අතීතයේ රෝගීන්ට කළ අමුතුම ප්‍රතිකාර

10. මිය ගිය මීයන්


පුරාණ ඊජිප්තුවන් විසින් මිය ගිය මීයන් අඹරා සකස් කරගන්නා ලද මිශ්‍රණයක් දන්ත වේදනා සදහා යොදා ගන්නා ලදි.


09. මීයෙකුගෙන් අඩක්


ඉන්නන් ඉවත් කිරීම සදහා ඉපැරණි එන්ගලන්ත වෛද්‍ය චාරිත්‍ර අනුව අඩක් කපන ලද මීයෙක් ඉන්නා ඇති ස්ථානයේ ස්පර්ශ කිරීමට සලස්සවා ඇත.


08. බැටළුවෙකුගේ අක්මාව


මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ වෛදවරුන් විසින් රෝගියෙකු පරික්ෂා කිරීම සදහා බැටළුවෙකුගේ අක්මාව යොදාගෙන ඇත.


07. අධෝවාතය


මධ්‍යතන යුගයේ මිනිසුන් මහාමාරිය වසංගතයෙන් බේරීම සදහා මෙම පිළිකුල් සහගත ප්‍රතිකාරය යොදාගෙන තිබෙනවා. එනම් බදුනකට අධෝවාතය මුදා හැර වසංගත ගම්මාන වල පැතීරී යන විට එම බදුන් විවෘත කර එමගින් වසංගත රෝග වලින් වැළකී සිටිය හැකි බවට විශ්වාස කර ඇත.


06. දිව කැපීම

ගොත ගහමින් කතා කරන්නන්ට ප්‍රතිකර්මයක් ලෙස පැරැන්නන් මෙය භාවිතා කර ඇත. එහෙත් මෙම ක්‍රමය භාවිතා කළ පුද්ගලවන් බොහෝ දෙනෙක් නොනවත්වා රුධිරය ගලා යෑම නිසා ජීවිතක්ෂයට පත් වී ඇත.


05. මූත්‍රා පානය


පැරණි වෛද්‍ය වරුන් මුත්‍රා පරික්ෂා කිරීමේදී මූත්‍රා සාම්පලයෙන් කිසිම සාර්ථක ප්‍රථිපලයක් නොලැබුනහොත් ඒවා ආග්‍රානය කිරීම හෝ පානය කිරීමෙන් කිසියම් අදහසක් රෝගියා ගැන ලබා ගත හැකි බව විශ්වාස කර ඇත.


04. සර්ප තෙල්

චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රම වල සර්ප තෙල් යොදා සන්ධි වේදනා සදහා ප්‍රතිකාර කර ඇත.


03. ගොළුබෙලි ජූස්


1700ටත් පෙර කැස්ස සහ කන් කැක්කුම සදහා ප්‍රතිකාරයක් ලෙස ගොළුබෙලි ජූස් භාවිතා කර ඇත.


02. කූඩැල්ලන්


විෂ ශරීරගත වූ විට කූඩැල්ලන් ශරීරයේ තැනින් තැන රදවා ලේ උරාබීමට සැලැස්වීම මගින් රුධිරයට මුසු වූ විෂ නැසිය හැකි බව පැරැන්නන් විශ්වාස කර ඇත. එම වෛද්‍ය ක්‍රමය අදටත් භාවිතා වේ.


01. මැලේරියා මදුරුවා


දරුණු බැක්ටීරියා ආසාදන වලදී මැලේරියා මදුරුවා භාවිතා කිරීමෙන් මැලේරියා රෝගය නිසා ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑමට සලස්වා බැක්ටීරියා විනාශ කිරීමට කටයුතු කර ඇත. 


source : http://buzzerg.com/

Related articles

 

© 2015 srilife.lk