ලිංගික ආශ්වාදයේ ගැඹුරටම යන්න පෙති බොන්නම ඕනිද?

තරුණ වියේ පසුවන්නන් ඉක්මන්කාරී ය. සෙසු කටයුතු වලදී සේම ලිංගික ජීවිතයේදී ද ඔවුහු ඒ බව ප්‍රදර්ශනය කරති. ඔවුනුට අවශ්‍ය වන්නේ ඉක්මනින් හා පහසුනේ ලඟා කරගත හැකි වින්දනයකි. එහෙත් පරිණත වුවෝ එසේ නැත. ඔවුන් බලනුයේ ශාරීරික තත්වයන් උපරිම වශයෙන් ඉඩදෙන තාක්කල් රැඳී උපරිම තෘප්තියක් ලබා ගැනීමටය.

ඉපැරණි හා නවීන වෛද්‍ය කර්මයන් විසින් අඹු සැමි සම්බඳතා හි දී උපරිමයට එළඹිම පමා කිරිමටත්, උච්ච අවස්ථාවේ දිගු වේලාවක් රැදී සිටීමටත්, ගුණ දෙන්නේ යැයි කියන විවිධ ඖෂධ හදුන්වා දී ඇත. බොහෝවිට මේවා පුරුෂයාගේ මෝචනය පමා කිරීම හෝ ස්ත්‍රියගේ සුරාන්තය ඉක්මන් කිරීම සඳහා නියම කරයි. සියල්ලම නොවුනත් මෙවැනි බොහෝ ඖෂධ යම් යම් ශාරීරක බලපෑම් ඇති කිරීමට සමත්ය. එහෙත් අඹු සැමි සබඳතා යනු කයෙන් පමණක් නොව කය හා මනස යන දෙකෙන්ම ගොඩනැගෙන සබඳතාවකි. එබැවින් මෙවැනි ඖෂධ කිසිවක් සැබෑ ලිංගික තෘප්තිය හා සම්බන්ධ කල නොහැක.

සැබෑ ලිංගික තෘප්තිය කරා ගමන් කළ හැක්කේ ක්‍රමිකව ලබන අද්දැකීම් මත සැමියා හා බිරිඳ සාමූහිකව ගන්නා වර්ධනාත්මක පියවර මතය.

සාමාන්‍යයෙන් ස්වාමි පුරුෂයෙකු තැත් කරන්නේ හැකිතාක් කල් මෝචනය පමා කිරීමටය. ඔහුගේ ලිංගික ආතතිය තීරණය වන්න් පෙර සූදානමේ දී ලත් උත්තේජනය, වේගය හා වඩාත් වැදගත් ලෙස ඔහුගේ මනෝ කායික ස්වභාවය මතය.

මෝචනය සඳහා ගත වන කාලය පිරිමියාගෙන් පිරිමියාට වෙනස් වේ. එහෙත් මනා මානසික ස්ථායිතාවක් ගොඩ නඟා ගත් කළ ඔහුට තම මුදා හැරීම තත්පර කිපයක දී හෝ විනාඩි ගණනක දී හෝ කැමති පරිදි කළ හැකිය. එහෙත් උපරිම වින්දනයට ළඟා වීම හා එම වින්දනය තුළ හැකිතාක් කල් පසුවීම යන්න එසේ පාලනය කළ හැකි කාරණයක් නොවේ. විවේකී මනසින් උපරිම වින්දනයට ළඟා වී සිටින විට වුවත් සියුම් හැඟීමක සිතුවිල්ලක බලපෑමෙන් පවා වින්දනය අහිමි විය හැකිය. වින්දනය හා මුදා හැරීම යනු එකක් නොවේ.

භාර්යාවන් එක් වීමක දී අත් විඳින්නේ වෙනත් ආකාරයක අත්දැකීම් මාලාවකි. ඇයට ප්‍රමාද කර ගැනීම පිළිබඳ ගැටළුවක් නැත. ලිංගික එක් වීමේ සිට සුරාන්තය කරා ඇය ගෙන යන්නෙ දැඩි ආතතිය විසිනි. ඊට ඈ සංවේදී කලාපයන් මත ලබන රිද්මය ද බැලපෑම් කරයි. එමෙන්ම ඇගේ අධ්‍යාත්මික පක්ෂය ද ඊට සම්බන්ධය.

ස්වාමි පුරුෂයකු මෙන් නොව භාර්යාවක් පහසුවෙන්ම බාහිර බාධා නිසා උච්චත්වයට එළඹීමට නොහැකි අවස්ථාවන්ට පත්වේ. දොරක් තඳින් වසන හඬක්, දරුවකුගේ හැඬීමක් යම් තදබල හැඟීමක් ආදිය එවන් බාධාය.එපමණක් නොවේ ස්වාමි පුරුෂයා තම ඉරියව්ව නෙහිතා වෙනස් කිරීමෙන් ඇති වූ රිද්මයන් හි වෙනස් වීම් ද ඇය සුරාන්තයෙන් ඈත් කරවයි.

ඉක්මන් බව හා වේගවත් බව තරුණයින් වෙත දැකිය හැකි පරිණත නොවූ ලක්ෂණයකි. ඉන් සිදුවන්නේ තරුණ බිරියන් සංතෘප්තියට පත් නොවීම ය. එහෙත් කලක් ගතවන විට මෙම තරුණ ස්වාමි පුරුෂයෝ සංතෘප්තිය වෙත හුදකලාව ගමන් කල නොහැකි බව තේරුම් ගනිති. විවිධත්වයකින් හා නැවුම් බවකින් යුතුව ලිංගික එක්වීමක් සිදු කරන්නේ කෙසේ ද යන්න ඔව්හු ක්‍රමයෙන් ග්‍රහණය කර ගනිති.

ගැඹුරට විහිදෙන වේගවත් බවට සැමියන් සේම බිරියන්ද කැමතිය. එහෙත් අත්දැකීම් ඇත්තෙකු ගැඹුරට විහිදෙන වේගවත් බව භාවිතා කරනුයේ කෙටි දුර මන්ද වේගයද සමඟ මුහු කරමිනි. ඉන් බිරිඳකට සුරාන්තය කරා එළැඹීමට අවශ්‍ය කාලවේලාව ලැබේ. මුදා හැරීම පමා කර ගැනීමට සරල ක්‍රියාකාරකම් කීපයක් ඇත. එනම් ගුදය වටා ඇති මාංශ පේෂි තද කිරිම, ගුදය හා වෘෂණ කෝෂ අතර ඇති මාංශ පේශි තද කිරීම, වරින් වර හුස්ම හෙළීම නතර කර සිටීම, ලිංගිකමය නොවන කාරණා කෙරෙහි සිත යොමු කිරීම ආදියයි. අතරතුර දී බිරියට ආදර බර වඳනින් මිමිණීම හා ගැඹුරු ලෙස සිප ගැනීම ද ස්වාමි පුරුෂයෙකු වෙත පැවරෙන වගකීමකි. බිරියට සුරාන්තය කරා එළඹීමට එය පිටිවහලක් වේ.

භාර්යාවන්ට ද කළ හැකි දේ තිබේ. ප්‍රධාන ම එහෙත් සියයට අනූ නවයක් භාර්යාවන් නොදන්නා කාරණයක් නම් පෙල්වික් (Pelvic - යෝනිය සහ ගුදය අතර මාංශ පේෂි) මාංශ පේශිය වරින් වර තද කිරීමය. මෙම චලනය පිටතට පෙනෙන එකක් නොවේ. එමෙන්ම ස්ත්‍රී ලිංගයේ බිත්ති මගින් තද කොට ග්‍රහණය කිරීම ද තවත් කළ හැක්කකි. කෙටි කාලයක පුහුණුවකින් බිරියට මෙම මාංශ පේශීන් හැසිර වීමේ බලය සියතට ගත හැකිය. එසේ කළ හැකි භාර්යාව තුන් ලෝකයටම අග්‍ර රූප රාජිනියක වූ රැජිනකටත් වඩා ස්වාමි පුරුෂයා වෙතින් අගය කිරීමට ලක් වෙන බව වත්ස්‍යායන සෘෂිවරයා කියා ඇති අතර වර්තමාන විද්වත්හු ද ඒ බව පිළිගනිති.

Sexual adventure in Marriage  කෘතිය ඇසුරෙන්

Related articles

 

© 2015 srilife.lk