අභ්‍යාවකාශ ඉතිහාසයේ ලබා ගත් සුවිශේෂී ඡායාරූප පෙලක්

 

පෘතුවියේ පළමු වර්ණ ඡායාරූපය

පෘතුවිය සම්පුර්ණයෙන්ම පෙනෙන මේ මුල්ම ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1972 දෙසැම්බර් 7 වැනි දා පෘතුවියේ කක්ෂයෙන් පිටතට පැමිණ සද වෙත ගමන්කරන Apollo 17 යානයේ ගගනගාමීන් විසින්ය. "Blue Marble"ලෙස මේ ඡායාරූපය ප්‍රචලිතව ඇත.


සදට පෘතුවිය උදාවන පළමු වර්ණ ඡායාරූපය

1968 දී සද වෙත යැවු Apollo 8 යානයේ කාර්යය වුණේ සද වටා ගොස් සද මතුපිට ඡායාරූප ගැනීමයි. සදේ කක්ෂය වටා යමින් ගන්නා ලද ඡායාරූප අතර වඩාම ජනප්‍රිය වුණේ මෙයයි. සදට පෘතුවිය නැගෙන ආකාරය මෙහි සටහන්ව තිබෙනවා.‍


සද මත සිට ගත් පෘතුවියේ ප්‍රථම ඡායාරූපය

1966 අගෝස්තු 23 ලබාගත් මෙය සද පෙනෙන ආකාරය දැක්වෙන පළමු ඡයාරූපයයි. Lunar Orbiter 1 යානයෙන් ගන්නා ලද මෙය පෘතුවියේ සිට කිලෝමීටර් 380 000ක් දුරින් සිට ලබාගෙන ඇත. පෘතුවියේ ස්ථාන්බුල් සිට කේප් ටවුන් දක්වා වු ප්‍රදේශයට රාත්‍රිය උදාවී ඇත‍


අගහරු සිට ලබාගත් පෘතුවියේ පළමු ඡායාරූපය

අගහරු සිට පෘතුවිය සහ චන්ද්‍රයා පෙනෙන අයුරු දැක්වෙන මේ ඡායාරූපය 2003 මැයි 8 Mars Global Surveyor යානය විසින් ලබාගෙන ඇත. මෙය පෘතුවියේ සිට කිලෝමීටර් මිලියන 139ක් දුරින් සිට ගත් එකකි.


සූර්යයාගේ ප්‍රථම ඡායාරූපය

ප්‍රංශ විද්‍යාඥයින් දෙපලක් වු Louis Fizeau සහ Leon Foucault විසින් 1845 අප්‍රේල් 2 දා සුර්යයාගේ පළමු සාර්ථක ඡායාරූපය ලබාගෙන ඇත. සූර්ය ලප කිපයක් මෙහි සටහන් වී ඇත. 


සද මත සිට ගත් Edwin Aldrin ගේ ඡායාරූපය

1969 සද තරණයේදී Neil Armstrong විසින් මෙම ඡායාරූපය ගෙන ඇත. Aldrin හිස් ආවරණයේ වීදුරෙන් Neilගේ ඡායාවද මෙහි දැක්වේ. ලොව පුරා වැඩිපුරම ජනප්‍රියත්වයට පත් ඡායාරූපයකි.


ප්‍රථම අභ්‍යවකායේ ඇවිදීම

1965 දී ඇමරිකානුවෙක් විසින් කරන ලද ප්‍රථම අභ්‍යවකාශයේ සැරිසැරීම‍ මෙය අභ්‍යවකාශයේ පාවෙමින් සැරිසරන පුද්ගලයෙක් විසින් අභ්‍යාවකාශෙයේ සැරිසරන පුද්ගලයෙක් ඡායාරූපගත කල ප්‍රථම අවස්ථාව මෙයයි.


සදෙහි ප්‍රථම පා සටහන


1969 දී Apollo 11 යානයෙන් සද තරණය කල අවස්ථාවේ  Edwin Aldrin විසින් මෙම සදෙහි ප්‍රථම පා සටහන ඡායාරූපගත කර ඇත.


 බ්‍රහස්පතිගේ විශාල රතු ලපය

 

1979 දී Voyagers 1 and 2 යානා මගින් ලබාගෙන ඇති මෙම ඡායාරූපය බ්‍රහස්පතිගේ සුප්‍රකට රතු ලපයේ පැහැදිලිව ලබා ගත් ප්‍රථම ඡායාරූපයයි. මෙම ලපය පෘතුවිය මෙන් තුන්ගුණයක් පමණ විශාල වේ.

 


රැහැන් රහිත ප්‍රථම අභ්‍යවකාශ සැරිසැරීම

1984 Bruce McCandless විසින් අඩි 300කට වැඩි දුරක් Challenger අභ්‍යාවකාශ යානයෙන් පිට රැහැන් රහිතව සැරිසැරූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි. මෙම ගමන ඔහු විසින් සිදුකර ඇත්තේ jet -powered Manned Maneuvering Unit නම් විශේෂ ඇදුමක් ආධාරයෙනි.


ප්‍රථම අඟහරු මතුපිට ඡායාරූපය

1976 ජුලි 20 Viking 1 යානය අගහරු මතුපිටට ගොඩ බෑ පළමු අවස්ථාවේ එහි robot spacecraft එක මගින් විනාඩියක් පමණ ඇතුලත මුලින්ම ගන්නා ලද ඡායාරූපයයි.


Skylab සිට ලබා ගත් හිරුගේ ගිනිදැල්

1973 NASA ආයතනය මගින් පෘතුවිය සහ සූර්යයා අතර ස්ථානගත කල Skylab එකේ සිට මෙම ඡායරූපය ලබාගෙන ඇත.


ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය

අභ්‍යාවකාශයේ පාවෙන විශාලම මිනිස් නිර්මාණය වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඡායාරූපයකි.


Cassini යානයෙන් ගත් සෙනසුරුගේ ඡායාරූපය

2004 දී සෙනසුරුගේ කක්ෂයට ඇතුල් වු Cassini යාන‍යෙන් සෙනසුරු එහි වලල්ල සහ චන්ද්‍රයන් අතුළත්ව ලබාගත් ඡායාරූපයකි. 2005 වසරේ දී මෙම යානයෙන් වෙන් වු Huygens probe නැමති උප යානාව සෙනසුරුගේ Titan චන්ද්‍රයා මතට යවා ඇත.


 

Related articles

 

© 2015 srilife.lk