X-Files අළුත්ම නාට්‍යමාලාව ලගදීම රූපවාහිනියෙන් බලන්න පුළුවන්

 

මෙතෙක් ලොවපුරා තිරගත වු  අතිශය සාර්ථක නට්‍යමාලාවන් අතරින් එකක් වු The X-Files  රහස් පරීක්ෂක ටෙලිනාට්‍ය මාලාව ශ්‍රී ලංකාවේ අප අතරත් ඉතාම ජනප්‍රිය නාට්‍යමාලාවක් වුණා. 1993 සිට Fox නාලිකාව හරහා විකාශ කෙරුණු The X-Files නාට්‍ය මාලාව  seasons 9ක් දක්වා විකාශයන වි 2002 වසරේ දී  නවතා දමනු ලැබුවා. ලොවපුරා සිටි X-Files රසිකයින්ට නම් මෙය ඉතාමත් වේදනාත්මක අත්දැකීමක් වුණා.


නමුත් වසර 13කට  පසු හදිසියේම Fox නාලිකාව X-Files නවතම නාට්‍ය මාලාව පිළිබදව පසුගිය දිනක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.  තවත් අළුත්ම කතාමාලා 6කින් යුතුවන මෙය සදහා මෝලඩර්ගේ චරිතය රගපෑ  David Duchovny සහ ස්කලීගේ චරිතය රගපෑ Gillian Anderson මෙවරද රංගනයෙන් දායක වනවා.

මීට අමතරව ස්කිනර්ගේ චරිතය හා දුම්බොන්නාගේ චරිතය සදහා ද පසුගිය කතාමාලාවේ සිටි නළුවන්ම රංගනයෙන් දායකවන බවයි පවසන්නේ. සුපුරුදු පරිදි අධක්ෂණයෙන් දායක වන්නේ Chris Carter ය.

ලොව පුරා සිටින X-Files රසිකයන්ට නැවතත් මොල්ඩර් හා ස්කලීගේ අත්භුත රහස් පරීක්ෂක මෙහෙයුම් අතුලත් නවතම කතාමාලාව නැරඹීමට  නම් 2016 ජනවාරි 24 දින තෙක් බලා සිටිමට සිදුවනවා. එය නැරඹීමට ඉතාමත් නොයිවසිල්ලෙන් පසුවන බව twitter පණිවිඩ ඔස්සේ  බොහෝ රසික පිරිසක් පවසා තිබෙනවා

Related articles

 

© 2015 srilife.lk