Facebook වෙතින් Dislike button එක වෙනුවට ඔබ කැමතිම විදියේ විකල්පයක්

 Facebook වෙබ් අඩවියට ළගදීම හදුන්වා දෙන්න යන "Dislike" button එක ගැන අපි ඔයාලට මීට කලින් ලිපියකින් විස්තර කළා. Facebook වලට Dislike button එකක් හදුන්වා දෙන්න මූලිකම හේතුව වුණේ හැම විටම "like" කරන්න පුළුවන් පොස්ට් Facebook හි හමු නොවීම. උදාහරණයක් විදයට අපි හිතමු ඔයාගේ හොදම යාළුවගේ පවුලෙ කෙනක් මරණයට පත් වෙලා කියලා. ඒ ගැන දාන පෝස්ට් එකකට අපිට "like" කරන්න ටිකක් හිත දෙන්නෙ නැහැ නේද?

මේකට විසදුමක් විදියට Dislike button එක හදුන්වො දෙන්න හැදුවත් Mark Zuckerburg කියන්නේ ඒකෙන් Facebook අඩවියත් සාමාන්‍ය වර්ගයේ " upvoting " සහ " downvoting " සහිත එකක් වෙනවා කියලයි. මේ හේතුව නිසා Facebook හදුන්වාදෙන්න ගිය Dislike button එක වෙනුවට ඔවුන් අළුත්ම විදියේ විසදුමක් හදුන්වා දෙන්නයි හදන්නේ.

ඔබට දකින්න ලැබෙන විවිධ පෝස්ට් වලට විවිධ  විදියේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් emotions වර්ග 6ක් Facebook ඔයාලට ඉදිරියේදි හදුන්වා දෙනවා. මේ අළුත් හදුන්වාදීම නිසා ඔයාට ඉදිරියේදී පොස්ට් වලට ගැලපෙනම ප්‍රතිචාරය දක්වන්න පුළුවන් වේවි. 

Related articles

 

© 2015 srilife.lk