මිනිබිරියගේ විවාහයේ දෙවන මනමාලිය වු 89 හැවිරිදි අත්තම්මා

 

මේ විවාහ උත්සවය නම් මනාල යුවලට වගේම දෙපලගේම නෑදෑ හිතමිතුරන්ට කවදාවත් අමතක නොවන එකක් වෙන එකට නම් කිසිම සැකයක් නෑ. ඒ මොකද මානමාලිය විසින් තමාගේ දෙවන මනමාලියන් ලෙස ඇගේ ලගම මිතුරියන් දෙදෙනෙකු හා ඇයගේ සොයුරිය වගේම ඇයගේ 89 හැවිරිදි අත්තම්මාද යොදා ගැනිම නිසයි.


Christine Quinn නම් මේ මානාලිය ඇගේ ජීවිතයේ වැදගත්ම දවසට මේ විදිහට අත්තම්මා දෙවන මනමාලිය ලෙස සහභාගී කරගන්න විශේෂ හේතුවක් තිබුණා.ඒ තමයි Nana Betty කියන මේ අත්තම්මා, මනමාලිය විසින් ඇයගේ හොදම යාළුවෙක් විදිහට සලකන නිසයි. අත්තම්මා නම් මුලින්ම මේකට වැඩි කැමත්තක් දක්වලා නෑ. ඇය අහලා තියනවා ”ඔයාට මේක විශ්වාසිද? ඇයි මේතරම් ලස්සන යාඵවෝ ඉද්දිත් මම වගේ වයසක කෙනෙක් මේකට ගන්නේ” වගේ දේවල්. කරුණු පැහැදිලි කරලා දුන්ට පස්සේ අන්තිමේ දී අත්තම්මා මේකට කැමති වෙලා තියනවා.

මුළු විවාහ උත්සවය පුරාම අත්තම්මා විහිළු කතා කියමින්, නටමින්, විවාහ උත්සවයට පැමිණි අය සිනාගන්වමින් ඉතාමත් විනෝදයෙන් ගත කරලා තියනවා. ඒ වගේම මනාලයාගේ අත්තම්මා සමගින් කරපු නැටුම ගොඩක් අයට ඉතා විනෝදජනක අද්දැකීමක් වුණා. අන්තිමේ දී අත්තම්මා නම් කියලා තිබුණේ ඇය ආයෙත් තරුණ කාලයට ගියා වගේ දැනෙනවා කියලයි.






 

Related articles

 

© 2015 srilife.lk