සියවස් තුනක් ජීවත් වූ ලෝව වයස්ගතම පුද්ගලයා හෙළිකල දිගුකල් ජීවත් වීමේ රහස

නොවැම්බර් මාසයේ 29 වෙනිදා 117 වෙනි උපන් දිනය සැමරූ Emma Morano අත්තම්මා තමයි ලෝකෙ දැනට ජීවත් වෙලා ඉන්න මිනිසුන් අතරින් වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අත්තම්මගේ තවත් විශේෂම දෙයක් තිබෙනවා. ඒ තමයි 1800 වර්ෂයක උපත ලබා තවමත් ජීවත් වන ලෝකයේ අවසාන පුද්ගලයා විම.

 

 

Emma අත්තම්මා ඉපදිලා තියෙන්නේ 1899 අවුරුද්දේ ඉතාලියේ Vercelli නම් ප්‍රදේශයේ. මේ අත්තම්මට අවුරුදු 15 දී තමයි පළමුවන ලෝක යුද්ධය පටන් අරගෙන තිබෙන්නේ. ඒවගේම අත්තම්මට අවුරුදු 28 ක් විතර වෙන කාලේ තමයි මුලින්ම රූපවාහිනියක් නිපදවලා තියෙන්නේ.  Emma අත්තම්මා මේ වනවිටත් 19 වෙනි සියවසේ උපන්, ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතටත් එක්වී හමාරයි.

 

 

ඇයගෙන් මේ විදහට දීර්ඝායුෂ ලැබීමේ රහස කුමක් දැයි ඇහුවම ඇය ප්‍රකාශකර තිබුණේ “මම දවසකට බිත්තර දෙකක් ආහාරයට ගන්නවා. ඒ වගේම කුකීස්. ඒත් කුකීස් නම් වැඩිපුර කන්නේ නෑ. මෙකද මට දත් නෑනේ“ යනුවෙනුයි.

 

ඇයට අවුරුදු 20 දී ඇති වූ රෝගයක් නිසා, අමු බිත්තර දෙකක් හා තැම්බූ බිත්තරයක් දිනපතා ආහාරයට ගන්න කියලා වෛද්‍යවරයෙක් උපදෙස් දීල තියනවා. ඉතිං මේ අත්තම්මත් අවුරුදු 97 තිස්සේම දවසට අමු බිත්තර 2ක් ආහාරයට ගන්න පුරුද්ද දිගටම සිදුකරගෙන ඇවිත් තියනවා.

Related articles

 

© 2015 srilife.lk