විභාගය ලියන්න කලින් මේ කරුණු ටික කියවලා බලන්න

 

විභාගයට කලින් දවසේ මේ ටික කරන්න

1. සමබර සැහැල්ලු ආහාරවේලක් ලබා ගන්න

විභාගයට පෙර දින රාත්‍රියේ සැහැල්ලු පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා ගැනීමට වගබලා ගන්න. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගත්තොත් ආහාර දිරවීමේ ක්‍රියාවලියට මොළයේ වැඩි බලයක් යෙදවීමට සිදුවෙනවා. අඩුවෙන් ආහාර ගත්තොත් මොළය ක්‍රියාකිරීමට අවශ්‍ය ශක්තිය නොමැති වනවා. විභාගයට පෙර රාත්‍රියේ තෙල් සහිත ආහාර, කෝපි, සෝඩා, වැනි ආහාර ගැනීමෙන් වැළකී සිටින්න. එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට ගන්න.

2. හොද නින්දක් ලබා ගන්න

විභාගට පෙර දිනයේ අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබා ගැනීම ඉතාම වැදගත්. ඔබ විභාගයට පෙර දිනයේ අඩුවෙන් නිදාගතහොත් විභාගය දිනයේ ඇතිවන නිදිමත ගතිය හා ඔළුවේ බර ගතිය නිසා ඔබගේ උපරිම හැකියාවට පැමණීමට නොහැකිවනවා. විභාගයට පෙර දිනයේ හොදින් නිදා ගැනීමට නම් කිසිසේත්ම විභාග දිනය ගැන නොසිතන්න. විභාගයෙන් පසු මිතුරන් සමග විනෝදයෙන් ගත කරන ආකාරය ආදීය සැලසුම් කිරීමෙන් ඔ‍බගේ මනස සැහැල්ලු කරගත හැකි අතරම හොදින් නිදා ගන්නත් හැකි වනාවා.

3. විභාගයට අවශ්‍ය දේවල් සූදානම් කරගන්න

විභාගය සදහා ඔබට අවශ්‍ය උපකරණ සියල්ල පෙර දින රාත්‍රියේම සූදානම් කරගන්න. වැඩිපුර පැන්සල් හා පෑන්, ඔබේ විභාග අවසර පත්‍රය, හැදුනුම්පත, ඇදුම් හා විභාගයට අවශ්‍ය අනෙක් සියළු දේ සුදානම් කරගන්න. වතුර බෝතලයක් රැගෙන යාමද ඉතාම වැදගත්


විභාගය දිනයේ මේ දේවල් කරන්න

1. උදෙන්ම අවිදිවන්න

කලබලයකින් තොරව ඔබට උදෑසන ආහාර ලබාගැනීමට හා සූදානම් වීමට කල් ඇතිව වන පරිදි අව්‍යශ තරම් උදෑසන අවදිවන්න.

2. උදෑසන ආහාරය ගන්න

උදෑසන සමබර ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍යයි. අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබා ගන්න. කෝපි, කෝලා වර්ග හෝ පැනි බීම වර්ග බීමට ගැනීම එතරම් සුදුසු නැත. බ්ත්තර, සොයා, මාළු වැනි ප්‍රෝටීන් බහුල ආහාරත්, කෙසේල් වැනි පළතුරුත්ඉතාමත් හොද ආහාරයන්ය.

3. වතුර බෙන්න

ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වට ජලය අවශ්‍යම දෙයක්. ශරීරයට අවශ්‍ය තරම් ජලය ලැබුණු විට මොළය ඉතා හොදින් ක්‍රියාකරනවා. නමුත් අනවශ්‍ය තරම් ජලය පානය කිරීමද නොකල යුතුයි. විභාගයට යන විට වතුර බෝතලයක් රැගෙන යාමට අමතක නොකරන්න.

4. නැවත පරීක්ෂාකර බලන්න

නිවසින් පිටත් වීමට පෙර ඔබගේ ඔබට අවශ්‍ය සියල්ලම ඔබ සුදානම් කර ඇත්දැයි නැවත පරීක්ෂා කර බලන්න‍

5. කල්ඇතිව විභාග ශාලවට යන්න

නියමිත වේලාවට වඩා කල්ඇතිව නිවසින් පිටවීම වඩාත් හොදයි. බලාපොරොත්තු නොවන දෙයක් නිසා විභාගයට පරක්කු වීමට සමහර විට ඉඩ තිබෙනවා.

6. සෘණාත්මක ආකල්ප ඇති අයගෙන් ඉවත්වන්න

ඔබේ යහළුවන් අතර විභාගය ගැන එතරම් බලාපොරොත්තුවක් නැති සෘණාත්මක ආකල්ප ඇති අය සීටී නම් ඒ අයගෙන් ඉවත්ව සිටින්න. ඔවුන්ගේ සෘණාත්මක ආකල්ප නිසා ඔබගේ ආත්ම විශ්වාසය නැති වීමට ඉඩ නොතබන්න‍

7. විභාගයට පෙර සැහැල්ලු වන්න

ඔබට වැසිකිලි යාමට අවශ්‍යනම් විභාගයට පෙර එම කටයුතු අවසන් කරන්න. විභාගය අතරතුර ඒ සදහා කාලය වැය කිරීම ඔබට අවාසියකි.


විභාගය ලියන විට මේ දේවල් කරන්න

1. සෑම ප්‍රශ්නයක්ම හොදින් කියවන්න

ඔබ උත්තර ලියන්නට පෙර ප්‍රශ්නය හොදින් කියවන්න. ප්‍රශ්නයක් සදහා උත්තර ලබා දීමට ඇති කලය හොදින් කලමනාකරණය කරගන්න. ඔබට හුරුපුරුදු මීට පෙර උත්තර සපයා ඇති ආකාරයේ ප්‍රශ්න දකින්නට ලැබුණත්, සෑම විටම විභාගය වෙනසකට ලක්වන නිසා ඒවාත් හොදින් කියවා බලා උත්තර සපයන්න.

2. පහසු ප්‍රශ්නවලට මුලින් උත්තර සපයන්න

ඔබට ඉතා පහසුයැයි සිතන ඉතා විශ්වාසයෙන් උත්තර සැපයිය හැකි ප්‍රශ්න මුලින්ම තෝරාගෙන උත්තර සපයන්න. අංක පිලිවෙලට උත්තර සැපයීම අවශ්‍ය වන්නේ නැත.

3. එකම ප්‍රශ්නයක් සදහා වැඩිපුර වේලා නොගන්න

උත්තර සැපයීමට තරම් කරුණු නැති ප්‍රශ්නයක් තිබේ නම් එම කරුණු මතක් කරමින් කාලය වැය නොකරන්න. එම ප්‍රශ්නය අතහැර වෙනත් එකකට අවධානය යොමු කරන්න. වෙනත් උත්තරයක් ලියන අතරතුර අමතක වු කරුණු මතක් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා.

4. විභාග පරීක්ෂකවරුන්ගෙන් අපැහැදිලි ප්‍රශ්නයක් හෝ වෙනත් ගැටළුවක්  ගැන අසා දැනගන්නට බිය නොවන්න.

5. ඔබේ කාර්යය ගැන පමණක් සිත යොමුකරන්න

මේ අවස්ථාවේ විභාගය ගැන පමණක් සිත යොමු කරන්න. විභාග ශාලාවේ සිටින ඔබේ මිතුරන් දෙස අවධානය යොමු නොරන්න.

6. ඔබට ලැබෙන මුළු කාලයම ප්‍රයෝජනයට ගන්න

ඔබට විනාඩි කීපයක කාලයක් ඉතිරි වුනත් ඒ කාලයත් අපතේ නොයවා නැවත උත්තර පරික්ෂා කිරිමට යොදවන්න. ඒ කාලය ඇතුලතදීත් ඔබට ලකුණු එකතු කරගන්න අවස්ථාව ලැබේවි.


 

 

Related articles

 

© 2015 srilife.lk