ඔබ හෙදින්ම දන්නා කරුණු 5ක ඔබ නොදත් යහපත් ප්‍රතිඵල ගැන අදම දැනගන්න

සමහර විට ඔබට පුණ්‍ය කටයුතු වල යෙදෙන්න වෙලාවක් නැතිව, සමහර විට මුදල් නැතිව ඔබ දුක් වෙනව ඇති ‘‘මට කිසිම පිනක් කරගන්න විදියක් නැහැ‘‘ කියලා. පන්සිල් ආරක්ෂා කිරීමත් විශාල පිනක් කියලා ඔබ දැනගෙන හිටියද? පන්සිල් රැකගෙන එදිනෙදා කටයුතු කරන්න ඔබට පුළුවන් නම් හැම වෙලාවෙම ඔබට පිං රැස් කරගන්න පුළුවන්. පන්සිල් රැකීමෙන් ලැබෙන ආනිශංස ගැන හොදින් දැනුවත්ව පන්සිල් හි පිහිටා සිටීමෙන් ඔබට මෙලොව ජීවිතයත් මරණයෙන් පසු ජීවිතයත් සැපවත් කරගන්න පුළුවන්

1. සතුන් මැරීමෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
මනාව පිහිටි අග පසගක් හිමිවේ.
ආරෝහ පරිනාහ ශරීරයක් හිමිවේ.
ජවය, ශක්තිය ඇති වේ.
පියවර තබන විට එය මනාව පොළවෙහි පිහිටයි.
මනහර, මෘදු මොලෙක්, නිර්මල, පිරිසිදු, සුරෑපී බවක් හිමවේ.
සූර වීර ගති ඇතිවේ.
මහා බලපත් භාවයක් ඇතිවේ. 
නොපැකිලිව වචන ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ.
කෙනෙකුට කේලාම් කියා බිදවිය නොහැකි විශාල පිරිසක් ඔබ වටා එක්වේ.
තැති නොගන්නා ශක්තියක් හිමිවේ.
සතුරු උපක්‍රම වලින් මරණයට පත් නොවන අතර විනාශ කිරීම අපහසු වේ.
සියළුම සත්වයන්ට ඔබ කෙරෙහි ප්‍රිය මනාප බවක් ඇතිවේ. ප්‍රිය මනාප පුද්ගලයින්ගෙන් වෙන් වන්නට සිදු නොවේ.
ආබාධ අඩු වී දීර්ඝායුෂ ලැබේ.
ශෝකයෙන් සිටිමට සිදු නොවේ.


2. සොරකම් කිරීමෙන් හා කරවීමෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
බොහෝ ධන, ධාන්‍ය ලැබී මහා ධනවත් භාවයට පත්වේ.
නූපන් ධනය උපදවීමට පුණ්‍ය ශක්තිය ලැබේ. 
තමන්ට හිමිව පවතින් සම්පත් ස්ථාවර තත්වය පත්වේ.
ඔබ කැමති යම් දෙයක් වෙතොත් එය වහාම ඔබට හිමිවේ.
අනුන් හට පොදු නොවන ධනය ඔබට හිමිවේ.
ලෝකයෙහි උත්තමයෙක් බවට පත්වේ.
සැප විහරණ ඇතිවී නැත යන වචනය නොදන්නා කෙනෙක් බවට පත්වේ.


3. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
සතුරන් නොමැති වී සියළු ජනතාවට ප්‍රිය බවක් ඇතිවේ.
ආහාර පාන, ඇදුම් පැළදුම්, ඉදුම් හිටුම් කිසිදු අඩුපාඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇතිවේ.
සැපසේ නිදාගැනීමටත් සැපසේ අවදිවීමටත් හැකිවේ.
අපායෙන් මිදේ.
ස්ත්‍රී භාවයට සහ නපුංසක භාවයට පත් නොවේ. 
ක්‍රෝධය නැති වේ.
ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන කටයුතු කිරීමට හැකිවේ.
නොනැමුණු සිරුරක් ඇතිවේ, සැක බිය නිසා බිම බලාගෙන නොසිටියි. සැක නැතිවේ.
පිරිපුන් ඉදුරන් හා පිරිපුන් ලක්ෂන ඇතිවේ. 
අඩු උත්සාහයකින් තම කටයුතු කරගැනීමට හැකිවේ.
කුමක් නිසාවත් බිය නොවේ. සැප විහරණ ඇතිවේ. 
ප්‍රියයන්ගෙන් වෙන් වීමට සිදු නොවේ. 
ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන්ට ප්‍රිය බව ඇතිවේ. 


4. බොරු කීමෙන් හා කියවීමෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇතිවේ.
මිහිරි කටහඩක් ඇති වේ. 
සමානව පිහිටි සුදෝ සුදු දත් දෙපලක් හිමවේ.
ඉතා කෙට්ටු, ඉතා මහත, ඉතා මිටි, ඉතා උස  නැති සිරුරක් හිමිවේ.
මහනෙල් මල් සුවද ඇති මුඛයක් සහ නෙළුම් පෙත්තක් මෙන් මෘදු රත් පැහැ තුනී දිවක් ඇතිවේ.
සුවච කීකරු පරිවර ජනතාවක් හිමිවේ. 
චපල අදහස් හා වැඩ නොමැති අතර විශ්වාස කළයුතු වචන ප්‍රකාශ කරයි.
උඩගු බව නැතිවේ. 


5. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සිටීමේ ආනිංශංස
තුන් කල්හි කරන සෑම කටයුත්තක්ම හොදින් වැටහේ.
සැම විටම එළඹ සිටි සිහිය ඇතිවේ.
උන්මන්තකයෙක් නොවේ
ඥානවන්තබව, නිදොස් බව, නොහික්මුණු ක්‍රියා නැති බව ඇතිවේ. 
කෙලතොල්ලකු නොවේ.
තරුණ මදයෙන් මත් නොවේ.
අප්‍රමාදව කටයුතු කරයි.
මෝහයෙන් මුලා නොවේ.
තැති නොගයි, එකට එක නොකරයි, ඊර්ෂයා නොකරයි.
සැප ඇතිවී බොහෝ දෙනා විසින් පිළිගනී. 
කේලාම් පරුෂ වචන, හිස් වචන කථාන නොකරන අතර සත්‍ය වචන කතා කරයි.
කළගුණ දන්නා කෙනෙක් බවට පත්වී කළ උපකාරයට කරයි.
මසුරු බව නැතිවී ත්‍යාගවන්ත බවට පත්වේ. 
සිල්වත්, සෘජු ගති පැවතුම් ඇති, ක්‍රෝධ නොකරන කෙනෙකු බවට පත්වේ.
පව් කිරීමට ලැජ්ජාව සහ බිය ඇතිවේ. 
සෘජු අදහස් ඇතිවේ.
ණුවනැති බව, ප්‍රඥාවන්තබව ඇතිවේ.
අර්ථය හා අනර්ථය තේරුම් ගැනීමේ හැකියාව ඇතිවේ. 


පින් කිරීම අපි හැමෝටම ඉතාමත් වැදගත් දෙයක් වන්නේ මෙලොව සහ පරලොව යහපත පිණිස එය දායක වන නිසයි. අකුසල් වලින් දුරස් වී යහපත් දේ කිරීමෙන් හා කීමෙන් ජීවිතය සකසා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ නිසාවෙනි. 

 

 

 

 

 

Related articles

 

© 2015 srilife.lk