ලංකාවට ලෝකයේ හිමි තැන ගැන ඔබ නොදත් කරුණු ටිකක්

 

1. ලංකාවේ මිනිස්සු 21.9% පමණයි තවම internet පාවිච්චි කරන්නේ. ඒ අතරට ඔයත් ඇතුලත්. ලොව අඩුවෙන්ම internet භාවිතා කරන්නේ Eritrea කියන රටේ. එය 0.9%ක් පමණ වෙනවා. වැඩිම අන්තර්ජාල භාවිතා කරන්නන් ඉන්නේ අයිස් ලන්තයේ එය 96.5% පමණ වෙනවා

Eritrea වේ අන්තර්ජාල භාවිත කරන්නන්

2. ලංකාවේ ජනගහණයෙන් 51.1% ඉන්නේ කාන්තාවන්. ලෝකයේ අඩුම කාන්තාවන් ප‍්‍රමාණයක් ජීවත් වන රට තමයි කටාර් රාජ්‍යය එය 23.5%ක්.


3. ලංකාවේ ජනගහණයෙන් 85.1% කට විදුලිය ලබා දී තිබෙනවා. ලොව අඩුම විදුලි පරිභෝජනයක් ඇති රට තමයි දකුණු සුඩානය එය 1.5%ක ප‍්‍රතිශතයක්.


4. ලංකාවේ ජනගහනයෙන් 95%කට ජංගම දුරකතන තිබෙනවා. (රැහැන් දුරකථන හැර) ඒත් Eritrea රටේ ජංගම දුරකතන පාවිච්චි කරන්නේ 6%ක් පමණයි


5. ලංකාවේ ජනගහනයෙන් 82.1%ක් තවම ජීවත් වෙන්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල. ඒ කියන්නේ වැඩියෙන්ම ඉන්නේ ගැමියෝ. (ඒත් facebook එකේනම් හැමෝම ඉන්නේ විශාල නගර වල) ලොව වැඩිම ග‍්‍රාමීය ජනගහණය වන 91% අයත් වන්නේ Trinidad and Tobago රාජ්‍යයට.Singapore, Hongkong වගේ රටවල් වල ග‍්‍රාමීය ජනගහනය 0%

Hongkong නගරය

6. ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක මිල ඩොලර් 0.95 පමණ ‍වෙනවා. ලොව අඩුම පෙට‍්‍රල් මිල ඇත්තේ වෙනිසුවෙලා රාජ්‍යයේ යි. ලීටරයක මිල ඩොලර් 0.02කි. වැඩිම මිලට පෙට‍්‍රල් අලෙවි කරන්නේ තුර්කියේ වන අතර මිල ඩොලර් 2.54ක් පමණ වේ.


7. ලංකාවේ ජනගහණයෙන් 25%ක් වයස අවුරුදු 14ට අඩු අයයි. Nigeria රාජ්‍යය වයස අවුරුදු 14 අඩු පුද්ගලයන්  වැඩියෙන්ම වෙසෙන රට වන අතර එය 50%කි.


8. ලංකාවේ වනාන්තර ප‍්‍රතිශතය 29.2කි. ලොව වැඩිම වනාන්තර ඇත්තේ Suriname රාජ්‍යයේ වන අතර එය 94.6%කි.San marino, Qatar, Greenland, Oman  රාජ්‍යවල වනාන්තර 0%කි.

Suriname හි වනාන්තරයක්

 

Related articles

 

© 2015 srilife.lk