අංගම්පොර සටන් කාලවේ විශ්මිත සටන් ක්‍රම ඇතුලත් ඡායාරෑප පෙළක්

 

අංගම්පොර කලාව ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති සංහලයන්ගේ සටන් කලාවකි. මෙය වසර 33000කට පෙර කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රණ ශුරයාගේ පෙළපතින් ඇරඹෙන බව ජනප්‍රවාදයේ පවතී. පසුව මහා රාවන රජු විසින් දියුණුවට පත් කල අංගම්පොර ශාස්ත්‍රය රට ජාතිය ආගම රැකගැනීම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වුවකි. මහනුවර යුගය දක්වා සිංහලයන්ට එරෙහිව පැමිණි සතුරන් මැඩලීමට යොදාගත් ප්‍රභලම අවිය අංගම්පොර සටන් කලාවයි. 1818 කැරැල්ලේ දී ඉංග්‍රීසීන්ට අංගම්පොර සටන් කලාව නිසා ඇති  වුණු දැඩි තර්ජනය හේතුවෙන් එය ගැසට් නිවේදනයක් මගින් තහනම් කර එය පුහුණු වුවොත් දණහිසෙන් පහලට වෙඩි තැබීමට නියෝග කර ඇත. එහෙත් සිංහලයන් විසින් රහසේම පුහුණු වී රැකගෙන ආ නිසා අද වන විටත් අංගම්පොර සටන් කලාව ඉතිරි වී පවතී.

අංගම්පොර සටන් කලාවට අයුධ සහිත  (ඉලංගම්) සටන්, ආයුධ රහිත (අංගම්) සටන් මෙන්ම මයා අංගම් නැමති භාවනා ක්‍රම මගින් පුහුණු කල අධි මානසික ශක්තියෙන් කරන සටන් ක්‍රමයක් ද අතුලත් වේ. ඊට අමතරව අංගම්පොර සටන්කරුවෙක් විසින් නිල වෙදකම, දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි විෂයන්ද හැදෑරිය යුතුය. අංගම්පොර හැදීරීමට එන ආධුනිකයාගේ හදහන පරීක්ෂා කර ග්‍රහ පිහිටීම සුදුසු නම් පමණක් පුහුණුව සදහා තෝරාගන්නා අතර ඔහු පිරිසිදු සිංහල බෞද්ධයෙක් වීමද අනිවාර්ය කරුණකි.

පහත දැක්වෙන්නේ අංගම්පොර සටන් කලාවේ විෂ්ඨත්වය විදහා පාන අංගම්, ඉලංගම්, භාවනා ක්‍රම ආදිය දැක්වෙන ඡායාරූප පෙලක්. ඌව පාළාතේ පිහිටි පැරණි බලකොටුවක දී Reza Akram නම් ඡායාරූප ශිල්පියෙක් විසින් මෙම ඡායාරූප සටහන් කරගෙන ඇත.

සම්ප්‍රදායික අංගම්පොර අයුධ වලින් කරනු ලබන ඉලංගම් ඉරියව්වක්


සාම්ප්‍රදායික අංගම් භාවනා ආසනයක්


සාම්ප්‍රදායික අංගම්පොර කඩු භාවිතා කරමින් කරන ඉලංගම් ඉරියව්වක්


සාම්ප්‍රදායික අංගම්පොර කඩු භාවිතා කරමින් කරන ඉලංගම් ඉරියව්වක්


ශරීරයේ සමබරතාව වැඩි දියුණු කරන භාවනා ඉරියව්වක්


අසුන් පිට හෝ ඇතුන් පිට සටනට එන සතුරන්ට පහර දීම සදහා අසාමාන්‍ය උසක් පැනීමේ සටන් ක්‍රමයක් පුහුණු වන සටන්කරුවන් පිරිසක්


ආයුධ රහිත අංගම් සටන් ඉරියව්වක්


අංගම් සටන්වල එන ගැටයක්, සතුරා තදින් සිරකොට යොදන මෙවැනි ගැට සතුරාට දැඩි වේදනාවක් අත් කරයි.


සම්ප්‍රදායික අංගම්පොර අයුධ වලින් කරනු ලබන ඉලංගම් ඉරියව්වක්

අංගම්පොර සටන් ශිල්පියෙක් සාම්ප්‍රදායික සටන් ඇදුමින් සැරසී කඩුව ඇතැතිව.


සිංහල කඩුවක් අතින් ගත් අංගම්පොර සටන් ශිල්පියෙක්


රත්නපුර ජාතික කෞතුකාගාරයේ ඇති අංගම්පොර සදහා යෙදා ගන්නා සාම්ප්‍රදායික හෙල්ල


සටනට පෙර සටන්කරුවන් දෙවියන්ට සහ යක්ෂයින්ට කරනු ලබන පූජාවක්


කඩුව සහ පිලිහ යොදාගනිමින් කරන කඩු පාලි සටන් ඉරියව්වක්


කඩුව සහ පිලිහ යොදාගනිමින් කරන කඩු පාලි සටන් ඉරියව්වක්


ශරිරයේ චලනයන් පුහුණු වීම සදහා සිදුකරන අත් හරඹයක්


සාම්ප්‍රදායික අංගම්පොර භාවනා ආසනයක්


 

Related articles

 

© 2015 srilife.lk