයෙන් පිට කරන ලෙසත් ඔබට මෙපමණ වෙලාවක් හුස්ම අල්ලා ගැනීමේ අපහසුතාවක් තිබේ නම් ව්‍යායාමට වේගවත් කොට 4:7:8 අනුපාතය  අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් ඔහු වැඩි දුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

උපන් ඇදුමෙන් නිදාගැනීමෙන් ඔබට ලැබෙන වාසි 7 ක්. - තව කියවන්න-

හෘද ස්පන්දනය අඩු කොට ඔබගේ මනස සැහල්ලු කර විනාඩිකටත් අඩු කාලයකින් සුව නින්දක් ලබා දෙන  මේ ව්‍යායාම අදම ක්‍රියත්මක කර බලන්න ඔබට පුළුවන්.  නින්දට වැටිම සදහා වැඩි කාලයක් ගතවීමේ ගැටළුවට සාර්ථක විසදුමක් මෙයින් ඔබට ලැබේවි යැයි අප විශ්වාස කරනවා.

දෙවි වරුන්ගේ ලිංගික ක්‍රියා ගැන කියැවෙන ඉන්දියාවේ අරුම පුදුම දේවාලය ගැන කියවන්න

Related articles

 

© 2015 srilife.lk