ලොව අංක 1 ධනවතා Bill Gates හෙළිකල ධනවත් වීමේ රහස

 

බිල් ගේට්ස් ලෝකයේ ඉන්න ධනවත්ම මිනිසා කියලා අපි කවුරුත් දන්නවා. 1975දී මයික්‍රොසොෆ්ට් ආයතනය ආරම්භ කල ඔහු Windows මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ලොවට හදුන්වා දුන්නා. මේ වන විට ඔහුගේ මුළු වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 76ක්.

දියුණු වීමට උත්සාහ කරන සියළු දෙනාට ඔහුගේ සාර්ථකත්වයේ රහස් හෙළි කිරීමට ඔහු කවදාවත් මැලි වුණේ නැහැ. ලොව ධනවත්ම මිනිසා බවට පත් වීමට ඔහුගේ ජීවිතයේ අනුගමනය කල රහස් 10ක් ඔහු විසින්ම හෙළිකර තිබෙනවා. ඔබත් Bill Gatesගේ අති සාර්ථකත්වයට හේතු වූ 10 Bill Gates tips අනුගමනය කර ධනවතෙක් වෙන්න උත්සාහ කරන්න.

 

1. හැකි තරම් කලින් ආරම්භ කරන්න.

බිල් ගේට්ස් පරිගණක සමග වැඩ කිරීම ආරම්භ කලේ වයස 13 සිටයි. ඔහුගේ මතය අනුව යම් දෙයක් තරුණ කාලයේම ආරම්භ කළ විට ඔබ එහි පරිපූර්ණත්වයට පැමිණේ. එය සාර්ථකත්වයට ඉතා වැදගත් දෙයක්. බිල් කියනවා තරුණ කාලයේම ආරම්භ කල විට මිනිසුන් ඔබගේ හැකියවන් සහ නොහැකියාවන් ගැන කියන කතා වලට මුහුණ දීමට ඔබට ශක්තිය ලැබෙනවා කියලා. එයින් ඔබට ඉදිරියට යත්ම සෘනාත්මක කතා නොතකා සිටීමේ හැකියාව ලැබෙනවා. තරුණ කාලයේදී ඔබට ධනවත් වීමේ ආශාව ඇති වූ විට, රූපවාහනියේ, අන්තර්ජාලයේ සහ බාහිර ලෝයෙන් අහන්නට ලැබෙන ධනවතුන්ගේ සාර්ථකත්වයේ ජීවිත කතා ඔබේ හිතට කා වැදී ඔබත් ඒ අනුව ධවනත් භාවයේ මාර්ගයට පිවිසෙනවා.


2. මිනිසුන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්න

Bill Gates හැම විටම කැමතියි මිනිසුන් සමග සම්බන්ධතා හදා ගන්න. ඔහු සම්බන්ධතා සාදා ගැනීමේදී හිතන්නේ කෙනෙකුගේ වෘත්තිය හෝ තරාතිරම නොව, ඔහු සාර්ථකත්වයට පත්වීමට දරණ උත්සාහය ගැනයි. එම සම්බන්ධතා වලින් ඔහු බලාපොරොත්තු වන්නේ නව අවස්ථාවන් උදා කරගැනීමත්, සාර්ථකත්වය උදෙසා පොඩි හෝ යමක් ඔවුන්ගෙන් ඉගෙන ගැනීමත් පමණි. ඔහු සම්බන්ධතා හදාගන්නේ ඔහුගේ අනාගත සාර්තකත්වයට වැදගත් අය සමග පමණක් වීම විශේෂත්වයක්.


3. ඔබට පාසල් අධ්‍යපනය අවසන් කළ සැනින් වසරකට ඩොලර් 600000ක් උපයන්න බරිවේවි.

බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යපනය අවසන් වූ ගමන්ම ඔහුට ගොඩක් මුදල් උපයන්න පුළුවන් වෙයි කියලා. බිල් ගේට්ස් නම් කියන්නේ ඔබටම විහිළු කරගන්න එපා කියලයි. ඔබට මොන උපාධිය තිබුණත් ඔබට අවශ්‍ය තරම් පළපුරුද්ද ලැබෙන තුරු ඔබට කිසිදාක ලොකු සමාගමක අධ්‍යක්ෂ වරයෙක් වෙන්න බැරිවේවි.

ඔබට එවැනි ඉහළ තනතුරකට යන්න අවශ්‍යනම් ඔබ කල යුතු වන්නේ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කර එය ඉහලට ගෙන යෑමට කැපවීමෙන් වැඩ කිරීම හෝ එවැනි ලොකු සමාගමක හොදින් වැඩකර ඔබේ හැකියාවන් අන් අයට පෙන්වීමයි.  


4. හැකි ඉක්මනින් ඔබ ඔබගේම boss වෙන්න.

බිල් ගේට්ස් මෙහෙම කියනවා. ‘‘ඔබ ඔබේම සිහනයක් වෙනුවෙන් කැප නොවුණොත්, වෙනත් අයෙක් ඔහුගේ සිහිනය සැබෑ කර ගැනීම උදෙසා ඔබව කුලියට ගනු ඇත.“

ඔහු කිව්ව විදියටම තරුණ වයසේදීම තමන්ගේම ව්‍යාපාරයක අයිතිකරායෙක් වුණා. ඒ කියන්නේ ඔහු ඔහුගේම boss වුණා.


5. ඔබගේ අත්වැරදීම් ගැන දුක්වෙන්න එපා, ඒවාගෙන් ඉගෙන ගන්න

ඔබගේ වැරදි වලට අනිත් අයට දොස් නගන්න එපා. කෙනෙක් ඔබව මෝඩයාට ඇන්දුවොත්? එය ඔහුගේ වරදක් නොවෙයි. එහි වරද ඔබේමයි. ඒ නිසා අනිත් මිනිසුන්ට දොස් නැගීම නවතා ඔබේ වැරදි හදා ගන්න. වැරදිම් සිදුවන්නේ ඔබට ඉගෙන ගැනීමටයි. වැරදීම් වලින් ඉගෙන ගන්න, නැවත එවැනි අවස්ථාවක් පැමිණි විට එයින් ජයගැනීමට. බිල් ගේට්ස් කියනවා ‘‘මාව විශ්වාස කරන්න, ඔබට වැරදුණු තැන් වැනිම තවත් අවස්ථා නැවත නැවත් ඔබ වෙත එනවා.“


6. කැප වෙන්න එයට ආදරය කරන්න

මේක හැම ව්‍යවසායකයෙකුටම ඉතාම වැදගත් උපදේශයක්. ඔබ කරන කටයුත්ත කුමක් වුවත් එයට කැප වෙන්න, එයට ආදරය කරන්න. ලෝකයේ සාර්ථකත්වයට පත්වූ මිනිසුන් සියළුදෙනාම ඔවුන් කල කටයුත්තට ඉතාමත් ආදරය කළා. ඔබ ආදරය නොකරන, ඔබට පීඩනයක් ගෙනදෙන, ඉතා අපහසු කටයුත්තක් ඔබ කරනවානම් ඔබ කරන්නේ හරි දෙයක් කියලා මට විශ්වාස කරන්න අමාරුයි. බිල් ගේට්ස් කියනවා 


7. ජීවිතයයි ඔබේ හොදම පාසල, විශ්ව විද්‍යාලය හෝ පාසැල නොවෙයි.

ඔබ කොතරම් පොත් කියෙව්වත්, ඔබ කොතරම් විභාග සම්ත වුණත්, කිසිම විශ්වවිද්‍යාලයකටවත් පාසලකටවත්, ඔබව සැබෑ ජීවිතයට හරි හැටි සූදානම් කළ නොහැකියි.

සැබෑ ජීවිතයේ රැකියාවන් සහ ප්‍රධානීන් ඔබට යමක් අධ්‍යයනය කිරීමට ඉඩ නොදෙන අතර ඒ වෙනුවට ඔවුන් උගන්වන දේ ඉගෙන ගැනීමට ඔබට සිදුවේ. ඔවුන් උගන්වන දේ ඒ අයුරින් පිළිගෙන ඔබ රැකියාවේ ඉදිරියට නොගියොත් ඔබට සිදුවන්නේ සේවයෙන් ඉවත් වීමටයි. නැතිනම් ඔවුන් ඔබව සේවයෙන් ඉවත් කරාවි.  


8. මෝඩ පුද්ගලයින් සේ පෙනන අයට හොදින් සලකන්න

මිනිසුන් මෝඩයින් ලෙස සලකන අය ඇත්තෙන්ම එහෙම නැහැ. ඔවුන් මහන්සිවී වැඩ කරන, කඩිසර, දියුණු වීමට දැඩි කැමත්තක් ඇති පුද්ගලයින් වෙන්න පුළුවන්. ඔබ එවැනි අයට දරුණු විදියට සැලකුවොත් ඔබට වැදගත් වෙන ගොඩක් වාසි ලබාගන්න පුළුවන් කෙනෙකු ඔබට අහිමි වෙන්න පුළුවන්.

ඔබ කෙනෙකුට දරුණු විදියට සැලකුවොත් යම් දවසක දෛවය විසින් ඔබටත් එවැනිම අවස්ථාවන් උදා කරනවා. හිතන්න ඔබ දරුණු විදියට සලකපු කෙනෙක් ඊලගට ඔබ රැකියාවට යන ආයතනයේ ප්‍රධානියා විදියට හිටියොත්, ඔබට එහි රැකියාවක් ලැබෙයි කියලා හිතනවද?


9. රූපවාහිනියෙන් ඔබ දකින්නේ සැබෑ ජීවිතය නොවෙයි.

රෑපවාහිනියට තදින් ඇලී සිටීම හා එහි පෙන්වන සමරහ දේවල් ඇත්තටම සැබෑ ජීවිතයේදී මිනිසුන් කරන දේවල් ලෙස විශ්වාස කිරීම ඔබ වහාම නතර කළ යුතුයි.

සැබෑ ජීවිතය කියන්නේ ගොඩක් ආමරු දෙයක්. සාර්ථකත්වයට ළගා වුණ කිසිම කෙනෙක් රූපවාහිනයේ මෙන් සුපිරි ආපන ශාලාවල යාළුවන් සමග වාඩි වී කෝපි බොමින් මුළු දවසම ගත කරන්නේ නෑ. සාර්ථක වීමට නම් දැඩි සේ කැපවී වැඩ කිරීමට ඔබට සිදු වෙනවා. එයින් තමයි ආර්ථික තත්වය වර්ධනය කරගෙන ඔබගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් වෙන්නේ.


10. ජීවිතය හැමවිටම සාධාරණ නැහැ.

ඔබ කොතරම් මහන්සි වී වැඩ කළත්, ඔබට අවශ්‍ය දේ ඔබට අවශ්‍ය විදියට හැම විටම සිදුවෙන්නේ නැහැ. සමහර විට ඔබගේ කිසිම වරදක් නොතිබුණත් ඔබට ඒවා පාලනය කරගන්නට නොහැකිවී ඔබව ඇද වැටෙන්න පුළුවන්. ඒත් එවැනි අවස්ථා වලදි ඔබට හැකි විය යුතුයි තනිවම නැගී සිටින්නට.

ජීවිතය කිසිවිටක සාධාරණ නැහැ. එය ක්‍රීඩාවක්, පරීක්ෂණයක්, අවධානමක්. ඇද වැටුණු අවස්ථාවන් වල නැවත නැගිටීමට ඔබ ඔබටම උදව් කර නොගන්නේ නම් සාර්ථකත්වය කරා යෑමට ඔබ සුදුස්සකු නොවේ.

සාර්ථක පුද්ගලයින් හැමවිටම දන්නවා ජීවිතය සාධාරණ නැහැ කියලා. ඔවුන් ජයග්‍රහණය ලබන තුරුම නැවත නැවතත් නැගී සිටිනවා. 


මේ ලිපිය නිකම්ම කියවලා විතරක් අමතක කර දමන්න එපා. ඔබේ සිහිනය කරා යන්න මේ කරුණු ක්‍රියාවෙන්ම භාවිතා කරන්න. ඔබට නිසැකවම ධනවතෙක් වීමට හැකිවේවි. 

ලොව ධනවත්ම බෞද්ධයා Steave Jobs ගේ සාර්ථකත්වයේ විශ්මිත මූලධර්ම 7

Related articles

 

© 2015 srilife.lk