එක එක රටවල එක එක විදිහේ ත්‍රිවිල් ගැන දැනගන්න

 

1919 දී ඇමරිකානු ඉන්ජිනේරුවෙක් වු William R. Gorham විසින් ජපානයේ Kubota සමාගම වෙනුවෙන් පළමු ත්‍රිරෝද රික්ෂෝව නිපදවා තිබෙනවා.


ජපානය 1934 සිට තායිලන්තයට ත්‍රිරෝද රථ අපනයනය කර ඇති අතර 1960 දී ඔවුන් ත්‍රිරෝද රථ නිෂ්පාදනය අතහැර දමා තිබෙනවා.


අද පවතින ආකාරයේ ත්‍රිරෝද රථ නිෂ්පාදනයේ මූලිකයා වන්නේ  Corradino D'Ascanio නම් ඉතාලි ජාතිකයායි. ඔහු 1947 දී ඉතාලියේ Piaggio සමාගම වෙනුවෙන්  නව මුහුණුවරකින් යුතු ත්‍රිරෝද රථයක් නිපදවනවා


වර්තමානයේ විශාලම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන්නේ ඉන්දියාවයි. ඔවුන් 2013 වසරේ ත්‍රිරෝද රථ 530 000 ඉන්දියානු වෙලදපලේත්, ත්‍රිරෝද රථ 300 000 විදේශ වෙළදපලේත් අලවිකර තිබෙනවා.


ත්‍රිරෝද රථ වෙළදපලේ ප්‍රමුඛයා වන්නේ Bajaj ය. ඊට අමතරව Mahindra සහ TVS යන ඉන්දියානු සමාගමුත්, ඉතාලියේ Piaggio සමාගමත් තායිලන්තයේ Chett Taikratoke සහ TukTukThailand යන සමාගමුත් ත්‍රිරෝද රථ සදහා ජනප්‍රියයි.


ත්‍රිරෝද රථ සදහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් පවතන්නේ බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දියාව, නයිජීරියාව, පේරු, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන රටවලයි. මීට අමතරව අප්‍රිකානු රටවලත්, මැදපෙරදිග රටවලත්, චීනයේත් ත්‍රිරෝද රථ භවිතා වෙනවා.


ත්‍රිරොද රථ තායිලන්තයේ දී samosa, tempo, tuk-tuk ලෙසත්, ඉන්දියාවේ දී trishaw, autorick, bajaj ලෙසත්, නයිජිරියාවේ දී keke Napep ,Maruwa ලෙසත්,  විවිධ නම් වලින් හදුන්වන අතර rick, tricycle mototaxi, baby taxi, lapa ,tukxi යන නම් ද භාවිතා කරනවා.


වසරක දී ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ අනතුරු 800 000ක් පමණ වර්තාවන අතර ඉන් 200ක් පමණ මරාන්තික අනතුරයි.


ත්‍රිරෝද රථය රටින් රටට වෙනස් වෙන විදිය මේ ඡායරූපවලින් බලාගන්න පුළුවන්

 

තායිලන්තයේ ත්‍රිරෝද රථයක්


ඉන්දුනීසියාවේ ත්‍රිරොද රථයක්


බංග්ලාදේශයේ ත්‍රිරෝද රථයක්


කාම්බෝජියාවේ ත්‍රිරෝද රථයක්


චීනයේ ත්‍රිරෝද රථයක්


කියුබාවේ ත්‍රිරෝද රථයක්


කෙන්යාවේ ත්‍රිරෝද රථයක්


පකිස්ථානයේ ත්‍රිරෝද රථයක්


ලාඕසයේ ත්‍රිරෝද රථයක්


මෙක්සිකෝවේ ත්‍රිරෝද රථයක්


පේරු රාජ්‍යෙය් ත්‍රිරෝද රථයක්


පිලිපීනයේ ත්‍රිරෝද රථ


ඉන්දියාවේ ත්‍රිරෝද රථයක්


 

Related articles

 

© 2015 srilife.lk