ඉක්මනින්ම අත් හැරිය යුතු, ඔබ ළග ඇති ඔබ නොදන්න නරක පුරුදු

 

නියපොතු සැපීම

නියපොතු හැපීම එතරම් භයානක පුරුද්දක් නොවුවත්, එය එක්තරා රෝගී තත්වයක් බවයි පැවසෙන්නේ. මෙම පුරුද්ද තිබෙන අය pathological groomers ලෙස හදුන්වයි.

මෙම පුරුද්ද නතර කර ගැනීමට නම් ඹබ කල යුත්තේ නියපොතු කොටට කපා තබා ගැනීමයි.


දෑස් දෙස නොබලා කතා කිරීම

කෙනෙකු සමග කතා කරන විට ඔහුගේ දෑස් දෙස කෙලින් නොබලා ඉවත බලා ගෙන කතා කිරීමද ඔබ මග හැරිය යුතුම පුරුද්දකි. මේ පුරුද්ද දිගින් දිගටම පැවතුනහොත් එය  ඉතාම භයානක තත්වයට පත්විය හැක. එමගින් ඔබ සමග කතා කරන පුද්ගලයාට දැනෙන්නේ ඔබ අවිශ්වාසවන්ත, බොරුකාර, බයාදු, අදක්ෂ පුද්ගලයෙකු බවයි.

මෙම පුරුද්ද මග හැර ගැනීමට ඔබ කල යුත්තේ සංවාද වලදී හැකි තාක් දෑස් මග නොහැර කථා කිරීමයි.  


උදේ ආහාරය මග හැරීම

උදෑසන ආහාරය මග හැරීම බොහෝ දෙනෙක් සිදුකරන නරක පුරුද්දක්. බොහෝ අයගේ  උදෑසන කාලය ඉතා කාර්යබහුල, කලබලකාරී එකක් වීම උදෑසන ආහාරවේල මග හැරීමට ඇති ප්‍රබලම හේතුවයි. නමුත් ශරීරයට මෙන්ම මොළයටද අවශ්‍ය පෝෂණය ලබාදෙන  දවසේ ඉතාම වැදගත්ම ආහාරවේල උදෑසන ආහාරවේලයි.

උදෑසන ආහාර ගැනීමේ පුරුද්ද ඇති කර ගැනීමට නම් වෙනදාට වඩා මිනිත්තු කීපයක් වේලාසනින් අවධිවී උදෑසන කලබලකාරීබව අඩුකර ගත යුතුයි. එවගේම රාත්‍රීට සැහැල්ලු ආහාරයක් ගැනීමද සුදුසුයි.


වැඩිපුර නිදා ගැනීම

හොද නින්දක් කියන්නේ ශරීරයේ සෞඛ්‍ය පවත්වා ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. ඒත් සමීක්ෂණ වලින් සොයාගෙන ඇත්තේ බොහෝ වෙලා නිදා ගැනීම ශරීරයට අහිතකර බවයි. එයින් වෙහෙසකර අලස බවක් දැනෙන අතර එය එය ඔබගේ දෛනික ජීවිතයටත් අහිතකර ලෙස බලපානවා.

දවසට පැය 6 – 8 ත් අතර නිදා ගැනීමෙන් ඔබේ ශරීර ශක්තියත් ඔබට අවශ්‍ය විවේකයත් ලබා ගැනීමට ප්‍රමාණවත් බවයි පැවසෙන්නේ.


සෘණාත්මක ස්වයං කථනය

ඔබට ඉදිරියට යෑමට අවශ්‍යනම් මෙම පුරුද්ද වහාව නතර කරගත යුතු ‍වෙනවා. යම් දෙයක් සිදුකර ඔබ අසාර්ථක වූ විට හෝ යම් අත් වැරැද්දක් ඔබෙන් සිදු වූ විට, ඔබට කිසිදෙයක් කරගත නොහැකිය, ඔබ අසාර්ථක පුද්ගලයෙක්ය යන්න ඔබ තුලින්ම කියා ගැනීම මෙම පුරුද්දයි. මේ පුරුද්ද නිසා ඔබට ඉලක්ක වලට යාමට නොහැකි වන අතර ඔබ ටිකෙන් ටික අසාර්ථක පුද්ගලයෙක් බවට පත්වේ.

ඔබේ අත්වැරදීම් හා අසාර්ථක වීම් වලින් පාඩම් ඉගෙන ගන්න. සෑම අසාර්ථක වීමක්ම තාවකාලික පරාජයක් පමණක් ලෙස ධනාත්මකව සිතන්න.


රූපවාහිනී නැරඹමිමට වැඩි කාලයක්  වැයකිරීම

වැඩි වෙලාවක් රූපවාහිනි නැරඹීමෙන් ඔබගේ සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කරනවා. ශරීරයේ බර වැඩිවීමට මෙන්ම දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමටත් මෙය හේතුවක්. පැය දෙකකට වඩා රූපවාහිනී නරඹන මිනිසුන් 9000ක් යොදා ගනිමින් කල සමීක්ෂණයකින් හෙලිවී ඇත්තේ අඩුවෙන් රූපවාහිනී නරඹන අයට වඩා, වැඩිපුර සීනි සහිත ආහාර, මේදය අධික ආහාර හා කෙටි රූපවාහිනි නරඹන අවස්ථාවල දී ගන්නා බවයි.

මෙම පුරුද්දෙන් මිදීමට නම් රූපවාහිනි නරඹීමට වැය කල කාලය මිතුරන් හමුවීමට, පොත් කියවීමට හෝ වෙනත් වෙනත් විනෝදාංශවල යෙදීමට වැයකල යුතුය.


අධික ලෙස දුම්පානය හා මත්ද්‍රව්‍ය පානය.

මේ නරක පුරුද්ද නිසා ලොව පුරා සැලකිය යුතු ප්‍රමාණයක් දිනපතාම මිය යනවා. මත්ද්‍රව්‍ය හා දුම් වැටි අක්මාවට හානිවීම, පිලිකා, හෘදයාබාද, රුධිර පීඩනය, මානසික අවපීඩනය, මතකය අඩු වීම, ලිංගික අප්‍රාණිකත්වය වැනි රෝග වලට මූලිකම හේතුවක් වෙනවා. මෙම පුරුදු නිසා සමාජය ඔබව දකින්නේත් හොද පුද්ගලයෙක් විදියට නොවෙයි.

මේ පුරුදු වලින් මිදීමට නම් ඔබ මුලින්ම කල යුත්තේ මතට ඇබ්බැහි වූ ඔබගේ මිතුරන් ගෙන් ඈත් වීමයි. වෛද්‍ය උපදෙස් ගැනීමද ඉතාමත් සුදුසුයි.


බඩගිනි නොමැති විටත් නිතරම යම් යම් ආහාර ගැනීම

නිතරම යමක් අහාරයට ගැනීමේ පුරුද්ද ඔබගේ ස්වභාවිකව කුසගන්න ඇතිවීම හා ආහාර ප්‍රමාණවත් බවට මොළයෙන් සැපයෙන සංඥා අඩපන කරයි. ඒවගේම දියවැඩියාව, හෘද රෝග සහ තවත් රෝග රාශියකට මෙය හේතුවකි. මෙවැනි ආහාර බොහෝමයක සෞඛ්‍යට අහිතකර ද්‍රව්‍යද අඩංගු වේ.


ඕනෑවට වඩා බැරෑරුම් ලෙස ජීවත්වීම

සාර්ථකත්වයට ලගාවීමටම නම් සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණදිය යුතුයි. ඔබ වෙත පැමිණෙන ප්‍රශ්න ඕනෑවට වඩා බරෑරුම් ලෙස සිතීම නොකල යුතුය. මේ තුළින් ඉතා කුඩා ප්‍රශ්නයකදී වුවත් දැඩි කනස්සල්ලක් ඇතිවී ජීවිතයේ සතුට ඔබට අහිමි වේ.

ජීවිතයේ මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වලදී ඒවා බැරෑරුම් ලෙස නොගන්න.


එකවර බොහෝ කාර්යන්ගේ යෙදීම

මෙය අප බොහෝ දෙනෙක් කරන වරදක්. ආහාර ගන්නා අතර තුර Facebook තුල සැරිසැරීම, රූපවාහිනී නරඹන අතරතුර SMS යැවීම වැනි සරල දේවල් වල සිට ඉතා වැදගත් කාර්යන් පවා අප එකවර කිරීමට උත්සාහ කරනවා. මේ තුලින් අපේ කාර්යක්ෂමතාවය වැඩි වේ යැයි අප සිතුවත් ඇත්තෙන්ම සිදුවන්නේ අප එකවර කරන කාර්යන් සියල්ල්ම මන්දගාමී වීමයි.

එක් වරකට එක කාර්යක පමණක් යෙදීමෙන් එම කාර්ය ඉතාමත් සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවේ.


 

 

Related articles

 

© 2015 srilife.lk