ලොවක් සසල කල ඡායාරූපයේ ඇත්ත කතාව

ඔබ මෙම ඡායාරූපයේ දකින්නේ රතු කමිසයකින් හා දණහිස දක්වා දිගු කොට කලිසමකින් සැරසී මුහුදු වෙරළේ වැතිර සිටින කුඩා දරුවෙකි. ඔහු කලු පැහැති පාවහන් යුගලයක් පැළ‍්ද ඇත. මුහුදු වෙරළේ වැතිරී ඔහු කරන්නේ කුමක්ද?


ඔහු මියගොස් ඇත. තුර්කි ආරක්ෂකයන් හදුනාගත් ආකාරයට මෙම දරුවා වයස අවුරුදු 3ක් වන සිරියාවේ Aylan Kurdi. මිනිසුන් 23ක් රැගෙන ISIS සටන්කාමීන්ගේ ක්‍රියාවන් ඉවසාගත නොහැකිව තුර්කි දේශසීමාවෙන් පලායන සරණාගත වැසියන් රැගත් බෝට්ටු දෙකකින් එකක මෙම දරුවා සිටින්නට ඇත. මොවුන්ගේ ගමනාන්තය වූයේ ග්‍රීසියට අයත් Kos දූපතයි. ගමන අතර තුර මහ සයුරේ පෙරළී ගිය බෝට්ටුවේ සිටි මෙම දරුවාගේ මළ සිරුර වෙරළට ගොඩ ගසා ඇත. පසුව හදුනාගත් පරිදි ඔහුගේ මව හා සොයුරන් දෙදෙනාටද එම ඉරණම අත්වී ඇත. දිවි බේරාගෙන ඇත්තේ පියා පමණි. 
කෙසේ වුවද රොයිටර් මාධ්‍ය වේදියෙකුගේ කැමරාවට හසුවූ මෙම ඡායාරූපය අන්තර්ජාලය පුරා පැතිර ගියේ ඉතා වේගයෙනි. ISIS සටන්කාමීන්ගේ ක්‍රියා හේතුවෙන් අසරණ වන සිරියානු ජනතාව වෙත ලෝක ජනතාවගේ ඇස් තව තවත් යොමු කිරීමට මෙම සංවේදී ඡායාරූපයට හැකි විය. 



Related articles

 

© 2015 srilife.lk