ඇත්තටම යාපනය ‘සිංහලේ‘ කොටසක්ද?

ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්‍ර‍කාශවේ. වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි.පොළොන්නරුවෙන් එළවා දැමූ කාලිංග මාඝ නොහොත් කාලිංඝ විජයබාහු රජ යාපනයට පසු බැස එහි පාලකයා වන්නට ඇතැයි සැක කරති.

                                                       වල්ලිපුරම් රන්පත් ලිපිය

දෙවරක් රට ආක්‍ර‍මණය කළ ජාවක චන්ද්‍රානු කාලිංග මාඝගේ පුතා බව දැන් හෙළි වී තිබේ. මෙම ජාවකයන්ට උතුරේ විසූ සිංහලයන්ද පක්ෂ වූ බව මහාවංසයේ සදහන් මෙම කාලිංග මාඝ සහ ජාවක චන්ද්‍ර‍භානු පාලනයෙන් පසු දකුණු ඉන්දියාවේ රාමේශ්වරමෙන් ආ ආර්ය චක්‍ර‍වර්තිවරු 13 දෙනෙක් යාපනය (යාපා පටුන) පාලනය කළහ. රාජ්‍ය උරුමය හෝ බල ලෝභය නිසා සිංහල ප්‍ර‍ධානීන් අතර ගැටීම වැඩි වීම නිසා සිංහල රජවරු දුබල වූහ. ලංකාවේ රාජධානි සංඛ්‍යාවෙන් වැඩිවෙත්ම බලය හීන විය. මේ ගැටුම් නිසා ද ආර්ය චක්‍ර‍ර්තී වරුන්ට පාණ්ඩ්‍ය රටේ රජුගේ අනුග්‍ර‍හය හා සහයෝගය ලැබීම හා එකල බලවත්ව සිටි විජය නගර අධිරාජ්‍යයාගේ සහාය ලැබීම නිසාද යාපා පටුන (යාපනය) ආක්‍ර‍මණිකයන් ගෙන් දඹදෙණි පාලකයන්ට බේරා ගත නොහැකි විය. මෙම ජා පාලන සමයේද ආර්ය චක්‍ර‍වර්තී පාලන සමයේද, ඔවුන්ගේ බලය පැවැත්වූයේ ජා, මලල, දෙමළ සේනාවන් ගෙනි. අනුරාධපුරය, පොළොන්නරුව ආදී ප්‍රදේශවල නොයෙක් දකුණු ඉන්දියානු ආක්‍ර‍මණයන් ගෙන් පසුව ලංකාවේ රැදී සිටි ද්‍ර‍විඩයන් උතුරට ගිය බව පැහැදිලිය. මෙම දෙමළ ජනයා ද ආක්‍ර‍මණිකයන්ට එක් වූ බව මහා වංශයේ සදහන් වේ. විජය නගර අධිරාජ්‍යයාට අයත් සේනාංකයක් යාපා පටුනේ රදවා තිබුණේය.මේ අතරේ කෝට්ටේ අලකේශ්වර වරුද ඊට පසුව VI වන පරාක්‍ර‍බාහු රජු ද බලවත් වූහ. පරාක්‍ර‍මබාහු රජ සමයේදී කෝට්ටේ හමුදාවේ සේනපති සපුමල් කුමාරයා යාපනය යටත්කර වසර 17ක් ද ඊට පසුව VI වන බුවනෙකබාහු නමින් රජවී වසර අටක්ද රජ කළේය. වසර 25ක් සපුමල් කුමාරයා යටතේ යාපනය පාලනය විය. 

බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව දකුණු ඉන්දියාවට පළාගොස් සිටි ආර්ය චක්‍ර‍ර්ති පරපුරේ අන්තිම පාලකයා සිංකිලි සේනා ගෙනවුත් යාපා පටුන නැවත අල්ලා ගත්තේය. ඔහු තමා රටින් පිටුවහල් කිරීමට සහාය වූ යාපනයේ සිංහලයන් සමූල ඝාතනය ඇරැඹීය. මෙසේ මරා දැමීමෙන් හෝ පළා යාමෙන් හිස් වූ සිංහලයන් පදිංචිව සිටි ඉඩකඩම්වල සංකිලි දකුණු ඉන්දියාවෙන් දෙමළ පවුල් ගෙන්වා පදිංචි කරවීය.පෘතුගීසි මේ වන විට මුහුදුබඩ ප්‍රදේශවල බලවත් වෙමින් සිටියහ. පෘතුගීසින් සමග සටන් කිරීමට සිංහලයන්ට සිදුවීම නිසා යාපනයේ ද්‍ර‍විඩ බලය වැඩුණේය. 

                                                       සංකිලිගේ පිළිරුවක්

කෙසේ වෙතත් යාපා පටුනේ ද්‍ර‍විඩ රාජ්‍යයක් ඇති නොවීය. උඩරට රාජ්‍ය සමයේදී යාපනය (යාපා පටුන) සිංහල පාලකයාට අයත් රටක් ලෙස පාලනය විය. සංකිලි රාජ්‍ය බලය අල්ලා ගත්තේ සංකිලිගේ පියා උඩරට රජු බැහැදැකීමට ගොස් සිටියදී බව යාල්පාන වෛපවමාලෙයි නැමැති 17 වන සියවසයේ ලියූ යාපනය ඉතිහාසය කියයි. පෘතුගීසින් විසින් යාපනය අල්ලාගත් අතර පෘතුගීසීන්ට විරුද්ධව සටන් කළේ උඩරට රජුගේ සිංහල සේනාවයි. මෙම සටනින් පෘතුගීසීන් ජයග්‍ර‍ණය කළ අතර යටත්වීමේ ගිවිසුම ලියන ලද්දේ සිංහල භාෂාවෙන් හා පෘතුගීසි භාෂාවෙනි. මේ බව කෙව්රෝස් පියතුමාගේ ග්‍ර‍න්ථයේ සදහන් වේ.

පී. වීරසිංහයන්ගේ ‘යාපනය‘ ග්‍ර‍න්ථයෙනි

Related articles

 

© 2015 srilife.lk