ලොව සෑම දෙනාගේම අනාගතය ලියවී ඇති නාඩි වාක්‍ය

 

නාඩි ශාස්ත‍්‍රය ඉන්දියාවේ පුරාණ ඍෂි වරුන් විසින් නිර්මාණය කර ඇති පුදුම සහගත අනාගත අනාවැකි ඉදිරිපත් කිරීමේ ශාස්ත‍්‍රයකි. ප‍්‍රධාන මධ්‍යස්ථානය තමිල්නාඩුවේ පිහිටා ඇත. අතීතයේ ජීවත්වූ හින්දු මුනිවරු ලෝකයේ සියළුම මිනිසුන්ගේ අතීතය, අනාගතය හා වර්තමානය දැක ඇති බවත් එම තොරතුරු ඔවුන් පාම් කොල වල සටහන් කර ඇති බවත් වර්තමාන නාඩි ශාස්ත‍්‍රය පිළිබද ප‍්‍රවීනයන් පවසයි.

 සියලූම මිනිසුන්ගේ තොරතුරු ඇතුලත් එකිනෙකාට ආවේනික  පාම් කොල පවතින අතර එය සොයාගනිමට නාඩි කියවන්නන් ඔවුන්ගෙ මහපට ඇගිල්ල්ලෙ ඇගිලි සලකුණ ලබගන්නා අතර එමගින් ඔවුන් පුද්ගලයාට අදාල නාඩි පත‍්‍රය සොයාගනී. එය එම පුද්ගලයාගේමද බව තහවුරු කරගැනීමට ඹහුගේ පෞද්ගලික තොතුරු පිලිබද නාඩි කියවන්න විමසයි. මෙම නඩි කියවන්නන් පරම්පරිකව එම රැකියාවට උරුමකම් කියයි. ලෝකයේ බොහෝ ප‍්‍රදේශ වලින් මෙම නාඩි ශාස්ත‍්‍රයෙන් තමන්ගේ අනාගතය දැක ගැනීමට මිනිසුන් පැමිණෙන අතර ශ‍්‍රීලංකාව, ඉන්දියාව, නේපාලය වැනි රටවල් වලින් මේ සදහා බහුලව මිනිසුන් පැමිණේ.

ඔබ නාඩි කියවන්නෙකු ලගට ගොස් ඔබගෙ මහපට අගිල්ලේ ඇගිලි සලකුණ ලබා දීමෙන් පසු ඔවුන් ඔබට හිමි නාඩි පත්රය සොයා දෙනු ඇත. නමුත් සමහරක් විට ඔබගෙ නාඩි පත‍්‍රය වෙන නාඩි කියවන්නෙකු සතු විය හැකි හෝ කාලයත් සමග භාවිතයට නොගත හැකි ලෙස විනාශ වී තිබිය හැක,
ලංකාව තුලද මෙම නාඩි කියවීම අද වන විට සිදුවේ. මෙහිදී අදාල පුද්ගලයාගෙ මහපට අගිලි සලකුන ලබාගෙන ඉන්දියවෙන් අදල නඩි පත‍්‍රය ගෙන්වා ගනි.
බලන්ගොඩ ආනන්ද හිමියන් වැනි බොහෝ ලාංකීය උගතුන් මෙ සදහා යොමුවී ඇත. බලන්ගොඩ හිමියන්ගේ පත‍්‍රයෙහි උන්වහන්සෙ මතු බුදුවන අත්මය පිලිබදවද සටහන් වී තිබී ඇත. එසේම සුවකල නොහකියැයි පවසන රෝගවලට පිලියම් සෙවිමටද මෙම ශාස්ත‍්‍රය යොදා ගනි. තම අනාගත සහකරු සහකාරිය ගැන දැනගනීම, අනාගත රැුකියාව පමණක් නොව මතු ආත්මය පිලිබ`දවද මේ හරහා පවසනු ඇත. පුදුමයට කරුණ නම් අද උපදිනා දරුවා වෙනුවෙන් සැකසුන නාඩි පත‍්‍රයද නාඩි කියවන්නන් සතු වීමයි.

නාඩි පත‍්‍රයේ සදහන් තොරතුරු
1 පරිච්ෙඡ්දය - පෙලපත පරපුර සම්බන්ධ කරුණු අතුලත් සාමාන්‍යය පරිච්චෙදය.
2  පරිච්ෙඡ්දය - ධනය, අධ්‍යාපනය, පවුල ඇස් පෙනීම සම්බන්ධ තොරතුරු.
3 පරිච්ජේදය - සහෝදර සහෝදරයින් හා ඔවුන් තමන්ට බලපාන අයුරු
4 වන පරිච්ජේදය -මව, නිවස ඉඩම් හා වාහන සමබන්ද තොරතුරු
5 වන පරිච්ඡෙදය -දරුවන්ගෙ උපත දරුවන් හා දරුවන් නොමතිකම බලපාන අයුරු දරුවන්ගෙ අනාගතය.
6 වන පරිච්ඡෙදය -සතුරන්, සතුරුකම් රෝග, ණය බර, නඩුහබ සම්බන්ධ තොරතුරු සතුරු ක‍්‍රිරියාවල බලපැම් එවැනි තත්ව ජය ගැනීම සදහා උපදෙස් ප‍්‍රතිකර්ම.
7 වන පරිච්ඡෙදය - විවහයට සුභදායක කාලය විවාහය ප‍්‍රමාද වීමට හේතු අනාගත සහකරුගෙ චරිත ලක්ෂණ එයින් ලැබෙන ප‍්‍රයෝජන, විවාහවී සිටින ඇයගේ සැමියගේ බිරිදගේ ගතිගුණ, දුබලකම්.
 
මෙලස පරිච්ෙඡ්ද බොහොමයක් හරහා වර්තමන ආත්මය ගැන මෙන්ම අතීත ආත්ම, මීලග අනාගත අත්මය ගැන විස්තර දැගත හැකිවනු ඇත. මෙය ගුප්ත ශාස්ත‍්‍රයකි. කෙසෙවෙතත් පිලිගැනිම හෝ නොපිලිගැනිම ඔබගේ බුද්ධ්යෙන් විමසිය යුතු වේ.

කලණිකා එලමල්දෙණිය 

 

 

 

Related articles

 

© 2015 srilife.lk