ලෝකයේ ලස්සනම මුදල් නෝට්ටු 19 අතරට එක්වූ අපේ රටේ 10 නෝට්ටුව

ලෝකයේ විවිධ රටවල භාවිතා වු මුදල් නෝට්ටු අතරින් වඩාත්ම අලංකාර මුදල් නොට්ටු 19ක්, සුප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන Daily mail විසින් නම් කර තිබෙනවා. ඔවුන් මෙම මුදල් නෝට්ටු තෝරාගැනීමේ දී ඒවායේ වර්ණවත් බව පිළිබඳව වඩාත් සැලකිලිමත් වී ඇති අතර එම මුදල් නෝට්ටු සියල්ලේම පාහේ නිරූපනය කර තිබෙන්නේ  ස්වභාව ධර්මයට අදාල හෝ ඒ ඒ රටවල කැපී පෙනුනු නායකයන්ට අදාල රූප සටහන්ය. ලෝකයේ මෙතෙක් භාවිත වූ අලංකාරම මුදල් නෝට්ටු 19 අතරට 1979 දී නිකුත් කළ ශ්‍රී ලංකා මුදල් නෝට්ටුවක් ද නම් කර තිබීම ශ්‍රී ලාංකික අප සියළු දෙනාමට අඩම්බරයක් ගෙන දෙන කරුණක්.

පහත දැක්වෙන්නේ Daily mail නම් ලෝකයේ මෙතෙක් භාවිතා වූ අලංකාරම මුදල් නෝට්ටු 19යි.

කොස්ටරීකා රාජ්‍ය නිකුත් කළ මේ මුදල් නෝට්ටු 1991 දී භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.


ප්‍රංශ යටත් විජිතයක් වු දකුණු මුහුදේ හවායි දූපත් ආසන්නයේ පිහිටි පොලිනීසියාවේ භාවිතා වූ මුදල් නෝට්ටුවක්


කෝපි නෙලන කාන්තාවක් නිරූපනය වන මේ මුදල් නෝට්ටුව උගන්ඩාවට අයත්ය.


විශාල රාජාලියෙක් නිරූපනය වන මේ මුදල් නෝට්ටුව සැම්බියානු රජය නිකුත් කල එකකි.


හොන් කොන් ඩොල්ර් 50 නෝට්ටුවක් වන මෙහි ප්‍රතාපවත් කේශර සිංහ රුවක් නිරූපනය වේ


1979 දී ශ්‍රී ලංකාව නිකුත් කල මෙම රුපියල් 10 නෝට්ටුවේ නිරූපනය වන්නේ  අළු කෑදැත්තෙකි.


1932 ඉතියෝපියාව නිකුත් කර ඇති සිංහයන් නිරූපයනය වන මුදල් නෝට්ටුව


නවසීලන්තයේ නවතම ඩොලර් 10 මුදල් නෝට්ටුවක් වන මෙය නව ආරක්ෂක අංග සහිතව ත්‍රිමාණ නෝට්ටුවක් ලෙස මුද්‍රණය කර තිබෙනවා


1990 -1999 කාලයේ භාවිතා වූ මොන්ගෝලියානු මුදල් නෝට්ටුවකි.


 ව්‍යාඝ්‍රයා, මීහරකා, සිංහයා, අලියා සහ රයිනෝ වර්ණවත් ලෙස නිරූපනය කර ඇති මෙම මුදල් නෝට්ටු කාණ්ඩය දකුණු අප්‍රිකාව විසන් නිකුත් කරන ලද්දක්


ටූටන්කාමන් රජුගේ රුව නිරූපනය කර ඇති මෙය 1945 ඊජිප්තුව විසින් නිකුත් කර ඇත.


1980 දී පැපුවා නිව්ගිනියාව විසින් නිකුත් කරන ලද මෙහි දැක්වෙන්නේ තටු විහිදා ගත් පරාදිසයේ කුරුල්ලාගේ රුවකි


අයිස්ලන්ත නිදහස් ව්‍යාපාරයේ නායකයෙක් වූ Jon Sigurosson ගේ රුව ඇතුලත් එරට නෝට්ටුවකි


දකුණු ඇමරිකාවේ සුරිනාමි රාජ්‍යය නිකුත් කල මුදල් නෝට්ටුවකි


1950 දී නිකුත් කල මෙම රුමේනියානු නෝට්ටුවේ නාවික දර්ශනයක් නිරූපනය වේ


රියාල් 20000ක නෝට්ටුවක් වන මෙය ඉරානයේ ෂියා මුස්ලිම් නායකයෙකුගේ රුවක් නිරූපනය වේ.


මැලේසියානු ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රධානියෙකු වූ Abdul Rahman ගේ රුව ඇතුලත් මැලේසියානු නෝට්ටුවකි.


එක්සත් අරාබි එමීර් රාජ්‍ය භාවිත කල මෙම මුදල් නෝට්ටුව සදු පැහැය මනාව භාවිතා කර ඇත.


ෆිජියන් රජ්‍යෙය් භාවිතා වන මෙම මුදල් නෝට්ටුවේ එංගලන්ත මහ රැජිනගේ රුව දැක්වෙයි. 1980 දී මෙය මුල්වරට නිකුත් කර තිබෙන අරත 2013 දී රැජිනගේ රුව ඉවත් කර ඇත.

Related articles

 

© 2015 srilife.lk