තුවාලයක් සුව කරන්න ශරීරය සිදුකරන අපූරු ක්රිායාවලිය

ශරීරය මතුපිටින් සම මගින් ආරක්ෂා වී පවතී. සම බිඳී ගිය විට එයට යටින් වූ සෛල බිඳීමකට ලක්වේ. ස්නායු සහ රුධිර නාලවල ඉරීමක්ද සිදුවේ. ශරීරයේ තුවාලයක් සිදු වූ විට ආරක්ෂාකාරී ස්ථානවලට අනතුරුදායක සංඥාවන් හතරක් ක්‍රියාත්මකවේ.

1. රුධිරය පිටවීම අඩු වීම සඳහා රුධිර පීඩනය අඩු වීම.

2. ලේ කැටි ගැසීමේ කාලය අඩු වීම. (සාමාන්‍ය රුධිර කැටි ගැසීෆම් කාලය මිනිත්තු 03-04කි)

3. ශරීරයෙන් පිටවුන රුධිරයට සමාන ප්‍රමාණයක් වන ලෙස ප්ලීහාවේ ගබාඩාවී ඇති රුධිරය පිටි කිරීම.

4. ආරක්ෂක රුධිර සෙසල වන සුදු රුධිරාණු ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට මෙන් 10 ගුණයකින් වැඩි කිරීම.

වසා තරලය සහ රුධිර ප්ලාස්මාව තුවාලය තුලට ගලා යාමෙන් එයට අවශ්‍ය තෙතමනය සපයයි.  එවිට ඉන් රුධිර වහනය නැවතෙයි. රුධිරය කැටි ගැසීමට රුධිරයේ පවතින් පට්ටිකා උපකාරී වේ. මේ වා බිඳීයාමෙන් එක්තාරා රසායනික පදාර්ථයක් නිකුත්වේ. මෙම රසායනික පදාර්ථය මගින් රුධිර සාධකයක් වූ ප්‍රෝත්‍රොම්බීන්, ත්‍රොම්බින් බවට පත්වේ. මෙය රුධිරයේ පවතින පදාර්ථයක් වූ ෆයිබ්‍රිනෝජන් සමග ක්‍රියාකොට සුදු පැහැති කෙඳි විශේෂයක් වූ ෆයිබ්‍රීන් නිපදවයි. මේවා තුවාලයේ කෙලවරවල්වල තැන්පත් වීම හේතුවෙන් ශරීරය තුලට බැක්ටීරියා ඇතුල්වීම වලක්වාලයි.

තුවාලය අසල වූ රුධිර නාල පලල්වේ. ඒවාගේ බිත්ති තුනී වේ. සුදු රුධිරාණු විශේෂයක් වන ෆැගෝසයිට වල කාර්යයවන්නේ බැක්ටීරියා, මියගිය සෛල, අපද්‍රව්‍ය ආහාරයට ගැනීමයි. ඒක ෆැගෝසයිටයක් විසින් බැක්ටීරියාවන් 20ක් පමණ ආහාරයට ගනු ලැබේ.

මෙම බැක්ටීරියා මගින් ප්‍රතිදේහ නිපදවනු ලැබේ. ශරීරයේ වූ සෙසල රුධිරවාහිනි පද්ධතිය මගින් පෝෂණය වේ. නමුත් තුවාලයක් පවතින විට මේ තත්වය ක්‍රියාත්මක නොවේ. මේ සඳහා පෝෂණය සපයනු ලබන්නේ ෆයිබ්‍රොබ්ලාස්ට් (fibroblast) සෛලය.

යුද්ධයකදී තුවාල ලැබුවන් නිරාහාරව සිටින විට තුවාල සුව වීම සඳහා ශරීරයේ පවතින පටක බිඳී ගොස් එම ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. මෙහිදී ඇතිවන ඇමයිනෝ අම්ල වලින් තුවාල ඇති ස්ථානයේ අළුත් පටක ඇති කරවයි. මේ නිසා මෙවැනි පුද්ගලයන්ගේ ශරීරය දුර්වල වේ.

 

තුවාලය ක්‍රමයෙන් granulation පටක වලින් පිරේ. තුවාලය වටා මේ සෛල ක්‍රියා කිරීමට පටන් ගනී. පළමුව ඇතිවන සම තුනී වූ එකකි. මෙය ක්‍රමයෙන් වර්ධනය වේ. තුවාලය සිදු වී සතියක් පමණ ගත වන විට එහි සුවවන ලකුණු දැකිය හැකිය.

තුවාලයක් සුවවන විට ශරීරයේ සිදුවන විශ්මිත ක්‍රියාවලිය මෙතනින් නරඹන්න

 

Related articles

 

© 2015 srilife.lk