ප්ලූටෝ මත ජලය හමුවීමෙන්, ප්ලූටෝ මත ජීවයක් පිළිබද බලාපොරොත්තුවක්

 

නාසා ආයතනය මගින් 2006දී ප්ලූටෝ ග්‍රහයා වෙත යැවූ New Horizons අභ්‍යාවකාශ යානාව වසර 9.5කට පසු සැතපුම් බිලියන 3ක තම ගමන නිමාකොට සාර්ථක ලෙස මේ වන විට ප්ලූටෝ ග්‍රහයාට ඉතාම සමීප වී ඇත. මේ වන විට New Horizons යානය පවතින්නේ ප්ලූටෝ ග්‍රහයාට සැතපුම් 7700 තරම් ආසන්නයෙනි.

නාසා ආයතනය විසින් අභ්‍යාවකාශගත කරන ලද වේගවත්ම යානාව වන මෙය පැයට සැතපුම් 31000ක වේගයෙන් ගමන් කරයි.


ජූලි 15 පසුගිය බදාදා නිව් හොරයිසන් විසින් එවන ලද මෙතෙක් ප්ලූටො ග්‍රහයාගේ සමීපතම ඡායාරූපය පෘතුවිය වෙත ලැබිමෙන් පසු නාසා ආයතනයේ New Horizons ප්‍රධාන පරීක්ෂණ නිළධාරී Alan Stern පැවසූයේ මෙම ඡායාරූපය දැකිමෙන් තමා මහත් පුදුමයට පත්වු බවයි.

මෙයට හේතුව වුණේ එම ඡායාරූපයේ දැක්වෙන අඩි 11000ක් උසැති ජලය ඝන විමෙන් සැදුනු විශාල අයිස් කන්දකි. මෙම අයිස් කන්ද වසර මිලියන 100ක් පමණ වන බව නාසා ආයතනය පවසයි.

                                        ප්ලුටෝ හි ජලය මිදීමෙන් ඇති වු අයිස් කන්ද


New Horizons ප්ලූටෝ වෙත යැවිමට පෙර විද්‍යාඥයින් සොයාගෙන තිබුණේ මෙම ග්‍රහයා මත නයිට්‍රජන් අයිස්, මීතේන් අයිස් සහ කාබන් අයිස් පවතින බවයි. නමුත් ඉහත අයිස් වලින් විශාල කදු සෑදී තිබීමට නොහැකි වන්නේ ඒවා ඉතාමත් මෘදු ද්‍රව්‍ය වන බැවිනි. මේ හේතුවෙන් එම විශාල අයිස් කදු වැටිය ජලය ඝන විමෙන් සෑදුනු කන්දක් බවට නාසා ආයතනය පවසයි.

මේ හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලයේ ලාබාලම සහ දුරින්ම පිහිටි සමාජිකයා වන ප්ලූටෝ ග්‍රහයා මත ජීවය තිබෙන්නට අවශ්‍ය මූලික සාධකයක් වන ජලය තිබීම හේතුවෙන් එය මත ජීවයක් පැවතිය හැකි බවට බලාපොරොත්තුවක් තැබිය හැක.

             ප්ලුටෝ ග්‍රහයාගේ සමීප ඡායරූපයක් (පහත අළු පාටින් දැක්වෙන්නේ අයිස් කදු සහිත ප්‍රදේශයයි.)


මීට අමතරව ප්ලූටෝහි චන්ද්‍රයන් වන Charon සහ Hydraගේ සමීප ඡායාරූපද මේ වන විට පෘතුවිය වෙත ලැබී තිබෙනවා. මෙම ඡායාරූප අතර Charon මත ඇති සැතපුම් 6ක් පමණ ගැඹුරු ආගාධයක් හා Hydra නොදුටු අළුත් පැතිකඩක්ද වේ.

                                           Charon හි සමීප ඡායාරූපයක්


                 හොරයිසන් විද්‍යාඥයින් පිරිස ප්ලූටෝ හි පළමු සමීප ඡායාරූපය ලැබීමෙන් පසුව ප්‍රීති වෙමින්


source: www.nasa.gov

Related articles

 

© 2015 srilife.lk