Pirates of the Caribbean Dead Men Tell No Tales

චිත්‍රපට ලෝලීන් පුන පුනා බලා සිටි Pirates of the Caribbean අළුත්ම චිත්‍රපටය

Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ 5 වන නිර්මාණය Dead Men Tell No Tales චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් ඔක්තෝබර් මාසයේ දී අන්තර්ජාලය වෙත නිකුත් වුණා. ඩිස්නි සමාගමේ නිර්මාණයක් වන මෙහි කැප්ටන් ජැක්ගේ චරිතය සඳහා සුපුරුදු පරිදි Johnny Depp රංගනයෙන් දායක වන අතර Javier Bardem, Orlando Bloom, Kaya Scodelario, සහ Geoffrey Rush යන නළු නිලියන් රංගනයෙන් දායකවනවා.  2017 මැයි 27 වැනිදා ලොවපුරා තිරගත වීමට නියමිත Pirates of the Caribbean නවතම චිත්‍රපටය 2017 වසරේ අතිශය සාර්ථක චිත්‍රපට අතරට එක්වනු ඇති බව විචාරකයින් පවසනවා.

 

Pirates of the Caribbean: Dead Men Tell No Tales Official Teaser Trailer #1 (2017) Movie HD

© 2015 srilife.lk