මරණයෙන් පසුත් ධවල මන්දිරය හැර නොගිය ලින්කන්ගේ අවතාරය

ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් ජනාධිපති වරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් මියගියේ 1865 දී සාහසිකයෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වීමෙනි. ඔහුගේ දේහය සහිත දෙණ විශේෂ දුම්රියක නංවා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරයෙන් නගරයට රැගෙන යන ලදී. ඒ මහජනයාට සිය නායකයා හට අවසන් ගෞරව දැක්වීම පහසු කිරීම සඳහාය. එම දුම්රිය එක් එක් දුම්රිය ස්ථානයන්හිදී විනාඩි අටක කාලයක් නවතා තබන ලදී.


මෙම විශේෂ දුම්රිය පිටත් වීමෙන් පසු එම දුම්රිය ගමන් කළ මාර්ගය ඔස්සේ කළු පැහැති දුම්රියක්ද ගමන් කරනු පෙනිණි. මෙම අද්භූ සෑම දුම්රිය ස්ථානයකදී ම දක්නට ලැබුනේ රාත්‍රී නවයට ය. එම දුම්රිය තුළ ලින්කන්ගේ දේහය තිබෙනු ඇතමෙකු දැක ඇත. ලින්කන්ගේ දේහය රැගත් මැදියට පසු මැදිරියේ දක්නට වූයේ විශ්මිත දර්ශනයකි. නොයෙකුත් වාද්‍ය භාණ්ඩ වයන ඇට සැකිලි වාදක මණ්ඩලයක් එහි ගමන් කරනු මිලියන සංඛ්‍යාත පිරිසක් දැක තිබේ. එම වාදනය බිහිසුණු භයංකාර හැඟීම් දනවන්නක් විය. මෙම අද්භූත දුම්රිය දුම්රිය ස්ථානයන්හි විනාඩි අටක් නවතා තිබූ අතර එම කාලය තුළ එම දුම්රිය ස්ථානයන්හි ඔරලෝසු ක්‍රියා විරහිත ව තිබුණි.

මෙම අද්භූත භයංකාර සිද්ධියට පසු ඇමරිකානු ජනාධිපති වරුන්ගේ වාසභවනය කාර්යාලය හා ව්‍යවස්ථාදායකයේ රැස්වීම් ශාලාව වන ධවල මන්දිරයේ දී බොහෝ වාරයක් හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ අවතාරය දුටුවන් අතර ඇමරිකානු ජනාධිපතිවරු ද ඔවුන්ගේ පවුල් හි සාමාජිකයෝද රාජ්‍ය අමුත්තො ද සෙනෙට් සභිකයෝ ද රජයේ නිළධාරීහු ද ධවල මන්දිර සේවකයෝද වෙති.

1889 දිනක එවකට ඇමරිකානු ජනාධිපති බෙන්ජමින් හැරිසන්ගේ අංගාරාක්ෂකයා වූ ජොන් කෙනී කාමරයට වී තම රිවෝල්වරය සුද්ධ කරමින් සිටියේය. හදිසියේ ම දොරකඩ යම්කිසිවෙකු සිටිනා බව ඔහුගේ ඇහැ කොනට අසුවිය. හිස ඔසවා බලත්ම දිගු කළු කබායක් හැඳ සිටි අමුත්තා බිත්තියක් තුළට අතුරුදහන් විය. එහෙත් ඒ ඒබ්‍රහම් ලින්කන් ම බව ජෝන් කෙනී හඳුනාගෙන තිබේ. 1890ත් 1893ත් අතර කාලයේ දී ජොන් කෙනී ලින්කන්ගේ අවතාරය 33න් වතාවක් ඇක ඇත. ඒ හැම අවස්ථාවකදීම ලින්කන්ගේ මුහුණේ තිබී ඇත්තේ ප්‍රශ්ණාකරී බැල්මකි. ජෝන් කෙනී ජනාධිපති ලින්කන්ගේ ද අංගාරක්ෂකයාව සිටියේය. ලින්කන් තම අකාල මරණයට ජොන් කෙනීගේ යම් අතපසුවීමක්, නොසැලකිල්ලක් හේතු වී යැයි සිතුවා දැයි අපි නොදනිමු.

එම බැල්ම ඉවසාගත නොහැකි වූ ජෝන් කෙනී 1984 දී භූතාත්ම හා කතා කරන්නන්ගේ ආධාරයෙන් ලින්කන්ගේ භූතාත්මය ගෙන්වා තමා ඉදිරියේ පෙනී සිටීමෙන් වළකින ලෙස යාඥා කර තිබේ. ඉන් පසු ලින්කන් ඔහු ඉදිරියේ පෙනී සිට නැත. එහෙත් 1940 වන තුරුම ලින්කන් ධවල මන්දිරයේ ඔහු ප්‍රියකළ කාමරය හැර නොගිය බව පෙනීමට තිබේ.


1934 දී ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ලින්කන් භාවිත කළ නිදන කාමරය භාවිත කිරීමට සිතා ඇත. ඒ අනුව එම කාමරය සකස් කිරීමට ගිය ධවල මන්දිරයේ වැඩ පරීක්ෂිකාවක වූ මාරී ඒබන් හා තවත් සේවකයින් සතර දෙනෙකු ආපසු ආවේ බියපත් කෑගැසීමෙනි. කාමරයට ඇතුළු වූ ඔවුන් දැක ඇත්තේ ජනාධිපති ලින්කන් පුටුවක වාඩි වී තම සපත්තුවේ ලේස් ගැට ගසනා අන්දමයි. ඔවුන් බලා සිටියදී එම රෑපය අතුරුදහන්වී ගොස් ඇත.

ජනාධිපති රුස්වෙල්ට් ද පසුව කීප අවස්ථාවකම ලින්කන්ගේ අවතාර දැක තිබේ. බරක් බිත්තේයේ එල්ලා තිබූ විශාල පින්තූරයකින් මතුව ආ ලින්කන් අල්මාරියක් තුළට වැදී අතුරුදන්ව ඇත. තවත් අවස්ථා ගණනකදී ධවල මන්දිරයේ කාවර හා ශාලාවල අවිදින ලින්කන්ගේ රුව දැක තිබේ.

ජනාධිපති රූස්වෙල්ට් කියනා පරිදි ලින්කන්ගේ අවතාරය නිහඩ සාමකාමී එකකි. එහෙත් ඊට අයෝමය පෞරුශයක් තිබේ. එහි මුහුණේ සැමවිටම දක්නට ඇත්තේ දුක්බර පෙනුමකි.

බොහෝවිට ජනාධිපති ලින්කනගේ අවතාරය දක්නට ලැබී ඇත්තේ අප්‍රේල් මාසයේදීය. ඔහුව ඝාතනය කරනු ලැබුයේද අප්‍රේල් මාසයේදීය.

ඇමරිකාවේ සංචාරයකට පැමිණ ධවල මන්දිරයේ නැවතී සිටි දිනක හදිසියේ රෑ නින්දෙන් අවදි වූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන්ට් චර්චිල් දැක ඇත්තේ තමා දෙස එබී බලා සිටින ලින්කන්ගේ රුවයි. අගමැති චර්චිල් හරියකට ඇදුමක් නොඇද කාමරයෙන් පිට වී තිබේ. ඔහු එදා නිදා සිට ඇත්තේ ලින්කන් භාවිත කළ නිදන කාමරයේය.

වරක් ධවල මන්දිරයට පැමිණි නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රැජිණද නවාතැන් ගෙන ඇත්තේ එහි රෝස කාමරයේය. මධ්‍යම රාත්‍රියේ දොරට තට්ටු කරනු ඇසුණු ඇය හදිසි පණිවුඩයක් වන්නට ඇතැයි සිතා දොර විවෘත කළාය. දොරකඩ සිටගෙන සිටියේ ලින්කන්ගේ අවතාරයයි.

පරමාණු බෝම්බය සකස් කිරීම සිදු වූයේ ජනාධිපති ටෘමන්ගේ සමයේය. ජනාධිපති ටෘමන්ද වාර කිහිපයක්ම ලින්කන්ගේ අවතාරය දැක තිබේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි නගරයන්ට පරමාණු බෝම්බ හෙළූ දිනවල රාත්‍රී සමයේදී ධවල මන්දිරය තුළ ලින්කන්ගේ අවතාරය දර්ශනය වී තිබේ. එම අවස්ථා දෙකේදී ජනාධිපති ලින්කන් ඉතාමත් දුක්මුසු මුහුණින් සිටියේ යයි දුටුවන් කියා ඇත.

ලින්කන්ගේ අවතාර 1950න් පසු දර්ශනය වී ඇත්තේ අවස්ථා කීපයකදී පමණි. ලින්කන්ගේ අවතාරය අවසන් වරට දුටු තැනැත්තා ජනාධිපති ජෝන් එෆ් කෙනඩිය. එම දැකීමෙන් දින කීපයකට පසු ජනාධිපති කෙනඩි ද වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.

World Famous Ghost කෘතිය ඇසුරිණි

Related articles

 

© 2015 srilife.lk