Submitted by Srilife on Sun, 07/31/2016 - 14:11
ලෝකයේ විශාලතම කාන්තාරය වන සහරා කාන්තාරයේ එක් කොනක වර්ගකිලෝමීටර් 30ක ප්‍රදේශයක් පුරා ලොව විශාලම සුර්ය විදුලි බලාගාරය මොරොක්කෝ රජය විසින් නිර්මාණය කරීම අරභා තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනිම සඳහා මැදපෙරදිග ඛණිජ තෙල් මත විශාල මුදලක් වැය කිරීම වළක්වා ගැනීම සඳහා මොරොක්කෝ රජය විසින් මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

මෙම සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමුවන අදියර පසුගිය දිනක මොරොක්කෝ රජය විසින් විවෘත කල අතර එම අදියරේ දී මෙගා වෝට් 160ක් විදුලි බල පද්ධතියට එක් කිරිමට හැකි වන බව ඔවුන් පවසනවා. 2018 වසරේ දී සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වන විට මෙගා වොට් 580ක විදුලි බලයක් ජනනය කල හැකි අතර එයින් මිලියන 1.1ක ජනාතාවකගේ විදුලි අවශ්‍යතාව සපුරාගත හැකිවනවා. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් වූ විට සූර්ය බලාගාරය මොරොක්කෝවේ අගනුවර තරම් විශාලත්වයකින් යුතු වන බව නිර්මාණකරුවන් පවසනවා.

ඉතා පරිසර හිතකාමී විදුලි නිෂ්පාදන ක්‍රියාවලියක් වන මේ තුලින් කාබන් විමෝචනය වසරක දී ටොන් 760000 කින් අඩු කරගන්න හැකිවන බව ගණන් බලා තිබෙනවා. තවත් මෙවැනි පරිසර හිතකාමී පිරිවැය අඩු විදුලි උත්පාදන ක්‍රමයක් වන වායු බලයෙන් ද විදුලිය නිපදවීමට කටයුතු ආරම්භ කර ඇති මොරොක්කෝව මෙම බලශක්ති දෙකම එක් කර 2020 වසරේ දී මෙගා වෝට් 2000ක බලයක් විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය තුලින් පරිසර හිතකාමීව බලශක්තිය නිපදවිම පිළිබඳ ලෝකයේ අනෙක් රටවලට ඉතා හොඳ ආදර්ශක් ලබා දෙන බව බොහෝ දෙනා පවසනවා.
Related articles
4 years 3 months ago
2,366 reads
4 years 4 months ago
1,193 reads
4 years 3 months ago
2,612 reads
4 years 2 months ago
5,350 reads
3 years 7 months ago
1,273 reads
4 years 2 months ago
2,970 reads