දැක්කම ඇග හිරිවැටෙන මේ ජීවීන් ඔබගේ ශරීරයෙත් ඉන්නවා වෙන්න පුළුවන්

 

අපට නොපෙනුනාට අප අවට ලෝකයේ පියවි ඇසට නොපෙන බැක්ටිරියා ලෝකයක් තියෙනවා. ඒක හැමෝම දන්න කරුණක්. මේ බැක්ටීරියා ලෝකයේ අපව ලෙඩ කරවන භයාකන බැක්ටීරියා වර්ග රාශියක් ඉන්නවා වගේම අපේ ජීවත පවත්වාගෙන යන්න වැදගත් වන හිතකර බැක්ටිරීවන්ද මේ අතර ඉන්නවා. ඒ නිසා බැක්ටීරියා ලෝකය අපට ඉතාමත් වැදගත් වෙනවා. අපට නොපෙනෙන මේ බැක්ටීරියා ලෝකයේ සුවිශේෂී ඡායා රූප පෙලක් ලබා ගන්න කැලිෆෝනියාවේ Cabrillo විද්‍යාලයේ විද්‍යාගාර කාර්මිකවරියක් වන Tasha Sturm සමත් වෙලා.

ඇයගේ 8 හැවිරිදි පුතා එලි මහනේ සෙල්ලම් කර පැමිණීමෙන් පසු ඔහුගේ අත් බැක්ටීරියා වැඩීමට සුදුසු වගා මාධ්‍යක තැබීමෙන් සතියකට පසු එම වගා මාධ්‍යයේ වැඩුනු බැක්ටීරීයා තමයි මේ විදියට දකින්න ලැබුණේ.


අත් සලකුණේ පහල දකුණු කෙලවරේ දකින්නට ලැබෙන මෙම බැක්ටීරියාව අපිරිසිදු ස්ථාන වල වැඩෙන බැසිලස් වර්ගයේ  බැක්ටීරියාවක්


අත් සලකුණේ ඉහල කොටසේ තිබුණු ඇග කිලිපෙලා යන මෙම සලකුණ නම් කුමන බැක්ටිරියාවක දැයි හරියටම කිව නොහැකියි.


Cabrillo විද්‍යාලයේ සිසුවකුගේ අත් සේදීමට ප්‍රථම තැබූ අත් සටහනක සහ ජලයෙන් පමණක් අත් සේදීමෙන් පසු තැබූ අත් සටහනක බැක්ටීරියා වර්ධනය වී ඇති ආකාරයේ වෙනස ඔබට මෙම ඡායාරූප වලින් දැකගන්න පුළුවන්.

අපිරිසිදු අත් සලකුණු වල වැඩුණු බැක්ටීරියා


ජලයෙන් පමණක් සේදූ අත් වල වැඩුණු බැක්ටීරියා


මේ බැක්ටීරියා දෙස බලනවිට  ඔබගේ සිතට මොන වගේ අදහසක් දැනෙවාද? ගොඩක් අයට ලොකු අප්‍රිය ගතියක්, ඇග කිලිපොලා යන ගතියක් දෙනනවාට කිසිම සැකයක් නැහැ. 

 

Related articles

 

© 2015 srilife.lk