අප හැම දෙනාගේම ජීවත වලට බලපෑම් කරන ලංකාවේ සුපිරි ධනවතා

 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හදුන්වන්නේ  ධම්මක පෙරේරා කියන එක දැන් බොහෝ දෙනෙක් දන්න කාරණයක්. නමුත් ඔහු හුදෙක් වාසනාව නිසාම ධනවත් වුවෙක් නොවේ. ඔහුගේ තිබු කැපවීම, අයෝජනයේ ඇති උපක්‍රමශීලි බව සහ සැලසුම් සහගත බව වගේ ගොඩක් දෙවල් මේ සදහා බලපෑ බව කියන්න පුළුවන්. ඔහු උපන්නේ කළුතර පයාගල ප්‍රදේශයේ බෞද්ධ පවුලකයි. ඔහුගේ මුත්තා එම ප්‍රදේශයේ යමක් කමක් තිබුණ සල්ලිකාරයෙක්. ඔහුගේ පියා සිල්ලර වෙළෙන්දෙක් වන අතර අම්මා ගුරුවරියක්. මුදල් කළමනාකරණය ගැන මුල්ම පාඩම කියලා දුන්නේ අම්මා බවයි ඔහු පවසන්නේ. වයස 11 ඉදන් අම්මා මාසිකව දුන්න රු. 500 මුදලින් මාසය පුරා ඔහුගේ වියදම් පියවා ගන්න අවුරුදු 8ක් පුරා ඔහු හුරුවෙලා තියෙනවා.

ඔහු මුල්වරට ව්‍යාපාරයක මුදල් ආයෝජනය කිරීම ඉතා රසවත් සිදුවීමක්. 1987 දී  ඔහුට අවුරුදු 19 ක් වන විට මොරටු විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රෝනික් පාඨමාලාවක් හැදීරීමට අවස්ථාව උදාවෙනවා. ඔහු අධ්‍යාපන කටයුතු සදහා කොළඹ නැවතී සිටියේ මමා කෙනෙක් සමගයි. මාමා පිටකොටුවේ හෝටලයක් පවත්වාගෙන ගිය අයෙක්. මාමාගේ හෝටලය ඉදිරිපට පදික වේදිකාවේ වෙළදාම් කල පුද්ගලයෙක් සමග ධම්මක පෙරේරා මුල්ම ව්‍යාපාර හවුල ඇති කරගන්නවා. සපත්තු ජෝඩුවක් මිලදී ගන්න අම්මා ලබා දුන් රු. 500ක් ඔහු පදික වෙළෙන්දාගේ ව්‍යාපාරයට යොදවනවා. ඔහුගේ මේ ආරම්භය ඉතා සාර්ථක වන අතරම පසුව ඔහු ලංකාවේ දැවන්ත ව්‍යාපාරිකයෙක් වීමේ අරමුණින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සමුදෙනවා. එයින් වසර 20ක් යන්නටත් මත්තෙන් ඔහු ලංකාවේ අංක එකේ ධනවතා බවට පත්වෙනවා.


මේ වන විට 47වන වියේ පසුවන ධම්මක පෙරේරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කොතරම් දායකත්වයක් සපයනවද කියන එක පහතින් තියෙන කරුණු කියවන විට ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු ලංකාවේ අප සැමදෙනාගේම ජීවත වලට අප නොදැනුවත්වම බලපෑම් කරන්නට සමත්වන්නෙක්.


1999 දී ඔහු විසි වසරක සැලසුමක් නිර්මාණය කරනවා. ඒ 2019 වන විට ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර අංශ 12ක ප්‍රමුඛයා වීමටයි. ඔහු මේ වන විට ව්‍යාපාර අංශ 9ක අණසක පතුරවල අවසන්. තවත් ඔහුට ඉතිරිව තිබෙන්නේ රක්ෂණ, සෞඛ්‍ය සහ දුරකථන සන්නිවේද යන අංශ පමණයි.


කොටස් වෙළදපලේ ලයිස්තු ගත සමාගම් 23කම කොටස් හිමිකාරිත්වය මේ වන විට ධම්මික පෙරේරා සතුයි. ඒ කියන්නේ කොළඹ කොටස් වෙළදපලෙන් 8%ක්ම පාලනය කරන්නේ ඔහු විසින්.


ඔහු කොටස් හිමිකාරීත්වය දරණ සමාගම් අතර සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, වැලිබල් ෆිනෑන්ස්, රෝයල් සෙරමික්, LB ෆිනෑන්ස්, හේලීස්, ලංකා සෙරමික්, ඩෙල්මේජ්, ක්වීන්ස්බරි හෝටල්, අමායා හෝටල්, අදිය ප්‍රධාන වෙනවා.


ඔහු කියන ආකාරයට ලංකාවේ සමස්ථ ආයතනික බදු වලින් 5% ගෙවනු ලබන්නේ ඔහු සතු සමාගම් වලිනුයි. ඔහුගේ අරමුණ වෙලා තියෙන්නේ මෙය 10% දක්වා වර්ධනය කරීමයි. රජයේ ආදායමට ඔහු කෙතරම් දායක වෙනවද කියන කාරණය මෙයින් හොදටම පැහැදිලි වෙනවා


ඔහුගේ ව්‍යාපාර අතර කැසිනෝද වෙනවා. ඔහු පවසනේ කැසිනෝ වලින් ලැබෙන ආදායම ඔහුගේ මුළු ආදායමෙන් 3% - 4% පමණක් බවයි.


ඔහු මේ වන විට තායිලන්තය, ඉන්දුනීසියාව, ජපානය, එංගලන්තිය වැනි රටවලත් ආයෝජන සිදුකර තිබෙනාවා. ලොව අංක එකේ සමාගමක් වන වොල්මාර්ට් හි කැනඩාවේ වෙළදසැල් ජාලයට  Levi’s ඩෙනිම් සපයන්නේද ධම්මික පෙරේරා විසින්


ෆෝබ්ස් සගරාවට අනුව ධම්මික පෙරේරාගේ වත්කම ඩොලර් මිලියන 550ක් වෙනවා. (රු. කොටි 7750 පමණ) නමුත් මීටත් වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් ඔහු සතු බව ෆෝබ්ස් සගරාව වැඩි දුරටත් කියනවා.


ධම්මික පෙරේරාගේ ප්‍රථම හෝල්ඩින් සමාගම වන වැලිබල් සමාගම කොටස් 5ක් දක්වා වර්ධනය කර ඉන් කොටස් තුනක් ඔහුගේ දියණියන් තිදෙනාටත් අනෙක් කොටස් දෙක සමාජ සත්කාර වෙනුවෙනුත් යොදවන්න ඔහු සැලසුම් කර තිබෙනවා.


බෞද්ධයෙක් වන ධම්මික පෙරේරා 1999 වසරේ සිටම භාවනාවන්ට යොමුවී  තිබෙනවා. එයින් ඔහුගේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි දියුණු වන බවයි ඔහු පවසන්නේ. මත්පැන් පානයට හා චිත්‍රපට නැරඹීමට ඔහු ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ.


ඔහු බෙන්ස් කාර් වලට දැඩි කැමැත්තක් දක්වන්නෙක් වන අතර ඔහු සතුව මේවන විට බෙන්ස් කාර් 6ක් තිබෙනවා. ඔහු පළදින්නේ රොලෙක්ස් ඔරලෝසු පමණක් වීමද විශේෂත්වයක්.  ලෝකයේ ඇති දැවැන්ත සමාගම් පිළිබද අධ්‍යනය කිරීම ඔහුගේ විනෝදාංශයයි.


අපේ රටේ ආර්ථික දියුණුවට මෙවැනි උපක්‍රමශීලි ව්‍යවසායකයින් හිගයක් පවතින බව කිව යුතුම කාරණයක්. ධම්මික පෙරේරා තවත් එක් උපාධිධාරියෙක් පමණක්ම වුවානම් ලංකාවේ සමස්ථ ආර්ථිකයටම වෙන්නට තිබුණ පාඩුව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. ශ්‍රී ලංකාවේ අනාගතය පවතින්නේ මෙවැනි අති දක්ෂ ව්‍යාපාරිකයින් සතුව බව පාලකයින් මෙන්ම අප සියළු දෙනාම වටහාගත යුතු කරුණක්.


 

Related articles

 

© 2015 srilife.lk