ලෝකයේ වඩාත් කතාබහට ලක් වු අවතාර සටහන් වු ඡායරූප එකතුවක්

 

Raynham ශාලාවේ කාන්තාව

1936 වර්ෂයේ ලබාගත් ඡායාරූපයක් වන මෙය තමයි හොල්මනක් සටහන්  වු ඡායරූප අතර ලෝකයේ ප්‍රසිද්ධම ඡායාරූපය. මෙහි සටහන්වන රූපය  Dorothy Townsend නම් කාන්තාවගේ  බවයි පිළිගන්නේ. ඇය තමයි මේ ඡායරූපය ගන්නා ලද එංගලන්තයේ Raynham Hall හි හිමකාරිය.


දුම්රිය මාර්ගය අසල අද්භූත ළමයා

දුම්රියක ගැටීමෙන්  ළමුන් කීපදෙනෙක් මරණයට පත් වු San Antonio හි දී ලබා ගත් ඡායාරූපයකි.


Toys R Us හි අවතාරය

Toys R Us නම් වෙළදසැල තුලදී ලබාගත් මෙම ඡායාරූපයේ පසුපසින් හේත්තු වී සිටගෙන සිටින මිනිසා එම අවස්ථාවේ මෙහි හිදගෙන සිටි කිසිවෙක් දැක තිබුණේ නැත. වෙළදසැලේ ආරක්ෂිත කැමරාවල ද එම අද්භූත පුද්ගලයා සටහන් වී නැත. ඔවුන් පවසන ආකාරයට එම පුද්ගලයා 1880 දී මරණයට පත් වු පූජකයෙකි.


පිටුපස අසුනේ හොල්මන

ඉදිරිපස ජනේලය දෙස හොදින් බැලූ විට ඔබට දකින්නට පුළුවන් වේවි පිටුපස අසුනේ සිටින කාන්තාව. ඒ කාන්තාව එම වාහනය පදවන්නාගේ මව වන Ellen ය. ඔහු තම මවගේ සොහොනට යන අතර තුර මේ ඡායාරූපය ගෙන ඇත.


ළමා අවතාරය

කාන්තාවක් විසින් තම දියණියගේ සොහොනේ ඡායාරූපයක් ගත් අවස්ථාවේ මෙම ළමා අවතාරය එහි එහි සටහන් වී ඇත.බොහෝ අය මෙය ව්‍යාජ එකක් බව පැවසුවත් ඇය දිවුරා පවසන්නේ මේ තමාගේ මියගිය දියණිය නොවන බවත් එදින කිසිම ළමයෙක් එම ස්ථානයේ නොසිටි බවත් මෙය ව්‍යාජ එකක් නොවන බවත්ය.


හොල්මන් සෙබළා

1919 දී  ලබාගත් මෙම ඡායාරූපයේ එක් සෙබලෙක් පිටුපසින් සටහන් වු මෙම මුහුණ ඊට දින දෙකකට පෙර යුද්ධයේ දී මියගිය සෙබලෙකුගේ බව හදුනාගෙන තිබෙනවා.


ගොවිපලේ ළමා අවතාරය

Neil Sandbach විසින් ගෙවිපළක දී ගන්නා ලද මෙම ඡායාරූපයේ රාත්‍රී ඇදුමක් හැද සිටින ළමා අවතාරය සටහන් වී තිබුණි. ගොවිපලේ හිමිකරුවන් පවසන්නේ මාසයකට දෙතුන් වරක් මෙම අවතාරය දකින්නට ලැබෙන බවයි.


Lord Combermere අවතාරය

හිස් පුටුවේ ඡායාරූපයක් ගත් අවස්ථාවේ මේ බොද වී ගිය මුහුණද එහි සටහන් වී තිබුණා. එය Lord Combermere නම් මෙම අසුනේ හිමිකරුගේ බව පවසනවා.


සීයාගේ අවතාරය

කාන්තාවක් විසින් තම ආච්චිගේ ඡායාරූපයක් ලබා ගත් අවස්ථාවේ 1984 දී මියගිය සීයාගේ රූපයත් එහි සටහන්ව තිබුණා.මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1997 වසරේ දීය.


පඩිපෙල් අද්භූත කත

එංගලන්තයේ Maritime Museum හි දි ලබාගත් මෙම ඡායරූපයේ සටහන් වී ඇති මේ අවතාරය මීට අවුරුදු 300කට පෙර අඩි 50ක උස පඩිපෙලෙන් වැටී මියගිය සේවිකාවකගේ බවයි පවසන්නේ.


Cowboy අවතාරය

මෙම ඡායාරූපයේ පසුපසින් පොළවේ සිට ඉහලට මතුවෙන පාද නොපෙනෙන මේ  ගොපළු කොලුවා සටහන් වී තිබුණා.

source:viralnova.com


 

Related articles

 

© 2015 srilife.lk