බලු පැටියා එයාගේම සහෝදරයා ලෙස හිතාගෙන ඉන්න පුංචි බබෙක්

 

එකම දවසක ඉපදුන පුංචි බබෙක්ගෙයි බලු පැටියෙක්ගෙයි අතර ඇතිවුණු අපූරු මිත්‍රත්වයක් ගැනයි මේ කියන්න යන්නේ. චිකාගෝවල ඉන්න Dilan කියන පුංචි දරුවා සහ French කියන මේ බුල්ඩොග් වර්ගයේ බලු පැටියයි අතර ලොකු යාළුකමක් ඇතිවෙලා තියෙනවා. දෙන්නා කන්නේ, නිදාගන්නේ, නාන්නේ ආදී ගොඩක් වැඩ කරන්නේ එකටමයි. මේ බබාගේ අම්මා Ivette Ivens දක්ෂ ඡායාරූප ශිල්පිනයක්. ඇය මේ දෙන්නා ටිකෙන් ටික එකට වැඩෙන විදහ ඡායරූපගත කරලා අපූරු ඡායාරූප එකතුවක් හදන්නයි යන්නේ.


මේ බලුපැටියගේ සහ බබාගේ යාළුකමට මාස 5ක් වෙනවා. ඒ මුළු කාලයම බලුපැටියා  බබාත් එක්කම තමයි ඉදලා තියෙන්නේ. අම්මා කියන විදහට ඇගේ පුංච් බබා හිතාගෙන ඉන්නේ මේ බලු පැටියත් එයාගෙම වර්ගයේ කෙනෙක් කියලයි. බබාත් මේ බල්ලත් එක්ක කාලය ගත කරන්නේ ඉතාමත් සතුටින් බව ඇය පැවසුවා.


මේ බලු පැටියා බබා අඩන හැම වෙලේම වගේ බබාගේ බෙල්ල ලෙව කනවලු. ඒවගේම ඇය කියනවා බලු පැටියා බබාත් එකක් සෙල්ලම් කරන්නේ ඉතා පරිස්සමෙන් වගේම නිදා ගන්නකොටත් කසිම සද්දයක් නොකර ඉන්න උත්සහ ගන්නව කියල. දවස පුරාම දෙන්නගේම හුරතල් වැඩ දකිමින් කල් ගත කරන එක ඉතාමත් ආශ්වාදජනක දෙයක් බවයි ඇය තවදුරටත් පැවසුවේ.

 


 

Related articles

 

© 2015 srilife.lk