මාර්ග හා වැදගත් ස්ථානවල අංශක 360 දර්ශන ලබාදෙන ගූගල් නවතම සේවාව දැන් ලංකාවටත්

මාර්ග හා වැදගත් ස්ථානවල අංශක 360 දර්ශන ලබාදෙන ගූගල් නවතම සේවාව දැන් ලංකාවටත්

අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම ස්ථානයක් නැරඹීමේ හැකියාව ලබා දෙමින් ගූගල් සමාගම හදුන්වා දුන් google map සේවාවේ තවත් ආකර්ශණීය ඉදිරි පියවරක් තැබීමට ගූගල් සමාගමට හැකිවුණා.  ඔවුන්ගේ මේ නවතම සේවාව google street view නමින් හදුන්වාදී තිබෙන අතර මේ සේවාව මගින් ලෝකයේ ඕනෑම තැනක ප්‍රධාන මාර්ග, නගර හා ආයතනවල අංශක 360 ක ඡායාරූප නැරඹීමේ හැකියාව තිබෙනවා.

2014 දෙසැම්බර් මාසයේ ගූගල් සමාගම ලංකාව තුල google street view සේවාව ලබාදීම සදහා අවශ්‍ය ඡායරූප ලබා ගැනීම ආරම්භ කලා. ඡායාරූප ලබා ගැනීමේ කාර්යය සදහා වහලය මත පැනොරාමා කැමරාවක් සවිකර ගනිමින් ලංකාව පුරා  ගමන් කල මෙවැනි ගූගල් කාර් පසුගිය කාලයේ සමරහර විට ඔබට දකින්නට ලැබෙන්ත් ඇති. මෙම ගූගල් කාර් ලංකාව පුරා කිලෝමීටර් 50000ක් පමණ ගමන් කරමින් 2016 වසරේ පෙබරවාරි මාසයේ දී ඡායාරූප ලබා ගැනීමේ කටයුතු අවසන් කර තිබුණා.

පසුගිය මාර්තු 22 දා මෙම ව්‍යාපෘතියේ ප්‍රධානියෙක් වන Nishant Nair විසින් ශ්‍රී ලංකාව තුල google street view සේවාව ක්‍රියාත්මක කල බව අන්තර්ජාලය හරහා ප්‍රකාශ කර සිටියා. ඉතා වේගයෙන් ජනප්‍රිය වන සංචාරක ඉසව්වක් වන ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ස්වභාව සෞන්දර්ය ගවේෂණය කරන්න කැමති ලොව පුරා සිටින පුද්ගලයින්ට google street view දර්ශන බොහෝ සේ උපකාරීවේ යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියා.

google street view මගින් ලංකාවේ මාර්ග පද්ධතියේ විශාල ප්‍රමාණයක් ආවරණය කරන අතර ලංකාවේ විශේෂ ස්ථාන මෙන්ම ජනප්‍රිය වෙළද සංකීර්ණෙ හා හෝටල් ආදියේ අතුලත දර්ශන නැරඹීමේ හැකියාව ලබා දී තිබෙනවා. ජංගම දුරකථන වලින් ගූගල් මැප් ඇප් එක හරහා ඔබට මෙම සේවාව ලබාගන්න පුළුවන් වගේම මෙය පරිඝණකයෙන් නරඹනවා නම් www.google.lk/maps වෙත ඇතුල් වී එහි පහතින් ඇති Street View මත Click කිරීමෙන් අංශක 360 දර්ශන නැරඹීමේ හැකියාව තිබෙනවා.

ඒවගේම ලංකාවේ ජනප්‍රිය හෝටල්, වෙළද සංකීර්ණ වැනි සංචාරකයින්ට වැදගත් වන ස්ථාන වල අංශක 360 ඡායාරූප ඇතුලත් කරමින් වෙබ් අඩවියක් (dotcomsystems.co) සහ ලිපිනයක් ලබා දී එම ස්ථානයේ අංශක 360ක දර්ශන ලබාගත හැකි වෙබ් අඩවියක්ද (instantstreetview.com) මේ ව්‍යාපෘතිය සගාමීව ගූගල් විසින් නිර්මාණය කර තිබෙනවා.

 

ඔබේ ප්‍රදේශයේ මාර්ග සහ වැදගත් ස්ථාන google street view වෙත ඇතුලත් වී තිබෙනවද කියලා දැන්ම බලන්න

 

Related articles

© 2015 srilife.lk