වයස 59යි. ඒත් අවුරුදු 20ක කෙල්ලෙක්ගේ වගේ, ඇගේ සුන්දරත්වයේ රහස දැනගන්න කැමතිද?

 

නිරූපන ශිල්පිනියකට වයස අවුරුදු 30 ඉක්මවන විට ක්ෂේත්‍රෙයේ තිබෙන ඉල්ලුම අඩුවී යන එක සාමන්‍ය දෙයක්. ඒත් අපි දැන් මේ කාතා කරන Yasmina Rossi කියන නිරූපන ශිල්පිනිය නම් ඇගේ නිරූපන රැකියාව ආරම්භ කලේ අවුරුදු 30 ඉක්මුවාටත් පසුවයි. 1955 දී ප්‍රංශයේ දී උපන් ඇය මේ වනවිට 59 වියැති මුනුපුරන් දෙදෙනෙකුගේ ආච්චි අම්මා කෙනෙක්. Marks & Spencer වැනි ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සන්නාම සදහා ඇගේ නිරූපන දායකත්වය ලබා දී ඇති ඇයට තමවමත් නිරූපන ක්ෂේත්‍රයේ ඉහල ඉල්ලුමක් තිබෙනවා.


59 වියැති ආච්චි කෙනෙක් තවමත් ඉහල ඉල්ලුමක් ඇති නිරූපන ශිල්පිනියක් වුනේ කොහොම ද? ඒකට තියෙන ලොකුම හේතුව තමයි ඇගේ සම සහ ශරීරයේ හැඩය තවමත් අවුරුදු 20ක යුවතියක්ට සමානවීම. ඇයගේ සුන්දරද්වය දකින හැම දෙනෙකුටම අවශ්‍ය වන්නේ කොහොමද මේ විදහට සම ලස්සනට පවත්වාගෙන යන්නේ කියල දැනගන්න. සුප්‍රසිද්ධ සගරාවක් ඇයගෙන් මේ ප්‍රශ්නයම අහුවා.එයට පිළිතුරු දෙමින් ඇය තමන්ගේ සම වියපත් නොවී රැකගන්නා ඒ අපූරු රහස හෙළිකලා. ඇය කියන විදහට එය එතරම් මිල අධික හෝ සාමන්‍ය කෙනෙකුට අනුගමනය කරන්න අමාරු දෙයක් නෙවෙයි.

“කාබනික ආහාර ලෝකයේ ජනප්‍රිය වෙන්න බොහෝ කලකට පෙර සිටම මම අහාරයට ගන්නේ කාබනික ආහාර පමණයි. ඔලිව් තෙල් සහ සීනි වලින් සැදූ මිශ්‍රණයකින් සතියකට වරක් ශරීරය scrub කරනවා. මම කොණ්ඩයට යොදන්නේ rapeseed oil. ඒ වගේම මම දවසකට එක් අලි ගැට පේරයක් සහ කාබනික මස් සහ මාළු ආහාරයට එකතු කර ගන්නවා.“

“මම ඉතාම සරල ව්‍යායාමක් පමණක් සිදුකරන අතර අනවශ්‍ය ලෙස ව්‍යායාමවල යෙදෙන්නේ නෑ. මම හැකි හැමවිටම බෙහෙත් වර්ග පාචිච්චියෙන් වැලකී සිටිනවා“ යනුවෙනුයි ඇය පැවසුවේ.





වයස අවුරුදු 59 වු මේ නිරූපන ශිල්පිනියගේ සම රැක ගැනීමේ මේ සරල රහස ඔබත් භාවිතා කළොත් ඔබටත් ඇත්තටම මේ වගේ සුන්දර සමක් හිමිකර ගන්න පුළුවන් වෙයි.


source :dailymail

Related articles

 

© 2015 srilife.lk