සුනාමිය එන බව කල්තියා කියූ තාරකා විද්‍යාඥයා ‘සුපිරි සඳ‘ ගැන කියූ අනාවැකිය

වසර 68කට පසු, පෘථිවියට ඉතා සමීපව දිස් වූ ‘සුපිරි සඳ‘ පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා දැඩි අවධානයක් යොමු කළා. පෘථිවිය හා චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර් 384,000 පමණ වුවත් පසුගිය 14 වැනිදා පෘථිවියට කිලෝමීටර් 356 000 දුරින් සඳ දිස්වී තිබුණා.

සුපිරි සඳ පෘථිවියට දිස් වීමත් සමඟ විවිධ රටවල තාරකා ශාස්ත්‍රඥයින්,  පෘථිවියට මින් ඇතිවිය හැකි බලපෑම පිළිබඳ විවිධ අනාවැකි පළකර තිබුණා. මේ අතර තායිලන්ත තාරකා ශාස්ත්‍රඥයෙක් වන Soraja Nuan-yoo ගේ අනාවැකිය පිළිබඳ විදේශ මාධ්‍ය පාවා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා.  2004 වර්ෂයේ ආසියානු කලාපයේ ඇති වූ සුනාමි තත්වය පිළිබඳව කල්තියා නිවැරදි අනාවැකි පළ කිරීමට ඔහු සමත් වී තිබීම මෙයට හේතු වී තිබෙනවා.

Soraja Nuan-yoo ගේ අනාවැකියට අනුව සුපිරි සඳ දිස්වීම පෘථිවි වාසීන්ට එතරම් සුභ ඵල ගෙන දෙන්නක් නොවන අතර මේ නිසා ස්වභාවික විපත් බහුලව සිදුවිය හැකි බවට ඔහු අනාවැකි පළකර තිබෙනවා.

සුපිරි සඳ ගැන ඔහු එම අනාවැකිය පැවසීමත් සමඟ, පසුගිය සතියක පමණ කාලය තුල ලොව පුරා රටවල් කිහිපයකම භූකම්පන සහ සුලි කුණාටු ඇතිවීම් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කලා. මුලින්ම නවසීලන්තයේ ඉතා ප්‍රභල භූකම්පනයක් වාර්තා වූ අතර ඉන්පසු ජපානය, ඉන්දියාව සහ ආජන්ටිනාව වැනි රටවලද භූකම්පන කිහිපයක් වාර්තා වුණා. මේ අතර කැරිබියන් දූපත් ආශ්‍රිතව වර්ධනය වූ otto නම් සුළි කුණාටුව Costa Rica රාජ්‍ය දෙසට පැතිරෙමින් තිබෙන බවටත් මාධ්‍ය වාර්තා නිකුත් වුණා.

සුපිරි සඳ දර්ශනය වී ඉතා සුළු කාලයක් තුල ස්වභාවික විපත් රැසක් ලෙවපුරා වර්තා වීමත් සමඟ Soraja Nuan-yoo ගේ මෙම අනාවැකියේ යම් සත්‍යතාවයක් ඇති බව දැනටමත් තහවුරු වෙමින් තිබෙනවා. 

 

Related articles

 

© 2015 srilife.lk