National Geographic තේරාගත් මේ වසරේ විශ්ෂ්ටම සංචාරක ඡායාරූ පෙල

 

2015 වර්ෂයේ National Geographic සංචාරක ඡායරූප තරගය සදහා ලොවපුරා ඡායාරූප ශිල්පීන් ඡායාරූප 17 000කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තබුණා. එහි පළමු ස්ථානය හිමිකර ගත්තේ දිය යට තල්මසුන්ගේ ඡායාරූපයක් ලබාගත්  Anuar Patjane Floriuk විසින්ය. ඔහුට ප්‍රථම ත්‍යාගය ලෙස දින අටක් පුරා කොස්ටා රීකා හා පැනමා ඇළ ප්‍රදේශවල ගවේෂණය කරමින් ඡායාරූපකරණය සදහා අවස්ථාව උදාවුණා.

මේ ඡායාරූපය පිලිබද අදහස් දැක්වු ඔහු පැවසුවේ, මෙය අහඹු ලෙස ලබාගත් ඡායාරූපයක් බවයි. තල්මසාගේ හිස පෙදෙසේ ඡායාරූප ලබා ගනිමින් සිටියදී එකවරම තල්මසා කිමිදුම් කණ්ඩායම දෙසට ගමන්කල බවත්, කමිදුම් කණ්ඩායම තල්මසාට සහ ඇගේ පැටවුන්ට ඉඩ ලබා දී දෙපසට වන විටම මෙම ඡායාරූපය ලබාගත් බවත් එය ඉතා සාර්ථක ලෙස කැමරාවට හසු වු බවත් ඔහු පවසා සිටියා.

 

පළමු ස්ථානය : කොදුරන තල්මසුන්

මෙක්සිකෝවේ Revillagiged හිදී එහා මෙහා පිහිනමින් සිටින Humpback තල්මසෙක් සහ ඇගේ පැටවුන් අතර කිමිදෙමින් ගත් ඡායාරූපයක් (ඡායරූපය: Anuar Patjane)


දෙවන ස්ථානය : බොරළු කපන්නෝ

වීදුරු ජනේලයක් තුලින් බලා සිටින බොරළු කපන්නෝ තිදෙනෙක්. මේ දූවිල්ලෙන් පිරුණු බොරළු ඇඹරුම්හල බංග්ලාදේශයේ චිතගොන් හි පිහාටා ඇත. (ඡායරූපය: Faisal Azim)


තුන්වන ස්ථානය : ඔටු රේස්කරුවන්

ඕමානයේ Ardah ලෙස හදුන්වන සාම්ප්‍රදායික ඔටුවන් පදවන තරගයක තරගකරුවන් දෙදෙනෙක්. වේගයෙන් දුවන ඔටුවා මෙහිදී පරදින අතර එකම වේගයෙන් එකම මං තීරුවේ ගමන් කීරීම මේ තරග නීතියයි. මෙසේ තරගවැදීමට හේතුව ඔටුවන්ගේ හා පදවන්නන්ගේ කායබලය හා සුන්දරත්වය විදහා දැක්වීමයි. (ඡායරූපය: Ahmed Al Toqi)


කුසලතා ඇගයීම් : Deadvlei හි රාත්‍රියක්

Deadvlei හි රාත්‍රි කාලයේ දී සද එලිය වැටී දිලිසෙන වැලි කන්ද හා අහසේ දිස්වෙන ක්ෂීර පථය හා මැගලන් වලාව (ඡායරූපය:  Beth McCarley)


කුසලතා ඇගයීම් :  තාරාවෙක් අල්ලන ළමුන්

ළමුන් දෙදෙනෙක් දියපහරක දී තාරාවෙක් ඇල්ලීමට උත්සහ දරමින්. තායිලන්තයේ කායී පළාතේ දී කැමරාවට හසු වී ඇත. (ඡායරූපය:  Sarah Wouters)


කුසලතා ඇගයීම් : රුමේනියාවේ, සුරංගනා ගම්මානය

Pestera ගමේ ස්වේත වර්ණ වනාන්තරයක් (ඡායරූපය: Eduard Gutescu)


කුසලතා ඇගයීම් : කදුකර වැසියෝ

පෝලන්තයේ කදුකර ගොවියෙක් හා ගෙවිලියක් මුල්ලුවක් හා දෑකැත්ක් අතැතිව. (ඡායරූපය: Bartłomiej Jurecki)


කුසලතා ඇගයීම් : සුදු රයිනෝ සතුන්

උගන්ඩාවේ සීවා රයිනෝ උද්‍යානයේ දී තණ බුදිමින් සිටින සුදු රයිනෝ සතුන් තුන්දෙනෙක්. සතුන්ට අඩි 30ක් පමණ ආසන්නයේ සිට ලබාගත් ඡායාරූපයකි. (ඡායරූපය: Stefane Berube)


කුසලතා ඇගයීම් : කුෂ්ටි, ඉන්දියානු මල්ලවපොර

කුෂ්ටි ඉන්දියාවේ සාම්ප්‍රදායික මල්ලවපොර තරගයක්. මෙම ක්‍රීඩකයන්ගේ ශරීරයේ දෙහි, ලුණු හා එලගිතෙල් සමග මිශ්‍රකර සදාගත් මැටි වර්ගයක් ආලේප කරයි. (ඡායරූපය: Alain Schroeder)


කුසලතා ඇගයීම් : අහසේ ඇති හුමාලය කුටිය

ඇල්ප්ස් කදුවැටියේ නැගනහිර ප්‍රදේශයේ මීටර් 2800ක් උස් ස්ථනයක පිහිටි හුමාලය ස්නානය කරන කුටියක් (ඡායරූපය: Stefano Zardini)


 

Related articles

 

© 2015 srilife.lk