Prison Break අවසන් කොටසේ දී මියගිය මයිකල් යලි නැගිටියි

 

2005 වසරේ සිට 2009 දක්වා Fox නාලිකාවේ විකාශය වු Prison Break නාට්‍යමාලාව ලොවපුරා අතිශය ජනප්‍රිය වුණා. කතාමාලා 4ක් පුරා විකාශනය කෙරුණු මෙය අවසන් වුණේ ඉතා ශෝචනීය අන්දමින්, The Final Break නම් කතාංගයේ දී මෙහි ප්‍රධාන චරිතය වු Michael Scofield ගේ මරණයත් සමගයි.

නමුත් ලෝවපුරා රසිකයින් සතුටට පත්කරමින් Fox නාලිකාව නැවතත් කොටස් 10කින් යුත් තවත් අළුත් Prison Break කතාමාලාවක් 2016 වසරේ සිට විකාශය කිරීමට තීරණය කර තිබෙනවා. තවත් සතුටු දායක කරුණක් වන්නේ Michael සහ ඔහුගේ සොහොයුරු ලෙස රගපෑ Dominic Purcell මෙම කතාමාලාවේත් රංගනයෙන් දායකවීමයි.

මේ නිවේදනයත් සමග ලොවපුරා රසිකයින්ගේ වඩාත් කතාබහට ලක්වුණේ පසුගිය කතාමාලාවේ දී මියගිය Michael Scofield නැවත අළුත් කතාමාලාවට සම්බන්ධ වන්නේ කුමන ආකාරයෙන්ද යන්නයි. එයට පිළිතුරු දක්වමින් Fox නාලිකා ප්‍රධානී Dana Walden පවසා තිබුණේ අවසන් කතාමාලාවේ දී Michael ගේ මරණය සම්පූර්ණයෙන්ම අමතක නොකරන අතර විශ්වාස කලහැකි ඉතා සාධාරණ පැහැදිලි කිරීමක් තුලින් නැවතත් ඔහුගේ චරිතය නව කතාමාලාව වෙත ගෙන එන බවයි. පසුගිය නාට්‍යමාලාවේ සිටි වැදගත් චරිත කීපයක් මෙවර කතාමාලවට එක්වන බවද ඔහු පවසා තිබෙනවා.

කුමන ආකරයෙන් Michael නැවත කතාමාලාවට සම්බන්ධ වුවත් ලොවපුරා Prison Break රසිකයින්ට නම් මෙය ඉතා සතුටුදායක ආරංචියක් වන බව නිසැකයි.


 

Related articles

 

© 2015 srilife.lk