අත්සනින් හෙළිවන ඔබේ චරිත ලක්ෂණ

 

1815 දී ලංකාව ඉංග්‍රීසීන්ට පවරා දෙමින් අත්සන් තැබූ උඩරට ගිවිසුම ඔබ සමහරවිට දැක තිබෙනවා ඇති. එහි අත්සන් තැබූ සියළුම සිංහල රදලයින් පාහේ අත්සන් තබා ඇත්තේ දෙමළ අකුරිනි.එවකට ලංකාව පාලනය කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දකුණු ඉන්දියනුවෙක් වු නිසා දෙමළ භාෂාවෙන් අත්සන් කිරීමට ප්‍රභූ පුද්ගලයින් පෙළඹෙන්නට ඇති. එහෙත් ඒ අතර සිටි කැප්පැටිපොළ නිලමෙතුමා අත්සන් තබා තිබුණේ සිංහලෙනි. තම මවිබසින් අත්සන් කිරීමෙන්ම අන් රදලයින්ට වඩා එතුමා තුල තිබූ ජාතික හැගීම මනාව පිළිබිඹු වනවා . වර්තමානයේදීත් අත්සන් කිරීමට තම මව්බස යොදා ගන්නා බොහෝ පුද්ගලයන් තම ජාතියට ආදරය කරන්නන් බව කිව යුතුය.

ඔබ කුමන භාෂාවකින් අත්සන් කලත් ඔබේ අත්සනට ඔබ ගැන බොහෝ දේ කිවහැකි වෙනවා. මේ එසේ අත්සනින් හෙලිවන චරිත ලක්ෂණ කීපයක්,

ප්‍රමාණයෙන් විශාල අත්සන - විශාල අත් අකුරින් අත්සන් තබන්නන් ආත්ම විශ්වාසයෙන් හා නිර්භීතකමින් යුක්තයි. ඔවුන් මිත්‍රශීලි වගේම තරමක් අහංකාර බවක්ද පෙන්වනවා.


මධ්‍යම ප්‍රමාණයේ අත්සන -  සාමාන්‍ය ප්‍රමාණයෙන් අත්සන් තබන්නන් කැපී පෙනෙන්නට උත්සහ නොකරයි. ඔවුන් සාමාන්‍ය අත්ම විශ්වාසයකින් යුක්ත කලබල නැති පිරිසකි. ඕනෑම තැනකට සුදුසු ලෙස හොදින් හැඩගැසීමට ඔවුන්ට හැකිය.


කුඩා ප්‍රමාණයේ අත්සන -  කුඩා අකුරුවලින් අත්සන් කරන්නන් තම හැගීම් සගවාසිටින්නන් ය. ඔවුන් ආත්ම විශ්වාසයෙන් අඩු ලැජ්ජාශීලි පිරිසක් වන අතර සමහර විට ඉතා දක්ෂ ලෙස කටයුතු කරයි. ඔවුන් අත්මාර්ථකාමී හා කපටි පිරිසක් වුවත් ඉතා සුපරික්ෂාකාරීව කටයුතු කරයි.


ඉහලට ආනත වු අත්සන - මෙසේ අත්සන් තබන්නන් අපේක්ෂාසහගත, සර්ව සුභවාදී ආකල්ප ඇති පුද්ගලයන් වන අතර නොනවත්වා සාර්ථකත්වය වෙත ගමන් කරයි.


දකුණට ආනත වු අත්සන - දකුණු දෙසට  නැමුණු අත්අකුරු වලින් අත්සන් තබන්නන් සමාජශීලී හා මිත්‍රශීලී පිරිසකි.


වමට ආනත වු අත්සන - වම් පසට බර වු අත්සනනින් යුක්ත පුද්ගලයින් සාමජශීලී නොවන ඉදිරිපත් වීමට අකමැති පිරිසකි.


නොනැමුණු අත්සන - කිසිම පැත්තකට නොනැමුණු කෙලින් තබන ලද අත්සන් සහිත පුද්ගලයින් ඉතා සමබරව ජීවිකාව පවත්වාගෙන යන අයයි


යටින් ඉරක් සහිත අත්සන් -  කෙලින් අැති යටි ඉර සහිත අත්සනින්  තමා පිළිබද ඇති දැඩි විශ්වාසය පෙන්නුම් කරයි. රැලි සහිත යටි ඉර ඇති අත්සනින් අන් අයගේ අවධානය දිනාගැනීමේ කැමැත්ත පෙන්නුම් කරයි. යටි ඉරි දෙකක් සහිත අත්සනින්  අවංක බව හා දැඩි කැපවීම පෙන්නුම් කරයි.


යටින් ඉරි ඇද නැති අත්සන - මොවුන් කිසිවක් එකවර පිලිනොගන්නා පුද්ගලයින් ය. තමාගේ වටිනාකම පිලිබද කතා නොකරන අතර කලබලයකින් තොරයි.


අපහැදිලි අත්සන - අපහැදිලි අත්සන් තබන්නන් තියුණු මනසකින් යුක්ත පුද්ගලයින් වන අතරම ඉතා කම්මැලි, අපේෂා භංගත්වයෙන් යුතු, ව්‍යාකූල සහ තෘප්තිමත් නැති පිරිසකි. මෙවැනි පුද්ගලයින් එතරම් සොයා බැලිමකින් තොරව ඉතා ඉක්මනින් වැඩ කටයුතු කරයි.


පැහැදිලි, කියවිය හැකි අත්සන - මෙවැනි අත්සන් ඇති පුද්ගලයන් විවෘත හා අවංක අයයි. තම ජිවිතය පිළිබද සෑහීමට පත්ව සිටන මෙම පුද්ගලයින් ඔවුන් සමග සිටින අයට කිසිවක් සැගවීමට උත්සහ නොගනී.


නිර්මාණශීලී අත්සන - තම අත්සන නිර්මාණශීලි අයුරින් භාවිතා කරන්නන් නර්තනයට, ගායනයට, රංගනයට, චිත්‍ර ඇදීමට, ලිවීමට වැනි කලාත්මක දේවලට දක්ෂ අයයි. මෙසේ අත්සන් තබන්න බොහෝ පුද්ගලයින් සුප්‍රසිද්ධ හා අතමිට සරු අයයි.


කැපිටල් අකුරකින් අරභන අත්සන - අත්සනේ මුල් අකුරට ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිතා කරන්නන් හැකියාවෙන් පිරිපුන්, දියුණුවීමට කැමැත්තෙන් යුතු පුද්ගලයින් වන අතර සමාජයට ඉතා යහපත් බලපෑම් සිදුකරයි. මොවුන් ඉතා වාසනාවන්ත හා  සංකීර්ණ කාර්යයක් වුවද ඉතා පහසුවෙන් සිදුකල හැකි අයයි.


සිම්පල් අකුරකින් අරභන අත්සන  - මෙලෙස අත්සන් කරන්නන් සාමාන්‍ය ලෙස ජීවිකාව ගෙන යන සරල පුද්ගලයින්ය.


සම්පුර්ණ  නම භාවිත වන අත්සන - මෙවැනි පුද්ගලයින් ස්වභාවයෙන්ම සන්සුන් ය. ඕනෑම ගැටළුවකට නොසැලී මුහුණ දෙයි.


වාසගම පමණක් භාවිතා වන අත්සන -  මෙලෙස අත්සන් කරන්නන් තම පවුලට දැඩි ලෙස ආදරය කරන, පවුල සමග නිරන්තරයෙන් ජීවත් වීමට කැමති අයයි.


මුල් නම පමණක් භාවිතා වන අත්සන - මෙම පුද්ගලයින් තමාගේම දැක්මකට අනුව ස්යං විශ්වාසය තුල ජීවත් වන අතර ඔවුන් නිදහසේ දිවි ගෙවයි.


මුල් අකුරු පමණක් භාවිත වන අත්සන - මෙවැනි අත්සන් ඇති අය දැඩි ලෙස පෞද්ගලික්තවය ආරක්ෂා කරයි.


නොනවත්වා තබන අත්සන - අත්සනේ මුල සිට අග දක්වාම පෑන ඉවතට නොගෙන එකවරම අත්සන් තබන්නන් මහන්සිවී වැඩ කරන හා තම කාර්යය නොනවත්වා කරගෙන යාමට හැකි පුද්ගලයින් ය.


වෙන් වු අකුරු සහිත අත්සන - මෙවැනි අත්සන් ඇති අය පිරිසිදු මනසකින් යුක්ත වන අතර  උපක්‍රමශීලීව ගැටළු වලට විසදුම් සොයාගනී.


 

                                                                                    

 

 

Related articles

 

© 2015 srilife.lk