“නිවාස වලට ඇස්බැස්ටෝස් සෙවිලි කිරීම තහනම්“ ජනපති කියයි. හේතුව කුමක්ද?

 

අගෝස්තු මස 12 වන දින කොළඹ පැවති Sri Lanka Ceramics and Glass Symposium 2015 සමුළුව ඇමතූ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ 2018 වර්ශයේ සිට ලංකාවට ඇස්බැස්ටෝස් සෙවිලි ආනයනය කිරීම, අමුද්‍රව්‍ය ආනයන කිරීම සහ රට තුල ඇස්බැස්ටෝස් සෙවිලි නිශ්පාදනය තහනම් කිරීමට කටයුතු කරන බවයි.  මෙසේ ඇස්බැස්ටෝස් සෙවිල තහනම් කිරීමට හේතුව මේ ලිපියෙන් ඔබට දැනගන්නට හැකි වේවි.

ඇස්බැස්ටෝස් නිශ්පාදනය කරන්නේ ස්භාවික ඛණිජ වර්ග වලින් මෙහි වැඩිපුරම ඇත්තේ සිලිකන් අඩංගු ෆයිබර් හා සංයොගයන්. කල්පැවැත්ම, තාපයට ගින්නට ඔරොත්තු දීම, විදුලිය ගමන් නොකිරීම වැනි හේතු නිසා විශාල වශයෙන් මේවා භාවිතා කිරීම ලොව පුරා ප්‍රචලිත වුණා.

එහෙත් පසුව සොයා ගැනුණේ ඇස්බැස්ටෝස් වල ඇති සමහර රසායනික සංඝටක මිනිසාගේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් හානිදායක වන බවයි. මේ හේතුවෙන් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, පෘතුගාලය, ස්වීඩනය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් ගණානවක්ම මේ වන විටත් ඇස්බැස්ටොස් නිශ්පාදනය භාවිතය තහනම් කර තිබෙනවා.

ඇස්බැස්ටොස් වලට යොදාගන්නා අමුද්‍රව්‍ය වල ඇති ෆයිබර් හේතුවෙන් පෙනහළු ආශ්‍රිත රෝග ඇතිවන බවයි පැවසෙන්නේ. විශේෂයෙන් පෙනහළු පිළිකා වර්ධනය වීමට මෙහි සංඝටක ප්‍රධාන හේතුවක් බවට මේ වන විටත් සොයාගෙන තිබෙනවා.

ඔබත් ඇස්බැස්ටෝස් සෙවිලි සහිත නිවසක හෝ ඒ ආශ්‍රිත රැකියාවක සිටියි නම් මෙම සංඝටක නිසා ඇති වන රෝග ලක්ෂණ දැනගෙන සිටීම වැදගත් වේවි.

ඇස්බැස්ටෝස් ආශ්‍රිත රෝග ලක්ෂණ

සෙම සහිත දීර්ඝ කාලීන කැස්ස

පපුවේ තද ගතිය

පුපවේ වේදනාව

ආහාර රුචිය අඩු වීම

හුස්ම ගන්නා විට පපුවෙන් ශබ්දයක් නැගීම

කැස්සත් සමග ලේ පිටවීම

හුස්ම ගැනීමේ අපහසුතා ප්‍රධාන ලක්ෂණ වන අතර

 

ශරීරයේ බර අඩුවීම

උදරය ඉදිමීම හා වේදනාව

රක්ත හීනතාවය

උණ වැනි රෝග ලක්ෂණද පැවතිය හැකිවේ.

 

ඔබටත් මෙවැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය වරයෙකු මුණගැසී පෙනහළු පිළිකාවක් ඇත් දැයි දැන ගැනීම සුදුසු වේ.

කෙසේ වෙතත් රජය පසුවී හෝ මෙම තීරණය ගැනීම තුළින් අප රටේ ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව වර්ධනට මහත් රුකුලක් වේවි.

Related articles

 

© 2015 srilife.lk